subash

subash

යල කන්නයේ වී මිල දී ගැනීමේ පළමු අදියර සඳහා වී අලෙවි මණ්ඩලය රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබේ.

ගාලුමුවදොර පිටිය නිසි අවසරයකින් තොරව කිසිදු කටයුත්තකට නොදීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික දේශපාලනික හා සාමාජීය අර්බුදයයන් හමුවේ ඒ විසඳා ගැනීම තනි පුද්ගලයකුට, තනි කණ්ඩායමකට, තනි පක්ෂයකට හෝ බෙදී වෙන් වී කරන්න පුළුවන් යනුවෙන් සිතනවා නම් ඒ බරපතල මංමුලා වීමකි. ඉතිහාසය නොදන්නා කමකි.

පේරාදෙණිය විශ්ව විද්‍යායීය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් සෙනරත් පරණවිතාන කෘතුකාගාරය ( The Senarat Paranavitana Teaching And Research Museum) දැන් වසරකට ආසන්න කාලයක් තිස්සෙ මුද්‍රා තබා වසා දමා තිබේ. 2021 සැප්තැම්බර් 02 වන දින විශ්වවිද්‍යාලයෙ උපකුලපතිවරයාගේ මැදිහත් වීමෙන් මෙය සිදු කර ඇතැයි පැවැසේ. එසේ නමුත් ඊටත් බොහෝ කලකට පෙර සිටම මෙම කෞතුකාගාරය විටින් විට  වසා තැබීම සිදුව තිබෙන බවත් දැන ගැනිමට තිබේ.

මේ වන විට තහනමකට ලක් කර තිබූ දෙමළ ඩයස්පෝරා සංවිධාන 06 ක සහ පුද්ගලයන් 318 දෙනෙකුට පන්ව තිබූ තහනම ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය විසින්ය. ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වන්නේ ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාය.

නීතියේ ආධිපත්‍යයට සිදුකරන අතපෙවීම් වලක්වා ගන්නා තෙක් රටක් ලෙස ඉදිරි ගමනක් යෑමට නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති උත්සවයකට එක් වෙමිනුයි උන් වහන්සේ මෙම අදහස් පළ කළේ.

අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් වෙත ආධාර වශයෙන් ලබා දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යුරෝ ලක්ෂයක මුදලක් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පරිත්‍යාග කර තිබුණා. ඒ යටතේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ දී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් පිරිසකට මුදල් පරිත්‍යාග කිරීමටයි මෙම උත්සවය සංවිධාන කර තිබුනේ. ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩයිග්වේ අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වුණා.

පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කරමින් මේ වසරේ මුල් මාස 7ක කාලයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 824.9ක ආදායමක් උපයා ගැනීමට මෙරට සංචාරක ක්ෂේත්‍රය සමත්ව තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුබද්ධ සංවිධානයක් වූ පොදුජන ඉංජිනේරු පෙරමුණ නියෝජනය කළ ඉංජිනේරු වෘත්තිකයන් ‍රැසක් එම සංවිධානයෙන් ඉවත් වෙනම සංවිධානයක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත. පොදු ජන පෙරමුණ පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය දැඩිව විවේචනය කරන එම කණ්ඩායම තව දුරටත් දූෂිත දේශපාලන පක්ෂයක් නියෝජනය කිරීමට තම කණ්ඩායමට කිසිදු හේතුවක් නැති බවත් අවධාරණය කරයි.

චෙස් ක්‍රීඩාව ක්‍රීඩාවේ මූලාරම්බය ඉන්දියාවේ චතුරංග නම් ක්‍රීඩාව ආශ්‍රිත සිදුවූවක් යැයි පැවැසේ. ඒ එක් ජන කතාවකට අනුව, චතුරංග ක්‍රීඩාවේ ආරම්බය සිදු ව ඇත්තේ රාවණා රජ සමය තුළදීය. ඉන්දියාවේ පාලනය කළ එක්තරා රජ පෙළපතක කුමාරවරු දෙදෙනෙක් වූහ.ගෞ සහ ටකාන් එම කුමාරවරුය.

මහනුවර ‌‌ඓතිහාසික දළදා පෙරහැර සියළු සංස්කෘතිකාංග සහිතව අති උත්සවශ්‍රීයෙන් මෙවර පැවැත්වූයේ වසර කිහිපයකට පසුවය. කෙසේ නමුත් මෙවර දළදා පෙරහැර මෑත ඉතිහාසයේ වැඩිම ජන සහභාගිත්වය සහිතව පැවැත්වුණු බවත් වාර්තා වී තිබේ.

Connet With Us