යල කන්නයේ වී ගන්න රු. මිලියන 2000ක්!

Published in පුවත්
Wednesday, 17 August 2022 09:44

යල කන්නයේ වී මිල දී ගැනීමේ පළමු අදියර සඳහා වී අලෙවි මණ්ඩලය රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබේ.

වී ගොවීන්ට ඉහළ මිලක් වී සඳහා දීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පෙරේදා (15) අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබූ අතර වී අලෙවි මණ්ඩලය මඟින් වී අස්වනු මිල දී ගැනීම සඳහා පත් කළ අනුකමිටුවේ උපදෙස් මත අද (17) දින සිටම වී මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමැතිය දුන් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය මඟින් වී මිල දී ගැනීම අද (17) දින සිටම ආරම්භ කෙරෙන අතර මේ යටතේ නාඩු වී කිලෝවක් රු.120කටත්, සම්බා වී කිලෝවක් රු.125කටත්, කීරි සම්බා වී කිලෝවක් රු.130කටත් මිල දී ගැනීමට කටයුතු යොදා ඇත. මේ වන විට වෙළෙඳපොළේ වී කිලෝවක මිල රු.90කටත් වඩා අඩු වී ඇති බවට ගොවි ජනතාව මැසිවිලි නඟන අතර එම කාරණය සැලකිල්ලට ගනිමින් ගොවීන්ගේ වී නිෂ්පාදනවලට උපරිම මිලක් දීම සඳහා වී අලෙවි මණ්ඩලය මැදිහත් වන බවත්, පළමු අදියර යටතේ රු. මි. 2000ක් වැය කර වී මෙ.ටො. 30,000ක් මිල දී ගැනීමට අපේක්ෂිත බවත්, සහල් නිෂ්පාදකයන් විසින් ගොවීන්ගෙන් වී කුණු කොල්ලයට මිල දී ගැනීම වැළැක්වීම සඳහා මේ පියවර ගත් බවත් ඇමැතිවරයා කියයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කළ අතර මේ අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස්, උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහත්වරු ද සහභාගි වූහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us