ජනාධිපති කාර්යාලය බේරාගැනීමේ මෙහෙයුම සිදුකර ඇත්තේ බුද්ධි අංශ වල දැනුම් දීමකට  

Published in පුවත්
Friday, 22 July 2022 16:53

අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබූ රාජ්‍ය ලිපි ලේඛන සියල්ල අද දහවල් වනවිට රහසිගතව පිට කිරීමට සූදානම් වන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබුණ බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි කණ්ඩායම් වලට අද පෙරවරු 6.00 වන විට ඉවත් වෙන ලෙස ආරක්ෂක අංශ දැනුම් දී තිබුණත් ඔවුන් පස්වරු 2 දක්වා කාලය ඉල්ලා තිබූ බවත් ආරක්ෂක අංශ ඊට එකඟව සිටි බවත් කියති.

නමුත් රජයේ බුද්ධි අංශ පසුව වාර්තා කර ඇත්තේ අද දහවල් වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසලට සෙනග ගෙන්වා කළ කළකෝලාහල ඇති කිරීමට අරගලයේ යෙදෙන පිරිස් සූදානම්ව සිට ඇති බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙන්ම රාජ්‍ය ලේඛන වල ආරක්ෂාව සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ අනවසරයෙන් රැඳී සිටි පිරිස ඉවත් කිරීමට පියවර ගත් බව ආරක්ෂක අංශ සඳහන් කරයි. (the leader.lk වාර්ථා කළ පුවතක් ඇසුරෙණි)

කෙසේ නමුත් විවිධ කණ්ඩායම් අරගලය මුවාවෙන් වෙනත් වුවමණාවන් වෙනුවෙන් කටයුතුකරන බවට තොරතුරු ලැබී තිබුණු අතර විශේෂයෙන්ම විදේශ සංවිධාන නියෝජිතයන්ද මේ අතර සිටි බව පැවැසේ. රාජ්‍යයේ ආරක්ෂාව වඩා වැදගත් වන අතර ඊට හානිදායක යමක් වේ නම් හෝ අනතුරක සේයා ඇතිනම් ඒ වැලැක්වීම සඳහා පියවර ගැනීමට රජයේ වගකීම විය යුතුව තිබේ.

-

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us