ජවිපෙ රටේ වගකීම බාර නොගෙන වටවංගු ගහන්නේ ඇයි? Featured

Monday, 11 July 2022 13:48

ගෝඨාභය අසාර්ථක නායකයෙක්ය කියමින් ජවිපෙ ගෝඨාභය ජනාධිපති ලෙස පත්වන්නට පෙර සිටම ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාරයේ අවසානයට දැන් පමිණ තිබේ. ගෝඨාභය හෙට දිනයේදී ජනාධිපති තනතුරෙන් නිල වශයෙන් ඉවත් වෙන බව ප්‍රකාශ කර තිබේ. ගොඨාභය, අගමැති ලෙස රනිල් පත්කිරීමට එරෙහිවත් ජවිපේ ඊට එරෙහිවත් විශාල ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කර අතර එහිද අවසානය හෙට අනිද්ද සිදු වෙනු ඇත. අද (11) පැවැති ඇමති මණ්ඩල සාකච්ඡාවේදී ඊට සහභාගී වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස වූයේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාර දීමට තමන් සූදානම් බවය.

ගෝඨාභය රටේ වගකීම බාර ගන්නයි ජවිපෙ නායක අනුර කුමාරට ආරාධනා කළ විට ඔහු එය ප්‍රතික්ෂේප කළේ ගොඨාභය ජනාධිපති තනතුරේ සිටියදී එය බාරගත නොහැකි බව කීමෙනි. ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට දැඩි මතයක සිටියේය. පසුව ජනාධිපතිවරයා ඉවත් වන කාලවකවානුවක් සඳහන් කරන්නෙ නම් අගමැති තනතුර බාර ගන්නා බවත් තමන්ට කැමති විදිහකට ඇමැති මණ්ඩලය සකස් කරගැනීමෙ අවස්ථාව දිය යුතු බවත් කීවේය. එහෙම කරනවා නම් මාස 6න් රට ගොඩ දමන බවටත් සහතික කළේය. ඊට තමන් සතුව සුපිරි සැලසුමක් තිබෙන බවත් කීවේය.

ඒ අතර අගමැතිවරයා, එහෙම මාස 6 කින් රට ගොඩදැමිය හැකිනම් තමන් තනතුරෙන් ඉවත් වීමට සූදානම් බවත් එම මාස 6 සැලසුම ඉදිරිපත් කරන ලෙසත් අනුර දිසානයකගෙන් ඉල්ලා සිටියේය.

එහෙත් අනුර එවලේ කීවේ මාස 6 ගොඩ දාන බවක් නොකී බවය. එහෙම රට ගොඩ දාන්න බැරි බවත් තමන් කීවේ තෙල් ගෑස් ආදිය ගෙනත් දී සමාජය යථාවත් කර මාස 6 කින් මැතිවරණයකට යන බවය. එහෙත් තමන්ට අගමැති තනතුර දරන්න ජනවරමක් නැති බවත් ප්‍රකාශ කර සිටියේය.

ඊට පසු දින අනුර කීවේ තමන් අගමැති තනතුර බාර ගන්න ලැහැස්ති බවත් රනිල්ට ඉවත් වෙන ලෙසය. ගොඨා ඉන්නවාද නැද්ද කියන එක එම මොහොතේ ගැටලුවක් කර නොගත්තේය.

කොහොම නමුත් ඊට දින කිහිපයකින් පසුව ජුලි 09 වනදා ජවිපෙ ද නායකත්වය ගෙන සිදු කළ කැ‍රැල්ලේ ප්‍රතිපලයක් ලෙස ජනාධිපති / අගමැති මන්දිර/ජනාධිති ලේකම් කාර්යාලය බලහත්කාරයෙන් අල්ලා ගත් අතර අගමැති නිවසට ගිනි තබා විනාශ කරන ලදී. ඒ අනුව ජනාධිපතිවරයා හෙට දින ඉල්ලා අස්වන අතර කතානායක මහින්ද යාපා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් වීමට නියමිතය. අගමැතිවරයාද ඉදිරි දින කිහිපයෙදී ඉල්ලා අස්වී නව පාලනයක් බිහි කරගැනීමට අවස්ථාව පාර්ලිමේන්තුවට හා වැ.බ . ජනාධිපතිවරයට ඉඩ දෙනු ඇත.

මාස 06 න් රට ගොඩ දැමීම හෝ සමාජය යථාවත් කිරීමේ සැලසුම හෝ ක්‍රියාවට නැංවීමේ හැකියාව දැන් අනුරට තිබේ. තමන්ගෙ අතේ තිබෙන මේ සුපිරි සැලසුම ප්‍රසිද්ධ කර එයට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අරගත හැකිය. මන්ද රනිල් හැර වෙනත් කිසිවකුට එවැනි සැලසුමක් තිබුණේ නැති නිසා පාර්ලිමේන්තුවේ බහුතර එකඟත්වය ඊට ලැබිය හැකිය. එසේම මාස 6ක් වැනි කාලයකින් මේ අර්බුධයෙන් රට ගොඩ නැගීමේ අසීරු අවධානම්කාරී කටයුත්තට කරගහන්න නිර්භීත වෙන වෙනත් කිසිවකු ඇතැයි සිතිය නොහැක.

කොහොමත් ඉතා කෙටි කලක් තුළ මේ අර්බුදයෙන් රට මුදවා ගැනීම අගුතෙන් පත් වෙන ඔ්නෑම පාලකයකුට සිදුව තිබේ. කල් ගියොත් ජනතා විරෝධය එල්ල වේ. ජවිපෙ විපක්ෂයේ සිටිනවා කියන්නෙම එම ජනතා විරෝධය බැරියර් කඩගෙන එන ත්‍රාස ජනක ක්‍රියාවක් වීමේ අවස්ථාවක්ද තිබේ.මේ නිසා කවුරු බලයට පැමිණියත් මෙය බාරගැනීම බරපතල අභියෝගයකි.

මේ නිසා මේ අභියෝගය බාර ගැනීමෙ හැකියාව එඩිතරකම ජවය ශක්තිය ඇත්තෙ ජවිපෙටය. ජවිපෙට මාස 6 න් බැරි උනත් බැරියර් කඩාගෙන එන විරෝධයක් එන්නෙ නැත. මන්ද ඒවා කරන්න වෙන අය නැත. තැනින් තැන වන පොඩි පහේ උද්ඝෝෂණයක් දෙකක් පාලනය කරගැනීම ජවිපෙට එතරම් දෙයක් නොවේ.

ඒ නිසා බය නැතිව රාජ්‍ය පාලනයේ වගකීම ජවිපෙට බාර ගත හැකිය. එමෙන්ම බාර ගත යුතුය. මන්ද ජවිපෙ මාස 6 න් රට මොකක් හරි කරන බව දිගින් දිගටම කියා තිබුණු නිසාත් ඒ අභියෝගය තමන්ට ජය ගත හැකි සුපිරි සැලසුමක් තමන් අත ඇති බවත් අවධාරණය කළ නිසාය.

ජවිපෙ මෙහෙයවීමෙන් සිදුවූ ජනතා අරගලය සමාජ විප්ලවයක් බව, ඒ ජනතාව කියන්නේ රට සුරපුරයක් කරන සැලසුමක් ඇති අනුර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ මේ රට බාරගැනීම අනිවාර්යෙන්ම සිදු කරනු ඇති බවට වූ විශ්වාසය නිසාය.

අරගලයෙ නියුතු ජනතාව කිරිබත් උයා රතිඥ්ඥා දල්වමින් ඒ සතුට සැමරීමේ දිනය එන තෙක් බලා සිටිති. අගමැති මන්දිරය අල්ලාගෙන සිටින ජනතාව ජවිපෙ නායකත්වය සාදරයෙන් පිළිගෙන, ජනතාවගේ කරපිටින් අනුරව ඔසවාගෙන ගොස් ඔහුව අගමැති පු‍ටුවෙ හිඳුවා රටේ පාලනය බාර දෙනු ඇත. මේ අසිරිමත් දිනය තවදුරටත් ප්‍රමාද කිරීමහි තේරුමක් නැත.

ජවිපෙට මෙවන් ආශ්චර්යමත් ඓතිහාසික අවස්ථාවක් නැවත නොලැබෙනු ඇත. සත්‍ය වශයෙන්ම මෙය ලංකාවේ ඉතිහාසයේ තියුණුම දේශපාලනික හැරවුම වෙනු ඇත. එම මොහොත ජවිපෙ මොහොතයි. ඔවුන් එය බාර ගනු ඇතැයි අපි සැවොමගේම විශ්වාසයයි.

එහෙත් ජනතාවගේ අවාසනාවකට මේ වන විට දැන ගැනීමට ඇත්තේ ජවිපෙ දේශපාලන නායකයන් පැලවත්ත මුලස්ථානයට වී සාකච්ඡා කරමින් සිටින්නේ මේ මොහොතෙ කිසිදු වගකීමක බාර නොගැනීමට බවය..'' මේක බාරගෙන ඇණ ගන්න බැහැ යනුවෙනි. සජිත් හරි ඩලස් හරි මේක බාර ගනියි.. එයාලා මාස කීපයක් යන කොට ඇන ගන්නවා.. ඊට පස්සෙ මැතිවරණයකට යනවා හැර වෙන විකල්පයක් නොමැති වෙනවා.. ඒ වෙනකම් මේක මේ විදිහට අල්ලන් ඉදලා මැතිවරණයකට යන එක වඩා වාසියි. මැතිවරණයකින් ආසන ගාන තව කීපයක් වැඩි කර ගන්න පුලුවන්, මැතිවරණයක් ඉක්ක්මනින් පවත්වා ගැනීමට බල කළ යුතුයි...'' ඒ සාකච්ඡා මේසයෙන් ඇසෙන්නේ මෙවැනි කතාය.

දේශපාලන පක්ෂයකට තමන්ගේ පක්ෂයේ බලය වැඩිකර ගැනීම වෙනුවෙන් ඔනෑම දේශපාලන තීන්දුවක් ගත හැකිය. එය වැරදි නැත. ඒ දේශපාලන පක්ෂයක අයිතියය. ඒ අයිතියට ගරු කළ යුතුය. නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පවතින්නෙ නැත.

එහෙත් පාර්ලිමේන්තුවේ ආසන කිහිපයක් වැඩිකර ගැනීම වෙනුවෙන් සම්පූර්ණ රටක්, ජනතාවක් බිල්ලට ගැනීම කෙසේ අනුමත කළ හැකිද? රට මුලුමනින්ම අරාජික කර මහ විනාශයකට පාර කැපීම අනුමත කළ හැකිද? පැවැති පලනයෙහි කෙතරම් අසමත් තිබුණද රට අර්බුදයෙන් ගොඩ ගැනීමට කරමින් සිටි සියලු ව්‍යාපෘති කඩාකප්පල කරදැමීම අනුමත කළ හැකිද? රටෙ ආර්ථික අර්බුදය විසඳිම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ලත් සහය අත්හි‍ටුවන තැනට කටයුතු කිරීම අනුමත කළ හැකිද ? ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ තවත් ජාත්‍යන්තර ආයතන වලින් ණය ආධාර ලබාගැනීම සඳහා සිදුකරමින් තිබු සාකච්ඡා තව දුරටත් නොවන තැනට ඇද දමීම අනුමත කළ හැකිද? හෙට දිනයේදී තෙල් ගෑස් ආහාර බෙහෙත් පොහොර ආදි ගැටලු නිසා තවදුරටත් පීඩාවට පත් වීමට නියමිත ජනතාව වෙනුවෙන් රජය යම් හෝ සහනයක් ඇති කිරීමට ගත් පියවරයන් වලක්වාලීම අනුමත කළ හැකිද?

තමන් සතුව ඇතැයි කියන රට ගොඩ නගන සුපිරි සැලැස්ම දෙප‍රැන්දේ ගසාගෙන මේ නටන විගඩමෙන් රටත් ජනතාවත් දැවැන්ත පිඩාවකට ගොදුරු වීම ගැන ජවිපෙ නායකයන්ට සංවේදීත්වයක් නොමැතිද? මනුස්සකමක් නොමැතිද?

ජනතාවගේ ලේ කඳුලු දහඩිය සහ මළ කඳන් මතින් තව මන්ත්‍රී ආසන කිහිපයක් දින ගැනීම පමණද ජවිපෙ දේශපාලනය කියන්නේ? එතරම් ම්ලේච්ඡ තැනකට ජවිපෙට ඇද වැටිය හැකිය ද?

මේ රටේ දුක්විඳින ජනතාවගේ නාමයෙන් ජවිපෙන් ආයාචනාකර සිටින්නේ තව දුරටත් දේශපාලන ගේම් නොගසා මේ රට බාරගෙන තමන් සතුව ඇතැයි කියන සුපිරි සැලසුම ක්‍රියාවට මාස 6 ක් ඇතුලත අඩුම තරමින් රට වැසියා බඩගින්නේ නොතැබීමටවත් කටයුතු කරන ලෙසය.

-SJ

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us