අරගලය යෝජනා කළ මහජන කවුන්සිලයට රනිල් එකඟයි !  

Published in පුවත්
Saturday, 16 July 2022 18:23

ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජිවන බර අවම කිරීම සදහා ඉන්ධන ,ගැස් හා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබා දිමට කඩිනම් සහන වැඩසටහන ක් ආරම්භ කිරිමට ගරු වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තිරණය කර තිබෙනවා .

අද(16) උදැසන අමාත්‍යවරුන් සහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකදීයි එතුමා මෙම තිරණය ගෙන ඇත්තේ .

ඊට අමතරව ලබන අගොස්තු මාසයේ දි ඉදිරිපත් කරන සහන අයවැයෙන් ඒ සඳහා තවත් අතිරේක මුදල් යෙදවීමට තිරණය කර තිබෙනවා .

අහාර සුරක්ෂිතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාව දි ගරු වැඩබලන ජනාධිපතිතුමා උපදෙස් දෙන ලදි.

විශේෂයෙන්ම ඉන්ධන සහ පොහොර ක්‍රමවත්ව මෙන්ම කඩිනමින් ලබාදීමට ද මෙහිදී අවධානය යොමු විය .

එමෙන්ම තම ව්‍යාපාර බධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ව්‍යාපාරිකයන්ට සකස් කර දිම කෙරෙහි ද ,මෙම සාකච්ඡාවේදී යොජනා වි තිබෙනවා .

මේ අතර සාමකාමී අරගල නායකයින් විසින් භාර දි ඇති යොජනාවලියේ සදහන් මහජන කවුන්සිලය ,හොඳ යොජනාවක් ලෙස පිළිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡා වදී සඳහන් කළා.

එමෙන්ම දුෂණය මැඩලීම සඳහා ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට ට දැනුම් දෙන බවයි වැඩබලන ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය .

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
2022/07/16

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us