රට ලැහැස්ති නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යළි සාකච්ඡාවට එනවාලු

Published in පුවත්
Friday, 15 July 2022 21:53

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මේ වන විටත් ශ්‍රී ලංකා රජයේ තාක්ෂණික මට්ටමේ නිලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බවත් ඉහළ මට්ටමේ නිලධාරීන් සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් IMF ප්‍රකාශක Gerry Rice පවසයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා යළි ඇරඹීම වෙනුවෙන් වත්මන් තත්ත්වයේ සමනය වීමක් බලාපොරොත්තු වන බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසයි.

කෙසේ නමුත් පසුගිය දින කිහිපය මුළුල්ලේ මෙරට තුළ පැවැති ව්‍යාකූල දේශපාලන තත්වයන්, රට තවදුරටත් ආගාධයකට ඇද වැටීමට හේතු වූ බවට ආර්ථික ක්ෂේත්‍රයේ බොහෝ දෙනා පෙන්වා දී තිබිණි. එතෙක් ගොඩනාගාගෙන ආ වැඩ පිළිවෙල සියල්ල යළි අවුල් වීම මෙන්ම රටේ ආර්ථික ක්‍රියාවලිය තවදුරටත් අඩපණ වීමද සිදුව තිබිණි. දිනෙන් දිනම ජනතාව මුහුණ දෙමින් තිබෙන පීඩාවන් උග්‍ර වෙමින් තිබේ.

එහෙත් අවාසනාවකට දේශපාලන බලය වෙනුවෙන් අරගල කරන කණ්ඩායම් මේ තත්වයන් නොසලකා හැර ඇත. දේශපාලන බලය ජනතාවට සේවය කිරීම සඳහා අවශ්‍ය යැයි කියන කිසිවකුත්, ඒ බලයට අභියෝග කරන අරගලකාරීනුත් ජනතාව ගැන හිතන පාටක් පෙනෙන්නට නැත.


මේ අතර ශ්‍රී ලංකාව මේ වන විට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආරම්භ කර තිබෙන සාකච්ඡා හැකි ඉක්මනින් සිදුකර එම මාර්ගයේ යනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා තිබිණි.

ඊයේ රූපවාහිනී විශේෂ වැඩසටහනක් සමඟ එක්වෙමින් අධිපතිවරයා මේ බව පැවසුවේ, ඉදිරියේ දී බලයට පැමිණීමේ අදහසින් සිටින ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට දෙන්න තිබෙන පණිවුඩය කුමක්දැයි යනුවෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි.

' ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරලා, ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා, ණය ප්‍රතිව්‍යූහගතකරණය කරලා, ඒ ක්‍රියාමාර්ගයෙන් පිට වෙන පැත්තකට යන්න උත්සාහ කළොත් මේ රට තවත් අමාරුවකට වැටෙන්නේ.

පළමුවෙනිම පණිවිඩය තමයි මට කියන්න තියෙන්නේ, ඒ ගිය මාර්ගය හැකි ඉක්මනින් ගිහිල්ලා ඉවර කරලා රට මෙතනින් උඩට උස්සලා තියන්න පුළුවන් ඒ මාර්ගයේ ගියොත් විතරයි.

වෙන වෙන දේවල් කරන්න ගිහිල්ලා, අත්හදාබැලීම් කරන්න ගිහිං මේ වගේ වෙලාවක මේ රට මීටත් වැඩිය බරපතල තත්ත්වයකට එන්න පුළුවන්.

එහෙම අත්හදාබැලීම් කරන්න පුළුවන් තත්ත්වෙක නෙමෙයි රට ඉන්නේ මේ වෙලාවේ.'

- මහේෂි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us