එම හේතුවෙන් කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්රාසෙනෙක දෙවන එන්නත වෙනුවට යුද හමුදාව විසින් ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටුවා තිබේන බව වාර්තා වෙනවා.
මේ අතර කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදීනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අද (08) දින එන්නත් ලබාගැනීමට එන ලෙසට දැනුම්දෙමින් කෙටි පණිවුඩ ලැබුණ පුද්ගලයින් ට ඒ සඳහා නොපැමිණෙන ලෙසයි.
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වසය අවුරුදු 55 ත් 69 ත් අතර පුද්ගලයින් සඳහා ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලබාදීම ඊයේ (07) සිට ආරම්භ කෙරිණි.
-පංචාලි අබේසේකර