පොහොට්‍ටුවේ පෙති ගැලවේ. ඉංජිනේරුවෝ වෙන් වෙති.

Published in පුවත්
Sunday, 14 August 2022 11:43

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුබද්ධ සංවිධානයක් වූ පොදුජන ඉංජිනේරු පෙරමුණ නියෝජනය කළ ඉංජිනේරු වෘත්තිකයන් ‍රැසක් එම සංවිධානයෙන් ඉවත් වෙනම සංවිධානයක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත. පොදු ජන පෙරමුණ පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය දැඩිව විවේචනය කරන එම කණ්ඩායම තව දුරටත් දූෂිත දේශපාලන පක්ෂයක් නියෝජනය කිරීමට තම කණ්ඩායමට කිසිදු හේතුවක් නැති බවත් අවධාරණය කරයි.

එම නව සංවිධානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

අප පොදුජන ඉංජිනේරු පෙරමුණෙන් ඉවත් වූයේ ඇයි..අප දැන් කරන්නේ කුමක්ද..?

මෙරටට හිතැති අපගේ ඉංජිනේරුවන් බොහෝ දෙනා අප රට ද කෙටි කලෙකින් දියුණු රටවල් සමග කරට කර සිටිනු දැකීමේ සිහින මැවුවෝ වෙති.ඒ නිසාම අප බොහෝ දෙනා ගෝඨාභය රාජපක්ෂයන් ජයග්‍රහණය කරවන්නට කැපවීමු. එතැනින් නොනැවතුණු අප මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක ජනවරමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීමටද අපගේ උපරිම ශක්තිය යෙදවූ බව ඔබට මට මතක බව නිසැකය.

අපගේ ඉංජිනේරුවරුන් සැලකිය යුතු ප්‍රමාණයකට රාජ්‍ය ආයතනයන් වල වගකීම් පැවරීම පිළිබඳ පොදුජන පෙරමුණු පක්ෂ නායකත්වයට ස්තූතිවන්ත විය යුතු වුවත්, එසේ ස්තූතිවන්ත වී දෙන දෙයක් ගෙන කටපියාගෙන ඉඳීම අපගේ ඓතිහාසික වගකීම නොවන බව අපගේ වැටහීමයි.

ලැබුන අතිමහත් බහුතර බලය අයාලේ යන්නට ඉඩ දී දූෂණයෙන් තොර වැදගත් ගෞරවනීය දේශපාලනයක් වෙනුවෙන් වූ බහුතර ජනතා බලාපොරොත්තු දිනෙන් දින බිඳ වැටෙන්නට ඉඩ දීම පිළිබඳ නායකත්වය සංවේදී වූයේ නැත.

සුළුතර විපක්ෂ කණ්ඩායම් අපගේ බහුතර ආණ්ඩුව වෙත දූෂණ චෝදනා එල්ල කරමින් හැසිරෙන්නට පටන් ගත් මුල් කාලයේ සිට අවසාන කාලය දක්වාම ඊට නිසි විදග්ධ පිළිතුරු දිය හැකියි යාන්ත්‍රණයක් පක්ෂය තුළ නොවූ බව මතක් කරන්නේ ඉමහත් කනගාටුවෙනි.

විපක්ෂ කණ්ඩායම් සාධනීය පිළිතුරු දෙමින් අපගේ බහුතර බලය ඔස්සේ රටත් ජනතාවත් දිනවීමට පිඹුරුපත් සකස් කරනවා වෙනුවට,ජනාධිපතිවරයා එක් තැනකට කොටු කොට , ජනවරම ලබා ගැනීමට මුල් වූ අභිලාෂයන් නොතකා හැර සියල්ල කොරොනාව පිට පටවා දමා ඊළඟ ජනාධිපතිවරණයට පක්ෂ නායකත්වය සූදානම් වූ අයුරු මේ අර්බුදයේ මුල බව අපගේ හැඟීමයි.

මේ සියල්ල මෙලෙස පටලවා ගැනීමට හේතු වූයේ ඇති තරම් කාලයක් ගෙන සැලසුම් සහගතව අප වැනි වෘත්තියවේදීන්ගේ සහාය ද ගෙන ජනතා අභිලාෂයන් ඉටු කිරීමට තිබූ අවස්ථාව බුද්ධිමත්ව භාවිතා කිරීමට උවමනාවක් නොතිබීම නිසා බව කල්යත්ම අපට වැටහෙන්නට විය.

විපක්ෂ කණ්ඩායම් දිනෙන් දින සිය ප්‍රචාරක වැඩපිළිවෙලේ ජයග්‍රහණ ලබා ගනිත් ම, මතවාදී පරාජය ලත් අප පත් කළ ආණ්ඩුව , අවසානයේ ජනතා පීඩනය තුලින් අවස්ථාවාදීන් ගෝල්ෆේස් පිටියට ගොනුවී ආණ්ඩුව පන්නා දමන තුරුම කිසිත් කරන්නට බැරිව බෙලහීනව සිටි අයුරු දුටු අප හට ඇති වූයේ අප ගැනම ලැජ්ජාවකි. බලය භාවිතා කරන්නට බැරි කම ද බලය අයුතු ලෙස භාවිත කිරීමද එක ලෙසම වැරදි බව නොවළහා කිව යුතුය.

ආණ්ඩුව නිවැරදි කරගැනීමට ගෙන ආ මිත්‍රශීලී යෝජනා ප්‍රතික්ෂේප වුන බව ද කනගාටුවෙන් වුව කිව යුතුය. රට ඉල්ලන්නේ දූෂණය තොර කළ ජනතාවට සහනදායි වන නවීන රටක් බව ලුම්පන් ප්‍රාදේශීය දේශපාලකයින් නඩත්තු කරනා නායකත්වයක් කිසිදින තේරුම් ගන්නේ නැත. ජනතා ධනය අයුතු ලෙස විසිකරමින් ජන්ද ජයග්‍රහණය කිරීමේ ඡන්ද මැෂින් රටට සැබෑ ජයග්‍රහණ ගෙන දෙන්නේද නැත.

නිදහස් අධ්‍යාපනයෙන් ඵල ලබා ඉංජිනේරුවන් සහ විද්වතුන් වූ අප හට අරගල කරන්නට හඬක් නැති පොදු මහ ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීමේ සමාජ වගකීමක් ඇති බව සියලු දෙනා දැනගත යුතුය.

ජනතා බදු මුදල් නිසි පරිදි යොදවන යාන්ත්‍රණ කෙටි කලකින් සකස් විය යුතු අතර රට තුළ කටයුතු සිදු කිරීමේදී ප්‍රමුඛතා අනුපිළිවෙල හඳුනා ගැනීම අත්‍යවශ්‍යම දෙයක් බව පොදු මහජනතාවගේ වැටහීමයි.

අවස්ථාවදී කපටි දේශපාලන උපක්‍රම වලින් නොව බහුතර ජනතා කැමැත්ත තුළින් අවංක දේශපාලකයින් රට පාලනය කරනු දැකීම මේ මොහොතේ ලක් මාතාව ඉල්ලන බව පැහැදිලිව කිව යුතුය.

රටෙත් ජනතාවගෙත් හද ගැස්ම හදුනාගත් වෘත්තිකයින් වන අප හට තවදුරටත් හෘදසාක්ෂියට වද දෙමින් දූශිත දේශපාලන පක්ෂ තුළ සිටීමේ කිසිදු උවමනාවක් නැති බව සැකෙවින් ම කිව යුතුය. ඒ වෙනුවට පිරිසිදු ප්‍රතිපත්තිගරුක වෘත්තික භාවයෙන් යුත් පුළුල් වෘත්තික පෙරමුණත් සෑදීමටත් පිරිසිදු වෘත්තිකයින් දේශපාලන කරලියට ගෙන ඒමටත් අප කැපවී සිටින බව මේ මොහොතේ සඳහන් කරමු.

ප්‍රගතිශීලී වෘත්තීයවේදී සංසදය
Progressive Professionals Association (PPA)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us