රනිල්ට දැඩි තීන්දු ගන්න වෙනවා, රට අගාධයට වැටීම වළක්වා ගැනීමට - ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

Published in පුවත්
Monday, 25 July 2022 12:05

රටේ ආර්ථිකය අගාධයකට වැටීමට පෙර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ, ඒවායේ වත්කම් ඉවත් කිරීම වැනි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනයට සිදුවනු ඇතැයි හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

බිද වැටී තිබෙන මෙරට ආර්ථිකය යළි පණගැන්වීම සදහා වේදනාකාරී ප‍්‍රතිකර්ම අවශ්‍යව ඇති බවත්, තවරදුටත් රට අගාධය කරා වැටීම වළක්වා ගැනීමට ගත යුතු සියළු ක්‍රියාමාර්ග ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ගනු ඇති බවත්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

”ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඉතා ඉහළ ආර්ථික සාක්ෂරත්වායක් ඇති පුද්ගලයෙකි. කළ යුත්තේ කුමක්දැයි ඔහු හොදින් දනී. පැවති සියළු රජයන් විසින් ගනු ලැබ තිබෙන ජනප‍්‍රියවාදී දේශපාලන තීන්දු තීරණය රටේ ආර්ථිකය මේ තිබෙන තත්ත්වයට ඇද දමා තිබේ. එම ජනප‍්‍රියවාදී තීන්දු දැන් වෙනස් කිරීම රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාට පමණක් නොවේ, ඕනෑම අයෙකුට දුෂ්කරය. නමුත් වත්මන් ජනාධිපතිවරයාට එය කළ හැකි බව මගේ විශ්වාසයයි..!”

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගිය දා විදේශීය මාධ්‍ය ආයතනයක් සමඟ කළ සාකච්ඡාවකදී එසේ ප‍්‍රකාශ කර තිබේ. (If Ranil Doesn't Take Tough Steps, Sri Lanka Economy Could Fall into Abyss: Former Central Bank Head)

කිසිසේත්ම ජනප‍්‍රියවාදී නොවන තීන්දු ගැනීමට ජනාධිපතිවරයා සූදානම් බව පෙනෙන්න තිබෙන බවත්, එසේ නොවුනහොත් රට අගාධයට වැටීම වැළැක්විය නොහැකි බවත් හිටපු මහබැංකු අධිපතිවරයා පවසයි.

පළමු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකමක් ලබා ගත යුතුය. ඔවුන් ණය දීමට එකග වන්නේ නම් අනෙක් ආයතන අපට ණය ලබා දීමට මැලි නොවනු ඇත. එමෙන්ම ඉන් පසුව ආර්ථිකය තුළ පෞද්ගලික ආයෝජන ගලා එනු ඇතැයිද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අනුමාන කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබා දෙනතුරු අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර හා ඉන්ධන ලබා ගැනීම සදහා මුදල් සොයා ගැනීමේ වගකීම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කරමත පැටවී තිබෙන බවද ආචාර්යවරයා පවසයි. ඔහු අනුමාන කරන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලැබීමට තවත් මාස පහක් හෝ හයක් ගතනු ඇත. ඒ දක්වා කාලය සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට බි‍්‍රජ් ෆයිනෑන්සින් හෙවත් අතරමැදි ණය පහසුකමක් සොයා ගැනීමට ජනාධිපතිවරයාට සිදුව තිබේ.

ඉන්පසුව, ආර්ථිකයේ වර්ධනය වේගවත් කිරීම සදහා ගතයුතු පියවර සහ ආර්ථිකය තුළ කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් ජනාධිපතිවරයාට තිබිය යුතු බව හිටපු මහබැංකු අධිපතිවරයා අවධාරණය කරයි.

මේ සියල්ල කරන අතර තුර අවදානමට ලක් වූවන් දිළිදු ජන ප‍්‍රජාව වෙත අවශ්‍ය පහසුකම් සැපයීමට රජය කටයුතු කළ යුතු බව ආචාර්යවරයා පවසයි.මේ යන ආකාරය අනුව, ජනගහනයෙන් හරි අඩක්, දරිද්‍රතා රේඛාවෙන් පහළ මට්ටමට ඇද වැටිය හැකි බව  ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

දැනට ලැබී තිබෙන දත්ත සලකා බැලීමේ දී 2019 ට සාපේක්ෂව ලබන අවසර අවසන් වන විට 8%-10% අතර ප‍්‍රමාණයෙන් ආර්ථිකය පසුබෑමකට ලක්විය හැකි බවටද ඔහු අනතුරු හගවයි.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන කොන්දේසීන්ද බර වැඩිවිය හැකි බවද ආචාර්යවරයා සදහන් කරයි.

ඊට අමතරව මහබැංකුව ස්වාධීන කිරීමේ වැදගත් කම පිළිබදවද හිටපු මහබැංකු අධිපතිවරයා අවධාරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us