subash

subash

අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබූ රාජ්‍ය ලිපි ලේඛන සියල්ල අද දහවල් වනවිට රහසිගතව පිට කිරීමට සූදානම් වන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබුණ බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාව වෙත සිය සහාය ලබා දිමට සූදානමින් සිටින බව ලොව ප්‍රධාන පෙළේ රටවල් සඳහන් කර සිටියි. ශ්‍රී ලංකාවේ පිහිටි එම රටවල මහකොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාල හරහා මේ පිළිබඳව දැනුම් දීම සිදු කර තිබේ.

ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ සිටියා.
මෙම ගමන පෞද්ගලික සංචාරයක් ලෙස සැලසුම් කර තිබුණද ඒ පිළිබඳ තොරතුරු දැන ගත් ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින් සහ දෙස් විදෙස් මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් ද ඒ අවස්ථාවට එක්ව සිටියා.

ඉකුත් 11 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්‍ෂ 6 කට වැඩි ප්‍රමාණයක් දිවයිනපුරා බෙදාහැර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි. ඉදිරි දිනවලදී ද අඛණ්ඩව ගෑස් සපයන බව ද එම ආයතනයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරු නැතිනම් මහජන නියෝජිතයින් එම ධුර වලට ජනතාව විසින් ‍තෝරා පත්කර යවනු ලබයි. පවතින මැතිවරණ ක්‍රමය අනුව එය සිදුවෙයි. කොහොම නමුත් ජනතාව විසින් ‍තෝරා පත්කර අදාල ආයතනයකට යවනු ලබන නියෝජිතයා මහජනතාවගේ නියෝජිතයා වෙයි. ඔහුව හෝ ඇයව ජනතාව විසින් ‍තෝරා පත් කරගන්නා ලද්දේ ඔහු නියෝජනය කරන කණ්ඩායමක ප්‍රතිපත්ති හෝ නියෝජිතයාගේ පෞද්ගලික ප්‍රතිපත්තීන් හෝ යම් හේතුවක් ඇතිවය.

නීතියේ ආධිපත්‍යය හැම විටම වැදගත්ය. එය බිඳ දැමුව හොත් අප නැවත ගමන් කරන්නේ වනචාරී යුගයක් කරා බව සිහි තබා ගත යුතුය.

ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජිවන බර අවම කිරීම සදහා ඉන්ධන ,ගැස් හා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබා දිමට කඩිනම් සහන වැඩසටහන ක් ආරම්භ කිරිමට ගරු වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තිරණය කර තිබෙනවා .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මේ වන විටත් ශ්‍රී ලංකා රජයේ තාක්ෂණික මට්ටමේ නිලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බවත් ඉහළ මට්ටමේ නිලධාරීන් සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් IMF ප්‍රකාශක Gerry Rice පවසයි.

ජනවරම යන වචනයට අර්ථකතන දීමේදී සැලකිය යුතු කාරණා ගැන වැඩි මනත් දෙයක් කීමට තරම් විශේෂ දැනුමක් මේ ලියුම්කරුට නැත. එය සරළව ගත්තොත් ජනතාව විසින් දීපු වරමකි. මේ ජනතාව කියන්නෙ කවුද ? මේ වරම කියන්නේ මොකක්ද යන්න ඒ ඒ අවස්ථාවේදී පවතින වපසරිය අනුව සහ ඒ ගැන පවසන්නාන්ගේ අවබෝධයන් යනුව වෙනස් විය හැකිය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සංවේදී බවත්, ඔවුන්ට උපකාර කළ හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමු කරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා පවසයි.

Connet With Us