මාධ්‍ය මර්ධනයට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නැහැ - බන්දුල

Published in පුවත්
Wednesday, 07 July 2021 19:34

ජනාධිපතිතුමා, ප්‍රමුඛ රජය මාධ්‍ය මර්ධනයට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කර ඇත.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක් පෞද්ගලික රූපවාහිනී නාළිකාවකට එරෙහිව රජය විසින් කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.
අපක්ෂපාතී මාධ්‍ය වාර්තාකරණය කළ රිචඩ්ද සොයිසා වැනි මාධ්‍යවේදින්ට අද වන තුරුත් සිදු වූ දෙයක් නොමැති බව පෙන්වාදුන් වෙළෙඳ අමාත්‍යවරයා, වත්මන් රජය කිසිදු මාධ්‍ය ආයතනයක් මර්ධනය සඳහා කටයුතු කරන්නේ නැති බව සඳහන් කළේය.

රජය, මාධ්‍ය නිදහසට ගරු කරන බවත් ප්‍රබුද්ධ මාධ්‍ය කලාවක් උදෙසා රජය සෑම අවස්ථාවකම ඉඩ ප්‍රස්ථා ලබා දෙන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, කඩා වැටුණු ආර්ථිකයක් නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කරන ජනාධිපතිවරයාට එරෙහිව දිනපතාම කරන මෙවැනි ප්‍රකාශ, හෙළා දකින බව පැවසීය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us