රනිල්, අරගලයේ වීරයා වෙයිද?   Featured

Wednesday, 03 August 2022 13:17

පුරවැසි අරගලය ආරම්භ වූයේ එදිනෙදා ජන ජීවිතය පත්වාගෙන යෑමේ අසීරුතාවයන් පදනම් කරගෙන, පාලකයන්ගෙන් තමන් වැටී තිබෙන අසරණ භාවයෙන් මුදවාලන්නය, කියන ඉල්ලීම සමගය. පාලකයන්ගෙන් විසඳුම් නැතිවෙන විට එය පාලකයා පන්නා දමන අරගලයක් බවට පත් විය.

ජනාධිපතිවරයාත් අගමැති ප්‍රමුඛව පැවැති ආණ්ඩුවත් පන්නා දැමීමට අරගලය සමත් වූ අතර ඒ හිස් තැනට දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවටත් දිනේශ් ගුණවර්ධන අගමැතිවරයා බවටත් පත්ව නව ආණ්ඩු පාලනයක්ද බිහිව තිබේ.

පුරවාසි අරගලයට සම්බන්ධ වූ විවිධ දේශපාලනික වුවමණාවන් සහිත පිරිස් විවිධ දේශපලනික ඉල්ලීම් මත අරගලය විවිධ දිසාවන්ට යොමුකර ගැනීමට උත්සහ කළද මෙතෙක් ජයගෙන ඇත්තෙ අරගලයේ මුලික ඉල්ලීම වූ ගෝඨාභය සහ එම ආණ්ඩුව ඉවත්කර ගැනීම පමණි.

කොහොම නමුත් අරගලය විසින් ගොඩ නැගී අනෙක් ඉල්ලීම් අතර පවත්නා දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණයන් දිනා ගැනීම හෝ පාලන බලය සියතට ගැනීම අරගලයේ දැඩි අවශ්‍යතාවයක්ව තිබිණි. එහෙත් ඒ ගෝඨාභයව හෝ රාජපක්ෂලා හෝ පන්නා දැමීම තරම් පහසු කරුණක් වන්නේ නැත. මොකද එය සමාජ විප්ලවයක් තරම් බරපතල කරුණක් වන නිසාය. එසේම ඒ් සඳහා සමස්ත සාමාජීය වුවමණාවක් මෙන්ට ඊට ඇවැසි ද්‍රෘඩතර නායකත්වයක්ද අවශ්‍ය.නිවැරදි ශක්තිමක් දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙක් නොමැතිව විප්ලව ජය ගන්නේද නැත. පවතින තත්වයන් ඒ තරමට මෝරා වැඩී නැති බව පසුගිය මාස කිහිපය තුළ මෙරට පැවැති දේශපාලන වියවුල්කාරිත්වය විසින්ම පෙන්වා දී ඇත. ඒ කොහොම නමුත් අද මේ මොහොතේ පුරවැසියා ඉල්ලා සිටින්නේ සෘජු මහජන බලයක් පිහිටුවන විප්ලවයක් නොවේ. තමන් මේ මොහොතේ අත්විදින පීඩනයට සහනයක්ය. ඒ වෙනුවෙන් වන දේශපාලන හෝ ආර්ථික ප්‍රතිසංස්කරණයන් කිහිපයක් හෝ දිනා ගැනීමය.

දේශපාලන හෝ ආර්ථික ප්‍රතිසංස්කරණයන් වෙත යෑමට නම් මුලින්ම රට අරාජික නොවී පවත්වාගෙන යෑම සඳහා වැඩ සටහනක් අවශ්‍ය ව තිබිණි. ඒ වෙනුවෙන් පුරවැසියාගේ මූලික අවශ්‍යතා හෝ සපුරා දිය හැකි පාලනයක් අවශ්‍යව තිබිණි.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව වත්මන් පාර්ලිමේන්තුව විසින් ඒ අවශ්‍යතාවය පූර්ණ කිරීම අත්‍යාවශ්‍යව පවතී. සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙත ගොනු වෙමින් සමස්ත පාර්ලිමේන්තුවම මේ වෙනුවෙන් එකතු විය යුතුය.

අරගලය විසින් ඉල්ලා සිටිනු ලබන ප්‍රතිසංස්කරණයන් යම් පමණකින් හෝ ජයග්‍රහණය කරවීමට නම් මේ එකතුව අත්‍යවශ්‍යය.ඒ ගැන විවාදයක් නොමැත.

අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුව නව සැසිවාරය ආරම්භ කරමින් ප්‍රකාශයට පත් කරන ලද සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් අත්‍යාවශයෙන්ම විය යුතු දේ ඉතා පැහැදිලිව පෙන්වා දෙනු ලැබ තිබේ.

රටේ මෙතුවක් කල් පවත්වාගෙන ආ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තීන් බරපතල වෙනස් කමකට ලක්විය යුතු බවත් ඒ සඳහා තමන්ගේ ඇති සූදානම සහ උනන්දුව ඔහු මෙහිදි පෙන්වා තිබේ. දැන් අවස්ථාව ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂ මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයටය.

එසේම මෙම පාර්ලිමේන්තුවට පමණක් නොව ජනාධිපතිවරයා මෙහිදී අරගලයේහි නිරත සියලු කණ්ඩායම්ද ආමන්ත්‍රණය කර තිබේ. අරගලය විසින් ඉල්ල සිටි වුවමණාවන් කෙරෙහි ඔහුගේ ඇති සංවේදී තාවය ද මෙහිදි ප්‍රකට කර ඇත. දැන් අරගලකරුවන්ටද මේ ගැන සිය සාකච්ඡාවන් ආරම්භ කළ හැකිය.

පාලකයාගේ පැත්තෙන් පැහැදිලිව කොළ එළියක් දැල්වී තිබිය දී එය මග හැර යළි කැලෑ වැදීමේ හැකියාව දැන් අරගලයට නැත.

අරගලයට මේ ලැබුණු අවස්ථාව නියමාකරයෙන් අරගලයේ ජයග්‍රහණය බවට පත්කර ගැනීමේ බරසාර වගකීමක් ඔවුන් සතුවෙයි.

මීට දින කිහිපයකට පෙර ජේෂ්ට මාධ්‍යවේදී වික්ටර් අයිවන් සිය මුහුණු පොත තුළ 'රනිල්ගේ ඉරණම !' මැයෙන් අතිශය වැදගත් ලියවිලක් ප්‍රකාශයට පත් කර තිබිණි.

එහිදී ..''.නව ජනාධිපතිවරයාගේ එම ප්‍රතිපත්තිය අරගල කරුවන් ගේ බලවත් කෝපයට හේතුවී ඇතත් දෛවයේ සරදමකට මෙන් අරගල කරුවන්ගේ ප්‍රධාන අභිලාශය ලෙස සැලකිය හැකි " ක්‍රමයේ ගැබුරු වෙනස" ක් සදහා අවශ්‍ය වියුහමය ප්‍රතිසංස්කරන වැඩ සටහනකට රාජ්‍යයේ දොරටු විවුර්ත කරන්නාගේ භූමිකාව ක්‍රියාවට නැගීමට මහජනයා විසින් නොව ඉතිහාසය විසින් තෝරගත් පුද්ගලයා බවට පත්ව සිටින්නේද ජනාධිපති රනිල් වික්‍රම සිංහ ය... '' යනුවෙන් සඳහන් කරමින් ගෙන හැර පෑ කරුණු කාරණා සහ අද දින ජනාධිපතිවරයා ඊට ඇති සූදානම ගැන පෙන්වා දී ඇති නිසා අද මෙරට පුරවැසියාට අලුත් සංවාදයකට පුළුල් පරාසයක් විවර කර දී තිබේ.

ජනාධිපතිවරයාගේ අද ප්‍රකාශ හුදු දේශපාලකයකුගේ සාම්ප්‍රදායික කතාවක් සේ සලකා නොසලකා හැරිය නොහැකි තැනක තිබේ.

අද රට පවතින්නෙ ඉතිහාසයේ දුෂ්කරම පරිච්ඡේදය තුළය. පාලකයාත් පාලිතයාත් විශාල අර්බුදයකට මුහුණ දෙමින් ඇත. මෙම අර්බුදකාරිත්වයෙන් ගැලවීමේ පුරවැසියාගේ වුවමනණාවත් පාලකයාගේ වුවමණාවත් සමපාතව තිබේ. දැන් අව්‍යශයව ඇත්තේ මේ සියළු පාර්ශ්ව වල එකතුවීමක් මඟින් අර්බුදයෙන් ගැලවීමේ මාර්ගය සොයා ගැනීමය.. ඒ වෙනුවෙන් කැපවීමය. සාමුහික ජයග්‍රහණයක් මඟින් යළි රටත් පුරවැසියාත් ඔසවා තැබීමේ අරමුණ මිසක් ඊට එරෙහිව යෑමේ හැකියාවක් කිසිවකුට තිබිය නොහැක. අවාසනාවකට තවදුරටත් හුදු පක්ෂ පාට අවස්ථාවාදී දේශපාලන ගෝත්‍රික මතිමතාන්තර මඟින් මේ සාමුහිකත්වයට යමෙකු එරෙහි වේ නම් ඒ රටේත් පුරවැසියාගෙත් ද්‍රෝහියකුම විය යුතුය.

- SJ

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us