ජනපති විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි !

Published in පුවත්
Thursday, 08 July 2021 11:44

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත්කර තිබේනවා.

අදාළ ගැසට් පත්‍රය පරිදි මුදල්, නගර සංවර්ධන හා නිවාස, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇතුළු අග්‍රාමාත්‍යවරයා යටතේ තිබුණු අමාත්‍යංශ අතරින් මුදල් අමාත්‍යංශය වෙනම අමත්‍යංශයක් ලෙස අදාළ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ගැසට් නිවේදනය මගින් ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් ස්ථාපනය කර ඇත.

ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව, මහජන උපයෝගිතා කොමිසම ඇතුළු ආයතන 10 ක් ඊට ඇතුළත් කර තිබේ.

වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයක් අලුතින් ස්ථාපනය කර ඇති අතර මීට පෙර නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශය යටතේ තිබූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ද ඊට ඇතුළත් කර තිබේ.

අලුත් ගැසට් නිවේදනය මගින් කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු , පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදනය හා උසස් තාක්ෂණ කෘෂිකර්ම නමින් නව රාජ්‍ය ආමාත්‍යාංශයක් ද ස්ථාපනය කර තිබේ. ජාතික පොහොර ලේකම් කාර්යාලය හා රජයේ පොහොර සමාගම් ඇතුළු ආයතන 7 ක් නව රාජ්‍ය ආමාත්‍යාංශයට ඇතුළත් කර තිබේ.

 



-පංචාලි අබේසේකර

Last modified on Thursday, 08 July 2021 12:38

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us