රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ජනාධිපතිවරයාට සිදුකළ හැකියි - මහ බැංකු අධිපති

Published in පුවත්
Friday, 22 July 2022 20:40

ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉදිරි මාස 2 ක කාලය තුළ සියයට 70 සීමාවට ළඟා වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන්.බී.සී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

එසේ ඉහළ යන උද්ධමනය සැප්තැම්බර් මාසය වන විට මධ්‍යස්ථ මට්ටමකට එනු ඇතැයි වීරසිංහ මහතා පැවසුවේය.

චීනය ශ්‍රී ලංකාව ණය උගුලකට හසු කර ඇතැයි පළවන වාර්තා වීරසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය

බලශක්ති නිෂ්පාදනවල මිල ගණන් වෙනස්වීම මත පදනම්ව ඉදිරි මාස දෙක සඳහා උද්ධමනය ගණනය කළ බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක් ලබා ගැනීම සඳහා සුදුසුකම් තිබෙන බවත් එය මාස 3 ක කාලයකදී කොටස් වශයෙන් ලැබෙනු ඇති බවත් සී.එන්.බී.සී නාලිකාවේ ස්ට්‍රීට් සයින්ස් වැඩසටහනට සහභාගී වෙමින් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

විස්තීරණ අරමුදල් පහසුකම යනු ගෙවුම් ශේෂ හිඟය ඇති රටවලට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්මාණය කර ඇති පහසුකමකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදල් ලබා දීම ආරම්භ කළ පසු ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන මුදලට අමතරව තවත් ඩොලර් බිලියන 4 මුදලක් ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇතැයි වීරසිංහ මහතා පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකින් ඔබ්බට යාමට බලධාරීන් මෙය අවස්ථාවක් කරගත යුතු බව වීරසිංහ මහතා පැවසුවේය. වත්මන් ආර්ථික අර්බුදයේ මූලික හේතුව දශක ගනනාවක මූල්‍ය අවභාවිතය බව ඔහු පැවසීය.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට හැකි වෙතැයි වීරසිංහ මහතා සුභවාදීව සිතන බව සී.එන්.බී.සී නාලිකාව සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us