එහෙත් ඔහු මහජන නියෝජිත ආයතනයක් නියෝජනය කිරීමේ දී තමාව එතනට ගෙන එම සඳහා ඡන්දය පාවිච්චි කළ පිරිසේ නියෝජිතයා පමණක් නොවේ. ඔහුට එසේ පෙනී සිටීමෙ හැකියාවක් නැත. එම හැකියාව මැතිවරණ ක්ර්මය විසින්ම වලක්වාද තිබේ.
එනම් මේ නියෝජිතයාව තෝරා පත්කර ගන්නා ඡන්ද විමසීම සිදුවන්නේ රහසි ගතවය. තමන්ට ඡන්දය දුන්නෙ කවුරුන් විසින්ද යන්න නියොජිතයාට හෝ වෙන්ත් කිසිවකුට දැන ගත නොහැක. රහස් ඡන්දයකින් මහජන නියෝජිතයා පත් කරගත් කළ ඔහුට නියෝජනය කරනන් වෙන්නේ තමන්ගේ සීමාවේ සමස්ත ඡන්ද දායකයාවය. එතැන පක්ෂ පාට බේද කිසිවක් වලංගු නොවේ.
එසේම ඔහුට තීන්දු තීරණ ගන්න වෙන්නේ ඒ සමස්තය ගැන සිතාය. එහෙත් පක්ෂයක නියෝජිතයෙක් වූ කළ ඔහු එම පක්ෂයෙ තීන්දු තීරණ වලට බැඳී සිටී. එසේ නොහැකි නම් ඔහුට ස්වාධීනවත් කටයුතු කළ හැකිය. පක්ෂයට එරෙහි වූවා කියා දොට්ට දැමීමේ ක්‍රමයක් මේ රටේ නැත. ජනතාවට ඔහුව ආපසු කැඳවීමේ ක්‍රමයක් ද නැත.
එම නිසා පවතින ක්‍රමය දැනට පිළිගත යුතුය.කොහොම නමුත් දැන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු නියෝජිතයන් මාර්ගයෙන් තෝරා ගැනීමේ විරළ අවස්ථාවක් උදා වී තිබේ. එම ඡන්ද විමසීම පැවැත්වෙන්නේද රහසිගතවය. මන්ත්‍රීවරුන්ගේ හර්ද සාක්ෂිය අනුව ඡන්දය පාවිච්චි කළ හැකිය. මෙම ඡන්ද විමසීමද රහසිගතව පැවැත්වීම නිවැරදි පිළිවෙතය. මන්ද ජනාධිපතිවරයා නියෝජනය කළ යුත්තේ තමන්ව පත්කරන කණ්ඩායම පමණක් නොවන නිසාය.
මේ අතර අහවලාට ඡන්ද දී ගමට එන්න එපා, යැයි කියමින් මන්ත්‍රීවරුන්ට කරන බලපැමක් දියත්ව තිබේ. මේ ආරම්බ කළේ ගාළු මුවදොර අරගලකරුවන් විසින්ය.එම නමින් සංවිධානය වී සිටින් පිරිසකි. සමස්ථය ද නොවේ. ඉන් පසුව එම අරගලයේ නායකයන් ලෙස පෙනී සිටින්නන් එම බලපෑම ප්‍රසිද්ධියේ සිදු කරමින් දැන් එය අරගලයට පක්ෂපාත කොටස් විසින් දියත් කරමින් තිබේ.
මෙම බලපෑම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩ බලන ජනාධිපතිවරයා විසින් උපදෙස දී ඇති බවත් වාර්තා විය. එවැනි විමර්ශනයක් අවශ්‍ය වූයේ මේ බලපෑම කුමක්ද ? කවර හේතුවකට කවුරු විසින් සිදුකරන්නක්ද? යන්න සොයා ගැනීමටය.
අරගලකරුවන් පසුගිය මාස කිහිපය තුළ හිටපු ජනාධිපතිවරයාට සහ එවකට ආණ්ඩුවේ මැති මැතිවරුන්ට මෙන්ම ඇතැම් විපක්ෂ මන්ත්‍රීන්ටත් එරෙහිව බලපෑම් සිදු කළ ආකාරය පැහැදිලිය. ඒවා සාමකාමී හෝ සුහද බලපෑම් නොවේ. ඡන්දදායකයන් විසින් සිදු කළ බලපෑම් කියාද කිව නොහැක. නිවාස දේපොළ විනාශ කරමින්, මංකොල්ල කමින්, ඝාතනද සිදු කරමින් එසේ දියත් කළ බලපෑමේ පූර්වාදර්ශ තිබියදී ඔවුන් විසින් නැවත කර බලපෑමද එවැනන්නක් වීමේ සම්භාවිතාව ඉතා ඉහළය. ඒ ගැන විමර්ශනය කිරීම වරදක් නොවේ. එවැනි ප්‍රචණ්ඩකාරී, තර්ජනාතමක බලපෑමක් හමුවේ මැති ඇමැතිවරුන්ට තමන්ගේ කටයුතු කිරීම සම්බන්ධයෙන් බියක් සැකයක් ඇති වීම සධාරණය. ඒ් නිසා ඔවුන්ගේ පැමිණිලල්ද සාධාරණය යුක්ති සහගතය.
ජනතාවට ඔවුන්ගේ නියෝජිතයට බලපෑම කිරීමේ අයිතිය තිබිය යුතු බවත් ඊට එරෙහි වීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවත් මෙම අරගලකරුවන් පවසයි. මහජන නියෝජිතයා පත් කළ ජනතාව යනුවෙන් පොදු හැඳින්වීමක් කළද ඒ සිදු කරන්නේ ජනතාවගෙන් යම් කොටසකි. රහසිගතව සිදු කරන ඡන්ද විමසීමකින් මේ අය පත් කරගන්නා නිසා නියෝජිතයකු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළේ කවුද යන්න හඳුනා ගත නොහැක. එවැනි තත්වයක් හමුවේ මේ අරගලකරුවන් හෝ යම් පිරිසක්, පුද්ගලයෙක් හෝ කරන බලපෑමකදි ඒ තමන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ අය කියා කිව නොහැක.
ගාළුමුවදොර අරගලයේ වැඩි මනත්ම සිටින්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නියෝජිතයන්ය. ජනතාවගේ ඡන්ද දසදහසක් හෝ ලබා ගැනීමට නොහැකි වූ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ කණ්ඩායමකි. මෙම බලපෑම උග්‍රව සිදු කරන්නේ මෙම පක්ෂයේම අතකොළු සංවිධානයක් වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය පිරිසකි. මීට අමතර ජවිපෙ පිරිස්ද දැන් නිර්පාක්ෂිකයි කියන පිරිසක්ද සිටී..මේ කිසිවකුත් මේ පවතින පාර්ලිමේන්තුවේ කිසිවකු වෙනුවෙන් හෝ ඡන්ද පාවිච්චි කළාදැයි සැක සහිතය.
රනිල් වික්‍රමසිංහව පාර්ලිමේන්තුවට යැවීම වෙනුවෙන් හෝ එජාපය වෙනුවෙන් නම් මේ කිසිවකුත් ඡන්දය පාවිච්චි කර නොමැති බව සැක නැතිව කිව හැක. පාර්ලිමේන්තුවේ බහුතරය නියෝජනය කරන්නේ පොහොට්‍ටුව ඉදිරියෙන් වැදුනු ඡන්ද අනුව තේරී පත් වූවන්ය. ටෙලිපෝන් ලකුණ ඉදිරියේ ඡන්දය වැදුන පිරිස අනෙක් වැඩිම නියෝජනය සිදු කරයි. ජනාධිපති තෝරන ඡන්ද විමසීමේදී තීරණාත්මක වන්නේ ඔවුන්ගේ ඡන්දයය. අරගලකරුවන් මේ පාර්ලිමේන්තු නියෝජිතයන් කිසිවකු වෙනුවෙන් හෝ ඡන්ද පාවිච්චි කර තිබේද? කළත් එසේ කිව හැකි නොවේ. මන්ද එය ඔප්පු කළ හැකි නොවන නිසාය.
අරගලකරුවන්ගේ තර්කය අනුව තමන්ගේ නියෝජිතයාට බලපෑම් කිරීමේ අයිතිය ජනතාවට තිබේ නම් මේ බලපෑම කළ යුත්තේ පොහොට්‍ටු සහ ටෙලිපෝන් ඡන්දදායකයන්ය. ඒත් එහෙම තත්වයක්ද දකින්නට නැත. තිබුණත් එය පෙන්විය නොහැක.
මේ නිසා අරගලකරුවන්ගේ බලපෑමට යත් වී අරගලකරුවන්ගේ වුවමණාව පරිදි ඡන්දය පාවිච්චි කිරීමට මහජන නියෝජිතයන් එකඟ විය යුතු නැත. අතිශය සුළුතර පිරිසක් නියෝජනය කරන මෙම අරගලකරුවන්ට අවශ්‍ය විදිහට කටයුතු කෙරේ නම් ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය අවශ්‍ය නැත. අරගලකරුවන්ගේ යෝජනාව අනුව ත්‍රාඩ ඒකාධිපතියකු රට පාලනය කිරීමත් මෙම අරගලකරුවන්ගේ ක්‍රමවේදයත් එකමය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මෙම පිරිස ෆැසිස්ට්වාදීන් ලෙස නම් කිරීම අතිශය නිවැරදිය. ෆැසිස්ට්වාදීන්ට රට යටත් කළ යුතු නැත. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නම් මේ ෆැසිස්ට්වාදී අන්තවාදීන් සුළතරය අඩපණ කළ යුතුය. රටේ පිළිගත් නීතියට ඉහළින් යාමට කිසිවකුට අවසරයක් නැත.එය ජනතා සම්මුතියකි. කොටින්ම ජනාධිපතිවරයට තිබෙන මුක්තිය අහෝසි කළ යුතු බව කියන අරගලකාරීන්ම තමන්ගේ පටු වාසිය, ලාබය වෙනුවෙන් නීතියට එපිටින් යෑම සිදුකරමින් තිබේ. මේ පැහැදිලිවම පරස්පරයකි.
මේ නරක තත්වයන් වලක්වා ගැනීම විය යුතුමය. එක්කෝ අරගලකරුවන් යෝජනාකරන බලහත්කාරී, ත්‍රාඩ ඒකාධිපති ක්‍රමයකට යා යුතුය. නැතිනම් සියළු දෙනාගේ නිදහස සහ අයිතිය සුරැකෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය රැක ගත යුතුය.
පොදු ජනතාව තීරණය කරන්නේ මෙයින් කවරක්ද කියා අමුතුවෙන් කිව යුතු නැත. ජනතාවට අවශ්‍ය තමන්ගේ නිදහස සහ අයිතීන් සුරක්ෂිත, සාමකාමී, සමාජ දේශපාලන සහ ආර්ථික ක්‍රමයකි. ජනතාව අරගලයට ආවෙත් ඒ වෙනුවෙනි. අරගලකරුවන්ගේ ත්‍රාඩ ඉල්ලීම් හා බලහත්කාරය නිසා මේ ජනතාව අද අරගලය අත්හැර තිබේ.
ඒ ජනතා කැමැත්ත දිනවීම පාලකයන්ගේ වගකීමය.
- SJ