බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි...

Published in පුවත්
Thursday, 08 July 2021 10:17

බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

අමාත්‍යාංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී, ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, බැසිල්රාජපක්ෂ මහතාගේ නම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ
කොමිසමට ලිඛිතව දැනුම් දෙනු ලැබිණ.
ඒ අනුව මැතිවරණ කොමිසම ඊයේ (07), බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගත් බව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේය.

2007 වසරේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියේය. අනතුරුව 2010 වසරේ පැවති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස්පක්ෂයෙන් තරග වැද පාර්ලිමේන්තුවට පිවිසි බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය
හෙබවීය. කොවිඩ් වසංගතය හමුවේ රජය ගෙන යන ක්‍රියාකාරකම් රැසකට මූලිකත්වය දුන් බැසිල්රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන කමිටුවේ සාමාජිකයෙකු ලෙස විශාල මෙහෙවරක් ඉටු කළේය. “ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සහ “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ”
ප්‍රධානී ලෙස ද බැසිල් මහතා කටයුතු කරයි.
අමාත්‍ය නාමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත්වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, පුෂ්පා රාජපක්ෂ යන මහත්ම මහත්මීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

-පංචාලි අබේසේකර

207086818 886031078923227 8540055448369605441 n

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us