වී ගොවීන්ගේ ණය කපා හැරේ !

Published in පුවත්
Thursday, 07 July 2022 12:26

වී ගොවීන් විසින් රජයේ බැංකුවලට නොගෙවූ ගොවි ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබිණි. පාස්කු දා ප්‍රහාරය හා ඉන් පසුව ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වයත් පසුව විදේශ විනිමය අර්බුදය සමඟ පැමිණි රසායනික පොහොර තහනම ආදිය හේතුවෙන් මෙරට කෘෂි අස්වනු ප්‍රමාණාත්මකව අඩු විය. මේ වන විට ආහාර හිඟයකටද ඒ තත්වය බලපා තිබේ.

රට තුළ නිර්මාණය වූ ආර්ථික අර්බුදය සෑම ක්ෂේත්‍රයකටම එක සේ බලපා තිබෙන අතර සමස්ත ග්‍රහණයෙන් 30%ක් වූ ගොවි ජනතාවට ද මේ තත්ත්වය දැඩි ලෙස බලපා ඇත.

රසායනික පොහොර හා කෘෂි රසායන භාවිතය වෙනුවට කාබනික පොහොර සඳහා යොමුවීමේ තීරණය නිසා අවශ්‍ය තරමට පොහොර නොමැතිවීමෙන් ගොවීන් තවදුරටත් දුෂ්කරතාවයට මුහුණ දුන්නේය.

ගොවීන් සාමාන්‍යයෙන් වගාව ආරම්භ කරන්නේ ඒ් වෙනුවෙන් ණය ලබා ගැනීමෙන් පසුවය. පසුව අස්වනු විකුණා එම ණය ගෙවීම සිදු කරයි.

මෙම තත්ත්වය යටතේ වී වගාව සඳහා ගොවීන් විසින් ගෙන ඇති ණය මුදල් ආපසු ගෙවීම බොහෝ සෙයින් අතපසු කර ඇති අතර එම ණය අක්‍රීය ණය ලෙස බැංකු විසින් වර්ග කර ඇත.

මේ නිසා ඉදිරි මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය ණය මුදල් ගැනීමට බොහෝ ගොවීන් නුසුදුස්සන් වීමමේ වන විටත් සිදුව තිබේ. ඔවුන්ට සහන සැලසීමට සිදු නොවුණහොත් වගාව සඳහා ඔවුන් යොමු නොවන අතර එමෙන්ම ණය බරින් මිරිකී තවත් ආර්ථික හා සාමාජීය ගැටළු රාශියකටද ඔවුන් මුහුණ දෙනු ඇත.

ඒ අනුව හෙක්ටයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මඟින් ගත් ගොවි ණය, ගෙවීම් අතපසු කළ ගොවීන් සඳහා මෙම සහනය හිමිවේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් අගමැතිවරයා විසින් මෙම යෝජනාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

කෙසේ නමුත් වත්මන් තත්වය යටතේ රජය ගත් මේ පියවර අතිශය සාධනීයය. මේ අනුව මීළඟ කන්නය සඳහා වී වගාවට යොමු වීමේ පහසුව ගොවීන්ට ලැබේ.

- මහේෂි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us