ශ්‍රී ලංකන් එයාර් පසුගිය වසරේ අලාභය පමණක් රු බිලියන 45 ක් !

Published in පුවත්
Wednesday, 07 July 2021 19:12

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට අදාළ පූර්ණ ව්‍යාපාරික සැලැස්මක් සකසා මාසයක් ඇතුළත් කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා,එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාට ඊයේ (06) දැනුම් දුන්නේය.

එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍යාංශ මට්ටමින්ද වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස කාරක සභාව ,සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කළේය. විශේෂඥ කමිටුවක් පත්කර පුළුල් අධ්‍යයනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසද කාරක සභාව නිර්දේශ කළේය.
සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට, එය නැවත රජයට පවරා ගැනීමේ දින සිට සමුච්චිත අලාභය රුපියල් මිලියන 372,015 ක් බව කෝප් කාරක සභාවේදී අණාවරණය විය.

2020/21වර්ෂයේ බදුවලට පසු එම සමාගමේ මුළු අලාභය රුපියල් මිලියන 45,674 ක් බවත්, මෙහෙයුම් අලාභය ද වැඩි වී තිබෙන බවත් බව කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

ඊට කොවිඩ් 19 වසංගතයේ බලපෑම මෙන්ම, ගුවන් යානා ඉන්ධන පිරිවැය , ගුවන් යානා මෙහෙයුම් කල්බදු පිරිවැය සහ අනෙකුත් මෙහෙයුම් කල්බදු පිරිවැය සහ අනෙකුත් මෙහෙයුම් වල වියදම්වල ඉහළ යාම බලපා තිබේ.

සමාගමේ අහිතකර ප්‍රාග්ධන තත්ත්වය 2021මාර්තු 31 දිනවන විට බරපතල තත්ත්වයකට පත්ව තිබෙන බවත්, එහෙයින් භාණ්ඩාගාරයේ සහයක් නොමැතිව සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයකට මුහුණ දී සිටින බවත් කාරක සභාව නිරීක්ෂණය කළේය.

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබූ අතර, ඊට කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්‍රාල්, ඩී.වී චානක ,ඉන්දික අනුරුද්ධ යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, එස්.එම් මරික්කාර්, ජගත් පුෂ්පකුමාර, ජයන්ත සමරවීර, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරු සභභාගී වූහ.

2020 වසරේදී භාණ්ඩාගාරය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක අතිරේක ප්‍රාග්ධන යෙදවීමක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබූ අතර , ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 240 ක මුදලක් මේ වනවිටත් සමාගම වෙත නිකුත් කර ඇති බව කාරක සභාවේ නිරීක්ෂණය විය. එම මුදල් භාවිත කර ඇති ආකාරය සම්බන්ධව ද කාරක සභාව විශේෂ අවධානයක් යොමු කළේය.

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියෙකු රුපියල් මිලියන 3.1 ක මාසික වැටුපක්ද , ගුවන් නියමුවන් 82 දෙනෙකු රුපියල් මිලියන 02 කට වැඩි මාසික වැටුපක් ද , තවත් ගුවන් නියමුවන් 142 දෙනෙකු, ගුවන් යානා ඉංජිනේරුවන් 12 දෙනෙකු, ඉංජිනේරු අංශයේ කළමණාකරුවන් 09 දෙනෙකු හා ඉහළ කළමණාකරණයේ නිලධාරින් 03 දෙනෙකු රුපියල් මිලියනයත්, මිලියන 02 අතර මාසික වැටුපක් ලබන බවද කාරක සභාවේ නිරීක්ෂණයට ලක්විය.

මෙම සේවය ජාතික ගුවන් සේවයක් ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවද කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ දෛනික පාඩුව රුපියල් මිලියන 84 ක් බව කාරක සභාවේදී හෙළි වූ අතර, එතරම් ජාතික ධනයක් වැය කරන මෙම සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ක්‍රමවත් සැලැස්මක් අවශ්‍ය බවද කාරක සභාව පෙන්වා දුන්නේය.

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම 2019/20 හා 2020/21 වසරවලදී එහි පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 66.9 ක් අඩු කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාරක සභාව එම සමාගම ප්‍රශංසාවට ලක් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us