ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ක්‍රම පිළිබඳව ඉන්දියාවේ අවධානය !

Published in පුවත්
Thursday, 14 July 2022 19:19

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සංවේදී බවත්, ඔවුන්ට උපකාර කළ හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමු කරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා පවසයි.

කේරළයේ මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

“ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සංවේදී සහ සංකීර්ණයි. අපි කතා කරනකොටත් සංවර්ධන කටයුතු සිදුවෙනවා. අපගේ කැපවීම ශ්‍රී ලාංකීය ජනතාව අපගේ අසල්වැසියන් නිසා ඔවුන්ට සහයෝගය දැක්වීමයි. ඔවුන් මිත්‍රශීලී මිනිසුන් ය. ඔවුන් ඉතා දුෂ්කර අවධියක් පසුකරමින් සිටින නිසා ඔවුන්ට උපකාර කිරීමට අපට අවශ්‍යයි. පසුගිය මාස කිහිපය තුළ අපි ශ්‍රී ලංකාවට අතිශයින් සහයෝගය දැක්වූවෙමු. “අපගේ අවධානය ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඔවුන්ට උපකාර කළ හැකි ආකාරය පිළිබඳවයි. අනෙක් කාරණාවලට අපි සම්බන්ධ නැහැ. අර්බුදයේ ආර්ථික අංශ කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති අතර වෙනත් සාධක ගැන අපි සැලකිලිමත් නොවෙමු. සමාජ මාධ්‍යවල එන හැම දේකටම ප්‍රතිචාර දක්වන්න බැහැ.” යැයිද ඔහු එහි දී වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාව ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙන බවත් දිවයිනේ වර්ධනයන් නිරීක්ෂණය කරමින් සිටින බවත් සරණාගත අර්බුදයක් දැන් නොමැති බවත් අමාත්‍ය එස් ජයශංකර් මහතා පසුගිය ඉරිදා සදහන් කළේය. (උපුටා ගැනීම - ටයිම්ස් ඔෆ් ඕමාන්)

ජාත්‍යන්තර වශයෙන් රටට ලැබිය යුතු ආර්ථික සහයෝගයට අදාළ තීරණාත්මක අවස්ථා ගණනාවක් මේ කාල පරිච්ඡේදය තුළ යෙදී ඇත . දේශපාලන වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනැ‍ඟෙන තුරු මේ සාකච්ඡා ඉදිරියට ගෙන යෑමේ හැකියාවක් නැත. අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙන් ම අයි.එම්.එෆ්.ආයතනය ද ඉහත කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අනතුරු හඟවා ඇත. වෙනස්කම් ඇති කළ යුත්තේ ද ජාත්‍යන්තරය දෙස බලාගෙනය.

ජන අරගලය යහපත් දෙයක් ලෙස පිළිගනු ලැබුව ද එය නිසි ලෙස හසුරුවා ගැනීමට නොහැකි වුව හොත් අප නවතින්නේ අගාධයක පතුලේය. මීට අදාළ ලෝක අත්දැකීම් ඕනෑ තරම් ඇත. ඉරාකයේ ඒකාධිපති නායක සදාම් හුසේන් බලයෙන් පහ කිරීමට එරට ජනතාව සහයෝගය දුන් අතර සදාම් පාලනය බිඳ වැටීමෙන් පසු ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. එහෙත් අනතුරුව බලයට පත් වූ කිසිදු නායකයකුට රට ගොඩනැඟීමට හැකියාවක් තිබුණේ නැත. ජනතාව කබලෙන් ළිපට වැටුණු අතර ඔවුහු නැවත සදාම් යුගයක් ඉල්ලා සිටින තත්ත්වයක පසු වෙති. ලිබියාවේ තත්ත්වය ද ඊට වෙනස් නැත. වත්මන් ලිබියානුවෝ ගඩාෆි පාලනයක් ඉල්ලා සිටින තත්ත්වයට පත් වී සිටිති. වෙනස්කම් සිදු කළ යුත්තේ කෙසේ ද යන ගැටලුවට උත්තරයක් ඉහත රටවලින් ගත හැකිය. මේ සියල්ල සිහි නුවනින් සිත බලා අවබෝධ කර ගැනීම රට වැසියන්නට් බාරය .

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us