ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සියලු රටවලට රතු නිවේදනයක් !

Published in පුවත්
Thursday, 08 July 2021 10:02

කොරෝනා වයිරසය ආශ්‍රිත දරුණු අවදානම තවමත් පහවී නොමැති බැවින් සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම රටවලට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ සාමාන්‍ය පරිදි කටයුතු කිරීම ආම්භ කිරීම සඳහා තවමත් වේලාසන වැඩි බවයි. පසුගිය සඳුදා පැවැති මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියකු වන මයික් රයන් පැවසුවේ අලුත්ම කොවිඩ් රැල්ලක් මතුවී ව්‍යාප්තවීමට පටන්ගෙන ඇති බවය. සැබෑ වසංගතය තවමත් ආරම්භ වී නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ වනවිට ඇමරිකානු කලාපයේ රටවලින් පමණක් සතියකට මිලියන ගණනක් කොරෝනා ආසාදිතයන් හඳුනාගනු ලබයි. යුරෝපය තුළ පවතින තත්ත්වයද ඊට ආසන්නය.

එම කලාපයෙන් සතියකට ලක්ෂ පහක පමණ කොරෝනා රෝගීන් වාර්තා වෙයි. ඉන් පෙනී යන්නේ රෝගය තවමත් අවසන්වී නොමැති බව යැයිද මයික් රයන්ගේ ප්‍රකාශයේ දැක්වේ. පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපය භාර අධ්‍යක්ෂ වෛද්‍ය මට්ෂිඩ්ෂෝ මොයට් පැවසුවේ ඉතිහාසයේ කිසිදාක වාර්තා වී නොමැති තරම් අප්‍රිකානු මහද්වීපය තුළ කොවිඩ් -19 තුන්වන රැල්ල දරුණු වී ඇති බවය. ඒ අනුව සෑම සති තුනකට වරක්ම ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණ වන බවය. රුසියාවේද කොරෝනා ව්‍යාප්තිය උග්‍ර වෙමින් පවතී. පෙරේදා එහි දෛනික මරණ සංඛ්‍යාවේ ඉහළම අගයක් වූ 737ක් විය. ජුනි මුලදී ඉන් හඳුනා ගැනුණු දෛනික ආසාදිතයන් ගණන මේ සතියේදී 23,000ක තරම් ඉහළ අගයක් ගත්තේය.

දැනට ශීඝ්‍ර ව්‍යාප්තියක් හා ඉහළම මරණ තත්ත්වයකින් යුත් ඩෙල්ටා ප්‍රභේදය මුල් වරට හඳුනාගනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවෙනි. මේ වනවිට එය ලෝකයේ රටවල් 100ක් පමණ සිය ග්‍රහණයට ගෙන තිබේ. මෑත කාලයේදී බ්‍රිතාන්‍යයේ ආසාදිතයන් 90%ක් හා එක්සත් ජනපදයේ ආසාදිතයන් 80%කටම හේතුවී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයයි. එසේම භාවිතයේ පවතින කොරෝනා එන්නත් ගණනාවකටම එය ප්‍රතිරෝධීතාවක් දක්වන බවද රසායනාගාර පරීක්ෂණවලින් හෙළි වී ඇත. කෙසේ නමුත් ලබන 19 වැනි දින සිට රට විවෘත කිරීමට බ්‍රිතාන්‍ය සැලසුම් කර තිබේ. එමෙන්ම ජර්මනිය, එක්සත් රාජධානිය ඇතුළුව කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්ව සිටින රටවල් කිහිපයකට පැනවූ සංචාරක තහනම ඊයේ (7 වැනිදා) සිට ඉවත් කර තිබේ. එයට අනුව පෘතුගාලය, රුසියාව, එංගලන්තය, ඉන්දියාව සහ නේපාලය යන රටවල ජනතාවට නැවතත් ජර්මනියට පැමිණීමට හැකියාව ලැබෙනු ඇත.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us