විදේශිකයන්ට මුදල් සියරට යැවීම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

Published in පුවත්
Friday, 02 July 2021 11:25

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ට සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් සියරට යැවීම සීමා කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ඇති වත්කමකින්, මුදල් ත්‍යාග ලෙස විගාමිකයෙකු ලද අරමුදල්වලින් සංක්‍රමණික දීමනාව යටතේ එවන අරමුදල් ආපසු සියරට යැවීම අත්හිටුවා තිබේ.

එම නිවේදනය පෙන්වා දෙන පරිදි විගාමිකයින්ගේ අරමුදල් ආපසු සියරට යැවීම අමෙරිකානු ඩොලර් 10,000ක් හෝ ඒ සමාන ප්‍රමාණයක් දක්වා සීමා කර ඇති අතර පොදු අවසරය යටතේ විගාමිකයින් සඳහා සුදුසුකම් ලත් සංක්‍රමණික දීමනාව අදාළ කාලය තුළ අමෙරිකානු ඩොලර් 30,000 හෝ ඒ සමාන උපරිමයක් දක්වා සීමා කර ඇති බව ද සඳහන්ය.

විගාමිකයින් අර්ථ සාධක අර්මුදල්, විශ්‍රාම වැටුප් හෝ එවැනි ප්‍රතිලාභ ආපසු සියරට යැවීම අමෙරිකානු ඩොලර් 30,000ක් හෝ ඒ හා සමාන උපරිමයකට යටත් කිරීමට අදාළ ගැසට් නිවේදනයෙන් පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවෙන් පිටත වෙනත් රටක නේවාසික හෝ තාවකාලික නේවාසික වීසා ලබා ගෙන ඇති ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ප්‍රතිමුඛ ප්‍රේෂණ හෝ විදේශ විනිමය නිකුත් කිරීම අමෙරිකානු ඩොලර් 20,000ක උපරිමයක් දක්වා ද සීමාකර ඇති බව සඳහන් වේ.

අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ එම අතිවිශේෂ ගැසට් නිවේදනය මෙසේය ,

gaset 1gaset 2

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us