කැසිනෝ උන්ඩියල් ජාවාරමට තිත !

Published in පුවත්
Thursday, 07 July 2022 15:36

සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අමතරව කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන් මෙරට තුලදී අනිවාර්යෙන්ම විදෙස් මුදල් ඒ සඳහා වියදම් කළ යුතු බවට වන නීතිරීති පැනවීමට ද මුදල් අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ රැඳී සිට කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන්ට විදේශයන්හි සිටින නියෝජිතයන් හරහා ටෝකන් ක්‍රමය නිකුත් කිරීම කාලයක් පුරාවට සිදු කෙරුණු අතර සිය මව් රටේදී මුදල් (විදේශීය මුදල්) තැන්පත් කර ශ්‍රී ලංකාවේ දී එය රුපියල් බවට පත්කරගෙන කැසිනෝ හල් වලට ඇතුළු වීමට මෙමගින් පහසුකම් ලැබි තිබුණි.

මෙම ක්‍රමවේදය උන්ඩියල් , හවාලා වැනි නීති විරෝධී මුදල් හුවමාරු ක්‍රමයට සමානය.

මෙම ක්‍රමවේදය නිසා මෙරටට ලැබීමට නියමිත ඩොලර් ,යූරෝ වැනි විදේශ මුදල් විශාල වශයෙන් අහිමිව ගොස් ඇති බවට මුදල් අමාත්‍යාංශය වෙත පැමිණිලි ගණනාවක් ලැබි තිබුනු බව මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

ඇතැම් විදේශිකයන් මේ වනවිට කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් වල රැඳී සිටිමින් ටෝකන් ක්‍රමය යටතේ දිනපතාම කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන බව මුදල් අමාත්‍යංශය සතු වාර්තා පෙන්වා දෙයි.

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට අහිමි වන ඩොලර් ඇතුළු විදේශ මුදල් මෙරටට ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස කැසිනෝ ටෝකන් පත් ක්‍රමය අහෝසි කරන බව ඉහත නිලධරයා තවදුරටත් සදහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us