subash
රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වාගැනීමට අවශ්‍ය බලය යොදාගැනීමට යුද හමුදා සාමාජිකයින්ට බලතල
අරගලය ජය ගත හැකිය. එහෙත් තවත් වළපල්ලට යෑම වැලැක්විය නොහැක.
ගාලු මුවදොර අරගලයේ මූලික ( මුල් අවස්ථාවේ එකම) ඉල්ලීම වූයේ ජනාධිපති ගෝඨාභය තනතුරෙන් ඉල්ල අස්විය යුතු බවය. රට මුහුණ පා තිබෙන සකල විධ අර්බුදයන්ට හේතුව වූයේ ජනාධිපතිවරයා ලෙස ගෝඨභය ගත් තීන්දු තීරණ වල මුග්ධ භාවයය. ඒ සඳහා ඔහුට උපදෙස් දුන්නේ ඔහුව පෙළඹ වූයේ කවරෙක් නමුත් වගකිව යුත්තා ඔහුය. අර්බුදය හැදුවේ මම නොවේය කියමින් එම වගකීමෙන් ගැලවීමට ඔහු නොමේරු උත්සාහයක් ගත්තද ඒ කිසිසේත්ම පිළිගත නොහැක.
ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය බලය තලෙයිබාන් ත්‍රස්ථ සංවිධානය පළමු වර අත්පත් කර ගත් කාලයේ ලෝක උරුමයක්ව පැවැති බාමියන් බුදු පිළිම ඇතුළු පුරා විද්‍යාත්මක වටිනාකම් වලින් යුතු බොහෝ දේ විනාශ කරනු ලැබීය. මේ විනාශය ගැන ලොවම කම්පාකරවනු ලැබීය.
චීනය,ඉන්දියාව සහ ජපානය සමඟ ශ්‍රී ලංකාව පැවැත්වීමට අපේක්ෂා කරන යෝජිත විදේශ ආධාර සමුළුවට ඉන්දියාව සහභාගී වන බව සහතික කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව නිව්ස් 18 ඉන්දීය පුවත් සේවය සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ බතික් ප්‍රවර්ධනය සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්.ආර්. හසන් මැතිතුමා විසින් “ශ්‍රී ලාංකීය බතික් ඇගළුම්වල සුන්දරත්වය ගවේෂණය” නමින් ශ්‍රී ලාංකීය බතික් කරමාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පසු ගියදා තානාපති නිල නිවාස පරිශ්‍රයේ දී පැවැත්වීය.
ගෝඨාභය අසාර්ථක නායකයෙක්ය කියමින් ජවිපෙ ගෝඨාභය ජනාධිපති ලෙස පත්වන්නට පෙර සිටම ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාරයේ අවසානයට දැන් පමිණ තිබේ. ගෝඨාභය හෙට දිනයේදී ජනාධිපති තනතුරෙන් නිල වශයෙන් ඉවත් වෙන බව ප්‍රකාශ කර තිබේ. ගොඨාභය, අගමැති ලෙස රනිල් පත්කිරීමට එරෙහිවත් ජවිපේ ඊට එරෙහිවත් විශාල ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කර අතර එහිද අවසානය හෙට අනිද්ද සිදු වෙනු ඇත. අද (11) පැවැති ඇමති මණ්ඩල සාකච්ඡාවේදී ඊට සහභාගී වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස වූයේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාර දීමට තමන් සූදානම් බවය.
දැන් මාස තුනක පමණ කාලයක් තිස්සෙ ගෝටා ගෝ හෝම් කියමින් විවිධ ක්‍රියාමාර්ග වල යෙදෙන සියලු දෙනාම අරගලකරුවන් ලෙස හැඳින්වීම එම අරගලකරුවන්ද මාධ්‍යයන්ද දේශපාලකයන්ද පූජකයන්ද සාමාන්‍ය ජනතාවද ආදී සියලු පිරිස් විසින් සිදු කරති. ඔවුන්ගේ ක්‍රියාමාර්ගයයන් කවර වෙනස්කම් ගත්තද ඒ සියල්ල අරගලයයි.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ගැන සමීපව නිරීක්ෂණය කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනය කරනවා.
ගෑස් අර්බුදයට තිත තබමින් ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් පළමු නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වෙයි. ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව හෙට (11) සවස පැමිණේ.
ශ්‍රි ලංකාව දැනට මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය වන්නේ විදේශ විනිමය හිඟ වීමේ ගැටලුවය. රටේ අවශ්‍යතා සඳහා වන ආනයනයන් වෙනුවෙන් ප්‍රමාණවත් විදේශ විනිමය (ඩොලර්) නැත. මේ වන විට රට උපයන ඩොලර් ප්‍රමාණය ආනයනයන් වෙනුවෙන් වැය කරන්න නොහැකි වීමේ අර්බුදය සමනය කරගැනීමට නම් ඩොලර් උපයා ගැනීමේ මාර්ග වර්ධනය කරගැනීම හෝ අලුත් මාර්ග සොයා ගතයුතුය.
