ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට ඉන්දියාව අතදෙයි !

Published in පුවත්
Tuesday, 12 July 2022 22:11

චීනය,ඉන්දියාව සහ ජපානය සමඟ ශ්‍රී ලංකාව පැවැත්වීමට අපේක්ෂා කරන යෝජිත විදේශ ආධාර සමුළුවට ඉන්දියාව සහභාගී වන බව සහතික කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව නිව්ස් 18 ඉන්දීය පුවත් සේවය සඳහන් කළේය.

හදිසි මානුෂීය ආධාර ඔස්සේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමට ඉන්දියාව පියවර ගැනීමට ඉඩ ඇතැයි එහි සදහන් .

ශ්‍රී ලංකාවෙන් ලැබෙන ඉල්ලීම් වලට ප්‍රතිචාර ලෙස ආහාර සහ ඖෂධ සඳහා අවශ්‍ය සියලුම ආකාරයේ සහාය මානුෂීය ආධාර ඔස්සේ ලබා දෙන බවට ඉන්දියාව සහතික වී ඇත.

ඉහළ යන උද්ධමනයත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ හිඟයත් හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් උදව් ඉල්ලා ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස මෙලෙස ආධාර දීමට ඉන්දියාව සැරසී සිටි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට,මූල්‍ය සහාය ලබාගැනීමට සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට ණය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් උදව් ඉල්ලා සිටියත් ආහාර අර්බුදයක් ඇති වේ යැයි බියක් හට ගැනීම හේතුවෙන් මානුෂීය ආධාර ලබා ගැනීම සඳහා තම අසල්වැසියා වන ඉන්දියාව වෙත නැඹුරු වී ඇති බවයි මෙරට බලධාරීන් සදහන් කරන්නේ.

ඉන්දියාව යනු මෙම අර්බුදය පටන් ගත් තැන සිටම මෙරටට අත දුන් රටවල් අතරින් ප්‍රධානම හැකිය..මෙම අර්ටික අර්බුදයේදී පමණක් නොව කොවිඩ් 19 වසංගතය අවස්ථාවේදීද ඉන්දියාව මෙරටට අවශ්‍ය එන්නත් ද රෝගල් උපකරණද ලබා දෙමින් ශ්‍රීලංකාවට කල මෙහෙය අමිලය..
වත්මන් රජය බලයට පත් වූ විට රටවල් අතර සහයෝගය වර්ධනය කර ගැනීම උදෙසා නිරන්තරයෙන් කැපවී සිටි අතර එහි ප්‍රතිපල අද අප බුක්ති විදිමින් ඇත.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us