විදේශගත ශ්‍රමිකයන්ට තවත් වාසියක්

Published in පුවත්
Thursday, 07 July 2022 12:10

විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවන ඩොලර් ගණන අනුව ඔවුන්ට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා දීම කෙරෙහි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

එම ශ්‍රමිකයන් එවන ඩොලර් ප්‍රමාණය අනුව ලබා දෙන වාහන බලපත්‍ර මොනවා ද යන්න පිළිබඳව මේ වනවිට සාකච්ඡා කෙරෙමින් පවතින බව විදේශ රැකියා අමාත්‍යංශය කියයි.

මේ අනුව, විදේශගත සියලු ශ්‍රමිකයන්ට සහන සැලසෙන පරිදි මෙම වරප්‍රසාදය ක්‍රියාත්මක වන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

නීත්‍යනුකූල මාර්ගවලින් මුදල් එවන සියලු දෙනා වෙනුවෙන් අද හෙට ම මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැගිය යුතු බව කම්කරු සංවිධාන රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අදාළ නිලධාරීන් වෙත දන්වා ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

විදේශගත සියලු ශ්‍රමිකයන් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය අවම වීම නිසා එම තත්වය මෙරට ආර්ථිකය කෙරෙහි අයහපත් ලෙස බලපා තිබේ. සාමාන්‍යයෙන් වසරකට ඩොලර් මිලියන 600 -700 කට අතර ප්‍රමාණයක් මීට වසර දෙකකට පෙර ලැබී තිබිණි.

විදේශගත බොහෝ ශ්‍රමිකයන් රටේ ආර්ථික සහ දේශපාලන තත්වයන්ගේ ඇතිවුණු අර්බුදයයන් සමඟ පැවැති පාලනය සම්බන්ධයෙන් දැඩි අවිශ්වාසයක් මතුවීම නිසා ඩොලර් එවීමෙන් වැලැකී නීත්‍යනුකුල නොවන මාර්ග ඔස්සේ මෙරටට ඩොලර් වෙනුවට රුපියල් ලැබීමට සැලැස්වීම සිදුකරමින් තිබේ.ඒ තත්වය මත රටේ අර්බුද තවදුරටත් උග්‍ර කර තිබේ.

කෙසේ නමුත් මෙම ප්‍රශ්නයට විසඳුම් ලෙස විදේශගත ශ්‍රමිකයන්ට මෙරටට නිත්‍යනුකූලව එවන ඩොලර් වෙනුවෙන් අමතර ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයන් රැසක් යෝජනා වී ඇති අතර ඉන් කිහිපයක්ම දැනට ක්‍රියාත්මක වේ.

පසුගියදා මෙරටට එවන ඩොලර් ප්‍රමාණය මෙන් පස්ගුණයක බැංකු ණයක් ලබා දීම සම්බන්ධ යෝජනාවක්ද ඉදිරිපත්ව තිබු අතර එය ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් පැවැසේ.

ආනයනික විද්‍යුත් වාහන වෙනුවෙන් බලපත්‍රයක් ලබා දීම ගැන වන අලුත් යෝජනාව ද වඩා ආකර්ෂණීය යෝජනාවක් වෙනු ඇත. විදේශගත සේවය සඳහා සාමාන්‍ය පුද්ගලයන් යොමු වන්නේ ගෙයක් දොරක් හදා ගැනීමේ ,වාහනයක සිහිනය සැබෑ කර ගැනීම වැනි ප්‍රාර්ථනා සමඟය. ඒ අනුව මෙම සහන සහිත වාහන බලපත්‍ර යෝජනාව මේ විදේශගත ශ්‍රමිකයන්ට ලැබුණු අගනා අවස්ථාවක් වනු ඇත.

මෙසේම මෙම ශ්‍රමිකයන් හට වාහන ආනයනයේදී යම් තීරුබදු සහනයක් ලබා දිය හැකි නම් එය රජයට පාඩුවක් නොවනු ඇත.

- මහේෂි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us