IMF ශ්‍රී ලංකාව ගැන සීරුවෙන් !

Published in පුවත්
Sunday, 10 July 2022 20:30

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ගැන සමීපව නිරීක්ෂණය කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනය කරනවා.

වත්මන් තත්වය විසඳා ගනිමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහය දක්වන වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා ඇරඹීම සදහා ඉඩ සලසනු ඇති බව තමන් අපේක්ෂා කරන බව ඔවුන් වාර්තා කරනවා.

ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම දුප්පත් සහ අවධානම් කණ්ඩායම්වලට පවතින ආර්ථික අර්බුදයෙන් එල්ලවන බලපෑම පිළිබද තමන් කණගාටු වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියා සිටිනවා. තම ප්‍රතිපත්තිවලට අනුව සහය දැක්වීමට කැපවෙන බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සහ මහ බැංකුවේ නිලධාරීන් සමඟ තාක්ෂණික සාකච්ඡා අඛණ්ඩව පවත්වන බවයි මෙම නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ වන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ගැටලුකාරී තත්වයට දීර්ඝකාලීන විසදුමක් සොයාගත යුතු බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග උපුටාදක්වමින් ඉන්දීය එන්ඩීටීවී පුවත් සේවය සදහන් කරන්නේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමත්, ශ්‍රී ලංකාවේ ජනතාව ඉල්ලා සිටින දේශපාලන හා සමාජීය වෙනස්කම් සිදුකිරීමට රටේ නායකයන් කැපවීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වශයෙන් තමන් බලාපොරොත්තු වන බවයි.

කෙස් නමුත් ඉදිරියේදී ජාත්‍යන්තර ආධාර මෙරටට ලබා ගැනීම සඳහා මෙරට දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගැනීම වැදගත්. පසුගිය 09 වනදා අරගලකරුවන් විසින් ඇතිකළ තත්වයන් හමුවේ මේ වන විට රට ආරාජික තත්වයේ පවතී. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් ගත් කැරලිකාර ක්‍රියාමාර්ගයන් නිසා රාජ්‍ය බලය පවත්වාගැනීම ආණ්ඩු පක්ෂයට අසීරුවී තිබෙනවා.

කෙසේ නමුත් මේ වන තෙක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්වී නොමැත. එසේම කැරලිකාර ජනතාවද සිය ක්‍රියාමාර්ග නැවැත්වීමට කටයුතු කර නැත. මේ තත්වයන් මත ඉදිරි මාස කිහිපයම මෙරට ජනතාවට වඩා අසීරු කාලයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බව බොහෝ පාර්ශ්ව පෙන්වා දෙනවා.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us