එක අර්බුදයක් ගොඩ !

Published in පුවත්
Sunday, 10 July 2022 20:02

ගෑස් අර්බුදයට තිත තබමින් ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් පළමු නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වෙයි. ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව හෙට (11) සවස පැමිණේ.

පළමු නෞකාව අද(10) පස්වරු 3ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ගෑස් මෙට්‍රික් ටොන් 3,200ක් සහිත තෙවන නෞකාව ජුලි (15) මෙරටට පැමිණෙන අතර මේ මස සඳහා ඇණවුම් කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 33,000කි.

ජුලි 12 වැනිදා සිට ගෑස් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සහ ක්‍රමානුකූලව සිදු වන අතර ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවති ගැටලුව මේ මස අවසන් වන විට සම්පූර්ණයෙන් මඟහැරෙන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

මේ සියල්ල රටේ නායකයාත් අගමැතිවරයාත් අදාළ බලධාරිනුත් මහත් පරිශ්‍රමයක් දරා ලබා ගන්නා ලද එක් ජයග්‍රහණයක් බව පැවසිය යුතුය. ගෑස් ටික තෙල් ටික ආණ්ඩුව හංගන් නොමැත.ඒවා ජනතාවට හැකි ඉක්මනින් ලබා දීමට වත්මන් රජය කටයුතු කරමින් සිටි..එම නිසා ජනතාවගේ බුද්ධිමත්භාවයත් ,මනා ඉවසීමත් මෙම අර්බුදය ඉක්මනින් විසදා ගැනීමට මනා පිටුවහලක් වනු නිසැකය..ඇතැම් දේශපාලන පක්ෂ වලත්,ඇතැම් මාධ්‍ය ආයතන වලත් අරමුණු ඉටු කරගැනීමට ජනතාව ඉත්තන් බවට පත්විය යුතු නැත. මන්ද මේ දේශය තුල සිදුවන සෑම අහිතකර ක්‍රියාවලියකටම මුහුණ දීමට අප සියල්ලන්ටම සිදුවන බව තරයේ මතක තබා ගැනීම වැදගත්ය.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us