කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා - අගමැති

Published in පුවත්
Wednesday, 07 July 2021 11:47

කොවිඩ් නිසා හැම දේ ම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවනු ඇති බවඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

රුපියල් මිලියන 445ක් සහ රුපියල් මිලියන 127ක් වැය කරමින් ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව සහ පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික උමං මාර්ගය විවෘත කරමින්, රුපියල් මිලියන 4999ක වියදමෙන් කොටුව ලෝටස් මාර්ගයේ මහල් 17කින් යුතුව ඉදිකෙරෙන “සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයේ” වැඩ ආරම්භ කරමින් පසුගියදා අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයා මේ බව පවසා ඇත.

කපුදූව අන්තර් හුවමාරුව මාස 5ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ඉදිකර අවසන් කිරීම විශේෂත්වයක් වන අතර පේරාදෙණිය පදික උමං මාර්ගය ඉදිකිරීමට ගත වූ කාලය මාස 12කි. අද වැඩ ආරම්භ කළ සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය මාස 24ක් තුළ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

මෙහි දී අගමැතිවරයා කළ කතාවෙන් කොටසක් මෙසේය,

''අපි රටක දියුණුව ගැන කතා කරන විට ඒ රටේ යටිතල පහසුකම් සහ මාර්ග පද්ධතිය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. අපි මානව සංවර්ධනයෙන් පොහොසත් වෙනවා වගේ ම ඊට සමගාමීව භෞතික සංවර්ධනයෙන් ඉදිරියට යන්න ඕන.
ඒ වගේමයි දේශීය නිෂ්පාදන ආර්ථිකය සවිබල ගන්වන්න නම් අනිවාර්යෙන් ම රටේ මාර්ග පද්ධතිය දියුණු කළ යුතුයි. අධිවේගී මාර්ග පද්ධතියේ පහසුව විඳින ජනතාව මේ බව හොඳින් ම දන්නවා. එදා දුෂ්කරයි කියලා අතහැරලා තිබුණු ගම්මාන කීයක් නම් මේ අධිවේගී මාර්ග පද්ධතිය සමඟ දියුණු වුණා ද? ඒ ජනතාවට අද රෝහලකට යන්නෙ, තමන්ගෙ ගොවිතැන් බෝග අලෙවි කරගන්නෙ, නගරය හා සම්බන්ධ වෙන්නෙ මේ අධිවේගී මාර්ග හරහා.
ඒ විතරක් නෙමෙයි පරම්පරා ගණනාවක් නොදුටු දියුණුව ගමට විවෘත කරන ප්‍රවේශයක් විධියටත් ජනතාව මේ අධිවේගී මාර්ග පද්ධතිය දකිනවා.

අද මේ ජනතා අයිතියට පත්වන දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව එදා මුලින් කරපු සැලසුමේ තිබුණෙ නැහැ. දිගින් දිගට ම ඒ ප්‍රදේශයේ ජනතාව අන්තර් හුවමාරුවක් ඉල්ලමින් කරන පෙරැත්ත මාස කිහිපයකට කලින් ජොන්ස්ටන් ඇමතිතුමත්, ලාන්සා ඇමතිතුමත් මට ඇවිල්ලා කිව්වා.
ඒ නිසා මේ ගැන හොයල බල ලා ඒ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාව ඉටු කරන්න කියලා අපි දැනුම් දුන්නා. කිසිදු දේපල අත්පත්කර ගැනීමක් නොමැතිව අද ඒ ජනතාවගේ බලාපොරොත්තුව මාස පහක් වගේ ඉතා කෙටි කාලයක් තුළ ඉටුකරන්න හැකි වීම ගැන අපි සංතෝෂ වෙනවා.

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබා දීම රජය සතු වගකීමක් කියලයි අපි විශ්වාස කරන්නෙ. අධිවේගී මාර්ග පමණක් නෙමෙයි මේ රටේ අනෙකුත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට අපි මාර්ග ලක්ෂයේ වැඩපිළිවෙළ ආරම්භ කළා. අදටත් එය අඛණ්ඩව ක්‍රියාත්මකයි.
පසුගියදා අපි කොළඹ නගරයේ අධික රථවාහන තදබදයට විසඳුමක් දෙන කුලුනු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකරන්නත් මුලපිරුවා. දැන් ඒ මාර්ගයේ වැඩකටයුතු ආරම්භ වෙලයි තියෙන්නේ. ඒ එක්කම කොළඹ අධික වාහන තදබදය ඇති වන ස්ථාන හඳුනගෙන ඒ තැන්වලට ගුවන් පාලම් ඉදිකරන්නත් අපි ආරම්භයක් ගත්තා.

කොළඹ විතරක් නෙමෙයි, මහනුවරත් රථවාහන තදබදය ඉතාම වැඩියි. අපි ඊට විසඳුම් දෙන්න ව්‍යාපෘති කිහිපයක් ම ආරම්භ කළා. පසුගියදා ගැටඹේ මංසන්දියට අපි ගුවන් පාලමක් දුන්නා.
ඒ ගුවන් පාලම විතරක් හදල පේරාදෙණියේ වාහන තදබදයට විසඳුමක් දෙන්න බැරි නිසා චීන එක්සිම් බැංකු ආධාරයක් මත පේරාදෙණිය රෝහල ඉදිරිපිටට අපි පදික උමං මාර්ගයක් හදන්න අපේ ඇමතිතුමා කටයුතු කළා.
නිතර වාහන තදබදයක් තිබුණු මේ ස්ථානය හරහා යන පදිකයන්ට දැන් ආරක්ෂාකාරීව ගමන් කරන්න හැකියාව උදාවෙනවා.
ඒ විතරක් නෙමෙයි පේරාදෙණිය රෝහලට, ගැටඹේ රජ මහා විහාරයට, දහම් පාසලට, විශ්වවිද්‍යාලයට, බැංකුවට හෝ ඒ අසල පිහිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට යන පුද්ගලයන්ට මේ උමං මාර්ගය ඉතා ම ප්‍රයෝජනයක් පහසුවක් වෙලා තියෙනවා.

අපි මේ සංවර්ධන වැඩ කරන කොට විරුද්ධ පක්ෂයේ ඇතැම් උදවිය ඒවා විවේචනය කරනවා. සමහරු කියනවා කොවිඩ් ඉවර වෙනකම් ඉන්නලු වැඩ කරන්න. පාරවල් හදන්න එපාලු. මෙහෙම කියන ඒවා අවංකව කරන යෝජනා ද නැද්ද කියලා මේ රටේ බුද්ධිමත් ජනතාව ඔබ හොඳින් දන්නවා.

කොව්ඩි වසංගතය පාලන කරන්න අපි මේ වෙන කොට රුපියල් බිලියන 262ක් වැය කරල තියෙනවා. අපි සියලු ක්‍රියාමාර්ග ගන්නෙ මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න. ඔවුන්ගේ ජීවිතවල වටිනාකම දන්න නිසා අපි එන්නත්කරණය අඛණ්ඩව සිදුකරනවා. ඒක අපි නතර කරන්නේ නැහැ.
කොවිඩ් නිසා හැම දේ ම නෑ, බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා. අපි අපේ ජනතාව රැකබලා ගන්නවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඔබෙනුත් අපට අවශ්‍යයයි. වසංගතයෙන් ආරක්ෂා වෙන ගමන් ඔබේ ශක්තිය රට වෙනුවෙන් නොපිරිහෙලා ලබා දෙන ලෙස අප ඔබෙන් ඉල්ලනවා. අපට එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ'' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us