අරගලය ජය ගත හැකිය. එහෙත් තවත් වළපල්ලට යෑම වැලැක්විය නොහැක.   Featured

Thursday, 14 July 2022 13:47

ගාලු මුවදොර අරගලයේ මූලික ( මුල් අවස්ථාවේ එකම) ඉල්ලීම වූයේ ජනාධිපති ගෝඨාභය තනතුරෙන් ඉල්ල අස්විය යුතු බවය. රට මුහුණ පා තිබෙන සකල විධ අර්බුදයන්ට හේතුව වූයේ ජනාධිපතිවරයා ලෙස ගෝඨභය ගත් තීන්දු තීරණ වල මුග්ධ භාවයය. ඒ සඳහා ඔහුට උපදෙස් දුන්නේ ඔහුව පෙළඹ වූයේ කවරෙක් නමුත් වගකිව යුත්තා ඔහුය. අර්බුදය හැදුවේ මම නොවේය කියමින් එම වගකීමෙන් ගැලවීමට ඔහු නොමේරු උත්සාහයක් ගත්තද ඒ කිසිසේත්ම පිළිගත නොහැක.

රටක පාලනය බාර ගත් විට පවතින අර්බුදයයන් කවරෙකු විසින් ඇති කර තිබුණත් පාලනය බාර ගත් සැනින් අර්බුදය අයිති පාලකයාටය. ඒ විසඳීම ඔහුගේ වගකීම වෙයි. පාලනය බාර ගත්තේ ඒ විසඳීම වෙනුවෙනි. එහෙත් පැවැති අර්බුදයයන් තව දුරටත් අර්බුදයයන් වෙතට තල්ලු කිරීම හැර වෙනත් කිසිවක් සිදු වූයේ නැත.

අද රටම බංකොලොත්ය. දේශපාලනික, ආර්ථික සහ සාමාජීය අර්බුදයයන් තව වසර ගනනාවකට නොවිසැඳිය හැකි ලෙස අඳුරු ආගාධයකට වැටී ඇත. අර්බුදය පවතින්නේ කොතැනද යන්න කිසිවකු නොදනී. ඒ විසැඳීම සඳහා ගන්නා පියවරයන් කොතෙක් දුරට සාර්ථක වේදැයි කිසිවකුට නිනව්වක් ද නැත.

ජනාධිපති ගෝඨාභය අර්බුදයේ කරවටක් ගිලී සිටින විට රට බාර දුන්නෙ රනිල් වික්‍රමසිංහටය. ඔහුට කුමක් හෝ විසඳුමක් දිය හැකි බවට වන විශ්වාසය නිසා ඒ දුන්නා විය හැකිය. රනිල්ට අර්බුදයේ ගැඹුර ගෙන අවබෝධයක් තිබිණි. ගොඩ ඒම සඳහා යම් සැලසුමක් ඔහු සතුව තිබිණි. එහෙත් ඔහු සිතුවාටත් වඩා අර්බුදය තිබුණේ ප්‍රපාතයකය.

කොහොම නමුත් රට නැවත යම් ස්ථාවරභාවයකට පත් කරගැනීම සඳහා ඔහු පියවරයන් ගනනාවක් ක්‍රියාත්මක කර තිබිණි. ඒවායෙහි යම් සාර්ථකත්වයන්ද පෙනෙන්නට තිබිණි. එසේම එහි ඇති අසීරු තාවයත් ඒ වෙනුවෙන් රටටම තවත් කැපකිරීම් සිදු කරන්න සිදුවන බවත් ඔහු පෙන්වා දී තිබිණි. ඔහු රටට බොරු පොරොන්දු දුන්නේ නැත. බොරු ගනන් හිලව් පෙන්වා රට වැටී තිබෙන ප්‍රපාතයේ තරම වසං කළේ නැත. නමුත් රට එතරම්ම දරුණු ව්‍යවසනයකට ගොදුරු වෙමින් තිබෙනා බව හෝ විශ්වාස කළේ ඉතා සුළු පීරිසකි.

කෙසේ නමුත් මේ කටයුතු යම් පමණකින් ඉදිරියට ඇදෙද්දී පීඩාවට පත් මිනිස්සු පාරට ගෙන ආ අරගලය දිනෙන දිනම උත්සන්න විය. ගෝඨා ගෝ හෝම් සටන් පාඨයට අමතරව තවත් සටන් පාඨ එකතු විය. විවිධ දේශපාලන අපේක්ෂා ඇති කණ්ඩායම්ද අරගලය තමන්ගේ වුවමණාවන් වෙනුවෙන් මෙහෙයවා ගන්නට උත්සාහ කළේය. ඒ අනුව අරගලයේ නියතු ජනතාවට මේ දේශපාලනික වුවමණාවන් හේතුවෙන් එහෙට මෙහෙට දුවන්න සිදු විය.මේ වන විට බොහෝ පිරිසක් හති වැටී සිටිනුද නිරීක්ෂණ වේ.

ගෝඨා පමණක් නොව රනිල් ද යා යුතු බවට ප්‍රබල සටන් පාඨයක දැන් අරගලය හිරවී තිබේ. අරගලෙයේ මූලික අපේක්ෂාවන් හෝ තවම සංතර්පණය වී නැත.දිගු රස්තියාදුවකින් පසුව අරගලය පැවැති තැනටම නැවත පැමිණ තිබේ. බලාපොරොත්තු විරහිත බාවය හමුවේ එකිනෙකාට චෝදනා කර ගනිමින් අරගල කරුවෝ ගාලු මුවදොර පිට්ටනියේ බිම වාඩිලාගෙන සිටී.අද ඔවුන් ගනන් තීන්දු තීරණ අනුව හෙට දවසේ කුමක් වේ දැයි තීරණය වේ. කොහොම නමුත් අරගලයට නිශ්චිත දේශපාලනයක් නැති බව පැහැදිලිය. නිශ්චිත සංවිධානයක්ද නැත. නිශ්චිත නායකත්වයක්ද නැත. මේ තත්වයන් හමුවේ අරගලය කුමණ දිශානතියකට යනු ඇතිදැයි පූර්ව නිගමනයන්ට ද පැමිණිය නොහැක.

ඒ කොහොම නමුත් වැදගත්ම දේ මේ වන විට රටත් ජනතාවත් පත්ව තිබෙන ඛේදනීය තත්වය ගැන මේ කිසිවකුට අදහසක් නැති වීමය. අරගලය ජනතාවගෙන් වියුක්ත වී තිබෙනවා කිව්වාට වැරදි නැත. අඩුම තරමින් රටත් ජනතාවත් මුහුණ දෙන අර්බුදයයන් හමුවේ ඊට දිය හැකි කඩිනම් විසඳුම් ගැන අරගලයෙන් රට හදන්න කියා ගෙන ආ කිසිදු විසඳුම් යෝජනාවලියක දැකිය නොහැක. හැඟීම බර, ප‍ටු දේශපාලන වුවමණාවන්, මිස රට හමුවේ වන අර්බුද සඳහා කඩිනම් විසඳුම් යෝජනා කිරිල්ලක් නොමැති වීම මත මෙම අරගලය ජයග්‍රහණය කළත් රට තවදුරටත් වළපල්ලට වැටෙන එක නවතින්නෙ නැත. එය අනිවාර්යය.

මේ අතර පසුගියදා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ රට මුහුණ දෙමින් තිබෙන අර්බුදය ගැනත් ඒ විසැඳීමට ගත් ක්‍රියාමාර්ග වලට සිදුවී ඇති සන්තෑසියත් ගැන යම් පැහැදිලි කිරීමක් කර තිබිණි.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ වන තෙක් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග එලෙසම ක්‍රියාත්මක නොකර වෙනත් අලුත් අත්හදා බැලීම්වලට යොමු වීමෙන් විශාල කඩා වැටීමකට ලක් විය හැකි බව ඔහු අවධාරණය කර තිබිණි. එනම් මෙතෙක් පැමිණි මාවත හැරදා වෙන වටවංගු නොගැසිය යුතු බවය. මන්ද පැමිණි මාවත කෙළවර ආලෝක දහරාවක් පෙන්නෙන්න්ට තිබිය දී එය අත්හැර කැලෑ පැනීම නොවිය යුතු බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා නොකළ යුතු බවටත් අරගලයෙන් හඬක් නැගෙමින් තිබේ.

අරගලය තමයි දැන් රටේ නීතිය වන්නේ.. අරගලය සමඟ වන සම්මුතියකින් හැර වෙන ගමන් යන්න බැහැ කියමින් සිටින අරගලකරුවන්ගේ වුවමණාවන් සමඟ කටයුතු කිරීමේ භයංකර බව මහ බැංකු අධිපතිවරයා කියන්නට උත්සහ ගෙන තිබිණි.

අනෙක් කාරණය කුමක් හෝ විසඳුමක් කරා යන්නට නම් ජනතාවගේ විශ්වාසය තිබෙන ස්ථාවර දේශපාලන ක්‍රමවේදයක් රට තුළ පැවතීම අවශ්‍ය බවය.

අරගලයට ගෝඨාගෝහෝම් සටන් පාඨයෙන් එහාට ගොස් රාජ්‍ය බලය හෝ අත්පත් කර ගත හැකිය. ඒ සිදු නොවෙයි කියා කිව නොහැක. ඉතා බලගතු රාජ්‍යයන් පවා අරගලයන් විසින් පෙරළා දමා නව පාලනයන් බිහිකර ගත් බව ඉතිහාසයේ ඔ්නෑ තරම් විස්තර ඇත. ඒ කොහොම වෙතත් කවරක් සිදු කරන්නත් ස්ථාවර පාලනයක් තිබිය යුතුය.

අරගලයෙ නිරත වූවන් විවිධ දේශපාලන පක්ෂපාතකම් සහිත පිරිසකි. ඔවුන්ව මෙහෙයවන දේශපාලන නායකත්වයන් ඇත. අරගලය ජයග්‍රහණය කරනු ඇත්තෙ මේ දේශපාලන කණ්ඩායමකට බලයට පත් කරමින් හෝ සාමුහික එකඟතාවයක් මතය.මේ දේශපාලන කණ්ඩායම් යනු සමාජයේ බහුතර ජනතාවගේ පක්ෂපාතිත්වය සහිත පිරිස් නොවේ. බොහෝ විටම අතිශය සුළුතර කණ්ඩායම්ය. මේ අය තනිවම හෝ සාමුහිකව බලය අත්පත් කර ගත්තත් රාජ්‍ය පාලනය පිහි‍ටුවා ආණ්ඩුකරණයට යෑම තුළ සිදු විය හැක්කේ එකිනෙකා අතර බලය පවත්වාගෙන යෑම සඳහා වන අඛන්ඩ ගැ‍ටුම් කාරිත්වයකි. එයට ප්‍රධාන පදනම බවට පත්වන්නේ රටේ අර්බුදයයන්ට විසඳුම් නොමැතිවීමේ තත්වය තුළය.

එසේම බහුතර ජනතාවගේ කැමැත්තෙන් තොරව පවතින පාලනයක්ට ආයුෂ නැත. බහුතර කැමැත්තෙන් පත් වූ පාලකයන්ටද බලය පවත්වාගෙන යෑම අසීරුව තිබෙන කාලයක සුළුතරයක් ගැන කතා කිරීමෙහි තේරුමක් නැත.

කොහොම නමුත් අරගලයට රාජ්‍ය බලය අත්පත් කරගැනීම සිහිනයක් විය හැකි නමුදු අරගලය විසින් මතු කරන උභතෝකෝටික තත්වයන්ගේ බලපෑම පවතින පාලනය කෙරෙහිද ඉතා අයහපත් ලෙස බලපානු ඇත.වර්තමාන පාලකයන් මුහුණ දී තිබෙන ගැටලුව මෙයය. අරගලය විසින්ම අරගලය විනාශ කර ගැනීමට ඉඩ හැරීමේ ප්‍රතිපත්තියක දැනට පාලකයන් විසින් අනුගමනය කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. සාහසික මර්දනයකින් මේ පහසුවෙන් අවසන් කළ හැකි නමුද ඊට වඩා හොඳම ක්‍රමවේදය පාලකයන් අනුගමනය කරමින් සිටීම එක අතකට හොඳය.

කොහොම නමුත් දේශපාලනිකව වඩා ස්ථාවර ආණ්ඩුවක් පවත්ගෙන යමින් රටත් ජනතාවත් මෙම අර්බුදයයන් ගෙන් මුදවා ගැනීම විය යුතුවීම අද අනිවාර්ය හදිස්සි කටයුත්තකි.

කවර ආණ්ඩුවක් පත් වූවත් මේ වන විට පසුගිය ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර,ආර්ථික ප්‍රතිසංස්කරණයන් දියත් කර ඇති බව ත් එසේ ම, මේ වන තෙක් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග එලෙසම ක්‍රියාත්මක කිරීම පත්වන නව ආණ්ඩුවේ වගකීම බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබිණි.

ඒ අනුව නව ආණ්ඩුවක් පත්වූ සැණින් පවතින අර්බුදවලට විසඳුමක් නොලැබෙන අතර ජනතාවට මේ පිළිබඳව පැහැදිලි කර ඔවුන් සමග ඉදිරියට යාමට නව රජය කටයුතු කළ යුතුව ඇත.

මේ වන විට අවශ්‍ය ප්‍රමාණයට විදේශ විනිමය නොමැති නිසා තෙල්, බෙහෙත් රටට ගෙන් වීමට නොහැකි බවත් විදෙස් විනිමය ආදායම සහ වියදම කළමනාකරණය කරගෙන යාමෙන් යම් මට්ටමක සිටිය හැකි නමුත් එය දිර්ඝකාලීන විසඳුමක් නොවන බවත් ඔහු පවසා තිබිණි.

රට මේ වන විටත් ප්‍රබල ආර්ථික අර්බුදයක පවතින අතර මෙවැනි අවස්ථාවක ඉතා ඉක්මනින් ආර්ථික ප්‍රතිපත්ති හා තීන්දු තීරණ ගත යුතු බවත් එහි ප්‍රධානම පාර්ශ්වය වන්නේ රජය හා පාර්ලිමේන්තුව වන නිසා මේ ආර්ථික අර්බුදයෙන් එළියට පැමිණිමට නම් දේශපාලනයේ ස්ථාවරයක් රටට අත්‍යවශය.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර සර්ව ආර්ථික ස්ථායිකරණයට වැඩපිළිවෙළක් කරගෙන යන බැවින් පවතින තත්ත්වය අනුව මෙය එකම මාර්ගය වේ.

රටේ ණය බර වැඩිවීම නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන අතර මේ ක්‍රියාමාර්ග ඉදිරියට කරගෙන යාමට ආණ්ඩුවක් පැවැතිය යුතු බවත් එසේ නොමැතිව ප්‍රමාදවීමෙන් ආර්ථිකය යථා තත්ත්වට පත් කිරීමට හා ජනතාවට විඳීමට සිදු වන දුක්ගැහැට දිගු වන බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබිණි

මේ නිසා ගෝඨා රනිල් හෝ අරගලය විසින් නම් කරන වෙනත් කවරකු හෝ පාලන බලය හෙබෙව්වත් අරගලයේ වුවමණාවන් මත සිස්ටම් චේන්ජ් ගැන කතා කරන්න පෙර මේ පවතින සිස්ටම් එකේ හැකියාවන්, අඩුපාඩු නිවැරදිව හඳුනගන්නා ගත යුතුය. පවත්වා ගත යුත්තෙ මොනවාද අත් හැරිය යුත්තේ මොනවාද ඒවා අතර අන්තර් සම්බන්ධයන් ගැන අවබෝධය තිබිය යුතුය. වර්තමාන අර්බුද විසඳීම සමඟ ඒවා ගැලපීම සිදුවිය යුතුය. මන්ද සිස්ටම් චේනජ් වී විපලවීය රාජ්‍යයක් පිහිටුවන තෙක් ජනතාවට බඩගින්නේ සිටිය නොහැකි නිසාය. තෙල් ගෑස් විදුලිය අවශ්‍යය, බෙහෙත් ටික අවශ්‍යය. අත්‍යවශ්‍ය දේ සම්පූර්ණ නොකර සිස්ටම් චේන්ජ් වෙනකම් ජනතාවට ජීවත්ව සිටිය නොහැකිනම් ඒ සිස්ටම් චේන්ජ් එක ජනතාවට ඇවැසි නැත.

සිස්ටම් චේන්ජ් කරමුය කියන යෝජනාව ගෙන එන පිරිස කරන යෝජනා දෙස බැලීමේදී මේ තිබෙන සිස්ටම් එක වඩා යහපත් බව ජනතාව දැන් තේරුම් ගනිමින්ද තිබේ..

- SJ

Last modified on Thursday, 14 July 2022 13:48

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us