පෞරාණික උරුමයන් අරගලයෙන් ආරක්ෂා කරන්න සිදුවීම

Published in පුවත්
Tuesday, 12 July 2022 22:35

 ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය බලය තලෙයිබාන් ත්‍රස්ථ සංවිධානය පළමු වර අත්පත් කර ගත් කාලයේ ලෝක උරුමයක්ව පැවැති බාමියන් බුදු පිළිම ඇතුළු පුරා විද්‍යාත්මක වටිනාකම් වලින් යුතු බොහෝ දේ විනාශ කරනු ලැබීය. මේ විනාශය ගැන ලොවම කම්පාකරවනු ලැබීය.

 

තලෙයිබාන් ත්‍රස්ථයන් නැවතවරක් ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය බලය අත්පත් කරගත් අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මෙන්ම ලොවපුරා බෞද්ධ ජනතාව බියට පත්වූයේ දැනට ඉතිරිව තිබෙන පෞරාණික බෞද්ධ උරුමයන් විනාශ කිරීම සිදුවෙනු ඇතැයි කියන උපකල්පනය නිසාය. මෙයට මැදිහත් වෙන ලෙස මෙරට ජනතාව රජයෙන් ඉල්ලා සිටියයේය. ඒ අනුව රජය වහාම ඔවුන් වෙත පණිවිඩයක් යවමින් සිදු කළ පළමු ඉල්ලීම වූයේ ඇෆ්ගනිස්ථානයේ පැරණි බෞද්ධ උරුමයන් විනාශ නොකරන ලෙසය. ඒවා ලෝක උරුමයන් ලෙස ආරක්ෂා කිරීමට සහය වන ලෙසය. එයට යහපත් ප්‍රතිචාරයක්ද මේ ත්‍රස්ථ සංවිධානයෙන් ලැබී තිබිණි.

ඒ කොහොම නමුත් මෙරට පුරාවිද්‍යාත්මක වටිනාකම් වලින් යුතු දෑ මෙරට ජනතාවගෙන් ආරක්ෂා කිරීමට අද සිදුව තිබේ. එදා තලෙයිබාන් ත්‍රස්ථයන්ගේ විනාශකාරී පිළිවෙතට එරෙහිවූ ජනතාව මෙරට පුරාවිද්‍යාත්මක සහ රටේ අභිමානයට, කීර්තියට , ගාම්භීරත්වයට සංඛේතාත්මක වටිනාකම් සහිත පෞරාණික ගොඩනැගිලි සහ ඒවායේ තිබු පෞරාණික දේ විනාශ කිරීම පසුගිය 09 වනදා ඇතිවු අරගලයේ නාමයෙන් සිදුකර තිබිණි.

ඒ විනාශය වැලැක්විය යුතු බව සිහිබුද්ධියක් ඇති මිනිසුන් ඉල්ලා සිටියදී මේ පරණ ගොඩනැගිලි වලින් වැඩක් නෑ මේවා විනාශ කළ යුතු බව කිව් අරගලකාරීන් සිටියහ. මේ ඉඩම් කට්ටිකර විදේශ ආයෝජකයන්ට දිය යුතු බව කිව් අයද සිටියහ. අගමැතිවරයාගේ වටිනා පුස්ථකාලය ගිනි තැබු විට පොත් කන්නද ඇසූ අරගලකාරීන් ද සිටියහ. මේ අරගලකාරයන් අර තලෙයිබාන් ත්‍රස්තයන්ටත් වඩා සාහසිකය කිව්වාට වැරදි නැත. රට ගැන හැඟීමක් , බුද්ධියක් තිබෙන මිනිසුන් මැදිහත් වී බරපතල හානිවලින් වලින් මෙපිට මේවා බේරා ගැනීමට සමත් වී තිබිණි.

දැන් මේවා පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ අධීක්ෂණයට පත්කර තිබේ.

ජුලි 09 වැනි දින වූ සිදුවීම්වලින් ඇති වූ තත්වයන් නිසා කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදු වී ඇති බවත් යළි එසේ හානි සිදුකළහොත් පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය අනුර මනතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

ඉකුත් 9 වන දින සිදු වූ සිදුවීම් සහ ඉන්පසුව ඇති වූ තත්වයන් නිසා කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදු වී ඇති බවත් එම ස්ථානවල තිබුණු පෞරාණික හා සංස්කෘතික වස්තූන්ට තවදුරටත් විනාශවීම සිදු වීම හෝ අස්ථාන ගත වීම වලක්වා ගත යුතු බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මාගේ විශේෂ අවධානයට යොමු වීය.

මේ අනුව හැකි පළමු අවස්ථාවේදී ම අපගේ නිලධාරීන් එම ස්ථානයන් හී ඇති වටිනා වස්තූන් ආරක්ෂා කර ගැනීමට උපරිම පියවර ගෙන ඇත. අද දින (ජුලී 12) බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය( උරුම අංශය) සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සමග හානි සිදු වූ බව කියන ජනාධිපති මන්දිරය,ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය යන ස්ථාන මා විසින් පෞද්ගලිකවම පරීක්ෂා කරනු ලැබීය.

එම ස්ථානවල පිහිටි පැරණි ස්මාරකවලට තව දුරටත් හානි සිදුවීම වලක්වා ගැනීම සදහාත්,වටිනා පෞරාණික හා සංස්කෘතික දේපළ ආරක්ෂා කර ගැනීම සදහාත් ආරක්ෂක නිලධාරීන් සහ අරගලයට නායකත්වය දෙන පාර්ශව සමග සුදුසු ක්‍රියා මාර් ග ගනු ලැබීය. අප දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියටත් එම ස්ථාන නිරන්තර පරීක්ෂාවට ලක් කරනු ඇත.

මහජන දේපළ සහ ජාතියේ උරුමය වන ස්මාරක සහ පුරාවස්තූන්ට හානි කිරීම හෝ සොරකම් කිරීමෙන් වලකින ලෙසත් එසේ කළ හොත් ඒ සදහා පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් මෙයින් අවධාරණය කරමි. තවද, ජාතික උරුමයන් ආරක්ෂා කරගැනීම පොදු මහ ජනතාවගේ ද වගකීම සහ යුතුකම බවද සිහිපත් කරමි.



- මහේෂි

Last modified on Tuesday, 12 July 2022 22:37

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us