මේ වන විට මෙරට දියර කිරි නිශ්පාදනය අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙනවාදෝ කියන සැකය ඇති කරවන ක්‍රියාවලියක් සිදු වෙමින් තිබේ.
මෙරට දියර කිරි නිශ්පාදනය පවතින තත්වයන්ට වඩා වැඩි කිරීමට නම් ඒ සඳහා මූලිකම් අවශ්‍යතාවය වන්නේ කිරි එළදෙනුන් ප්‍රමාණය වැඩි කර ගැනීමය. කිරි එළදෙනුන් ප්‍රමාණය වැඩි කරගැනීමට කියා විදේශන්ගෙන් වැස්සියන් ගෙන්වීම විටින් විට සිදු කළත් ඒ බොහෝ විටම අසාර්ථ වී තිබේ. විදේශීය වැස්සියන් මෙරට දේශගුණයට නොගැලපීම හෝ රෙඩ රෝග වල්ට ගොදුරු වීමෙන් හෝ වැඩි මනත් ප්‍රමාණයක් විනාශ විය. නැතිනම් අපේක්ෂිත කිරි නිශ්පාදනය නොලැබිණි.
කොහොම නමුත් වැස්සියන් ගෙන්වූ පලියට කිරි නිශ්පාදනය වන්නේ නැත. මේ වැස්සියන් කිරි ලබා දෙන එළදෙනුන් බවට පත්විය යුතුය.
ඒ සඳහා සිදු කළ කාර්යය වූ ලිංගික වශයෙන් පරිණත වැස්සියන් කෘතිම සිංචනටය ලක් කිරීම මගින් පැටවුන් බිහිකිරීමට සලස්වා කිරි නිශ්පාදනයට සුදානම් කරවීමය. දැන් මෙය කාලාන්තරයක් මුළුල්ලේ සිදු කරන නමුත් එය රටේ අවශ්‍යතාවයට ප්‍රමාණාත්මක නැත. ප්‍රමාණාත්මකව සිදු නොකළත් මෙරටට ගැලපෙන කිරි එළදෙනුන් ප්‍රමාණය බෝ කරගැනීම වෙනුවෙන් තිබෙන ප්‍රධානම යාන්ත්‍රණය එයය.
එහෙත් මේ වන විට එම යාන්ත්‍රණය විශාල පරිමාණයකින් අඩාල වෙමින් තිබේ. මෙය කුමන්ත්‍රණකාරීව සිදු කරනවද ? යන සැකය ඇතිව තිබෙන්නෙ වගකිව යුතු රාජ්‍ය බලධාරීන් මෙය හිතා මතා කරන බවට සාධාරණ සැකයක් ඇතිව තිබීමය.
පසුගිය කොවිඩ් තත්වය මත සහ මෙරට ආර්ථික අර්බුදය නිසා විදේශ ආනයනික පිටි කිරි සඳහා ආනයන සීමා පැනවීමත් සමඟ පිටි කිරි හිඟයක් ඇති විය. එයින් විවර වූ දේශීය කිරි අවශ්‍යතාවය පිරැවීමට සිදු වූයේ මෙරට නිශ්පාදිත දියර කිරි වලිනි. පිටි කිරි වෙනුවට දියර කිරි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා විටින් විට පැවැති රජයන් ගත් ක්‍රියා මාර්ග අසාර්ථකව තිබුණත් මේ නව තත්වය නිසා දියර කිරි සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබුණු අතර මෙරට කිරි පාරිභාජනය කරන්නන් දියර කිරි සඳහා හුරු වීමත් සිදු විය. මේ නිසා නැවත පිටි කිරි ආනයනය කළද ඒවායේ මිළ අධික වීමත් නිසාත් පිටි කිරි සඳහා තිබූ ඉල්ලුම අඩුවීම සිදුවිය. මෙම තත්වය පසුබිමෙහි තිබියදී නැවත පිටි කිරි ඉල්ලුම වැඩි කරගැනීමට නම් මෙරට දියර කිරි නිශ්පාදනය අඩාල කළ යුතු වීම සිදු විය යුතුය.
මේවන විට මෙරට දියර කිරි නිශ්පාදනය අඩාල කරවීම සඳහා යම් සැලසුම් සහගත ක්‍රියාවලියක් සිදු කෙරෙන බවට කිරි ගොවීන් සැක පහළ කරයි. වගකිව යුතු නිලධාරීන් පිටි කිරි සමාගම් වල සංතෝසම් වලට යට වී කිරි නිශ්පාදනයට පහසුකම් නොසලසා කිරි ගොවියන් අධෛර්යමත් කරවන කූට වැඩපිළිවෙලක යෙදෙන බවත් ඔවුනගේ විශිවාසය වී තිබේ.
මෙහිදී බරපතලම ගැටලුව වී ඇත්තේ කිරි එළදෙනුන් බිහිකර ගැනීම සඳහා වන යාන්ත්‍රණය අඩපණ වීමය.
කෘතිම සිංචනය සඳහා වන ගව ශුක්‍ර සහ ඒ ආශ්‍රිත අනෙක් අවශ්‍යතා සියල්ල කිරි ගොවීන් වෙත ලබාදීම රජය මඟින් සිදු කරන්නකි.
කෘත්‍රිම සිංචනය සඳහා ගව ශුක්‍ර හා උෂ්ණත්වය නියාමනය සදහා අවශ්‍ය ද්‍රව නයිට්‍රජන් සැපයීම මධ්‍යම රජය යටතේ පාලනය වන ක්‍රියාවලියක් බැවින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙහි පේරාදෙණිය ප්‍රධාන කාර්යාලයෙන් ඉටු කරනු ලබන රාජකාරියකි .
ගව ශුක්‍ර ලබා දීම සිදු කරන්නේ කුණ්ඩසාලයේ මධ්‍යම කෘතිම සිංචන මධ්‍යස්ථානය මගිනි. මෙමගින් පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තු මෙම ගව ශුක්‍ර හා ද්‍රව නයිට්‍රජන් ලබා ගෙන ප්‍රාදේශිය පශු වෛද්‍ය කාර්යාල හරහා ගොවීන් බෙදා හැරීම සිදු කරයි.
එහෙත් පසුගිය ජුනි මාසයේ සිට බොහෝ පළාත් වලට ගව ශුක්‍ර හා ද්‍රව නයිට්‍රජන් ලබා දීම ක්‍රමයෙන් අඩාල වී ඇත.
මේ තත්වය මත ලබන වසර සඳහා වන කිරි එළදෙනුන් බිහි කිරීම අවශ්‍ය පරිමාණයට සිදු කළ නොහැකි වේ. එළදෙනකගේ කුසක ශුක්‍ර තැන්පත් කර ගවයෙක් බිහිකර ගැනීමට මස නවයාමාරක පමණ කාලයක් ගත වන අතර එම එළදෙනුන්ගෙන් කිරි ලබාගැනීමත් මාස 9 කට පමණ සීමා වේ. ඉන් පසුව නැවත කෘතිම සිංචනය සිදුකර පැටවකු බිහිකරවා ගැනීම කළ යුතුය..
මේ අනුව මේ වන විට කිරි නිශ්පාදනය කරන කිරි එළදෙනුන්ගේ කිරි නිශ්පාදන කාර්යය අවසන් වීමත් සමඟ අලුත් කිරි එළදෙනුන් ද ඒ වෙනුවෙන් සිටිය යුතුය. මෙම ක්‍රියාවලිය අඛන්ඩව සිදුවීම විය යුතුය. ඒ අනුව කෘතිම සිංචනය මගින් එම කිරි එළදෙනුන් බිහිකර ගැනීමට නොහැකි වීම මත මෙරට දියර කිරි නිශ්පාදනය වසරක කාලය තුළදී ක්‍රමයෙන් අඩපණ වන බව පැහැදිලිය.
අවශ්‍ය තරමට ගව ශුක්‍ර ලබා ගැනීම සඳහා දැන් මාස කිහිපයක් තිස්සෙ රටේ සෑම පළාතකින්ම පාහේ කිරි ගොවි සංවිධාන මඟින් කළ ඉල්ලීම් වලට අදාල බලධාරීන් පිලිතුරු දී ඇත්තේ ඩීසල් නොමැතිකම නිසා ඒ ලබා දීම සිදු කළ නොහැකිව තිබෙන බවය.
අප කවුරුත් දන්නා දෙය නම් මෙරට ඉන්ධන හිඟය පැවැතියද ඉන්ධන නැත්තටම නැති වූයේ නැත.එසේම අද වෙන විට එම හිඟ තත්වයන්ද පහව ගොස් ඇත. අනෙක් කාරණය නම් රජයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉන්ධන ලබා දීමේ ල්‍රමවේදයක්ද ක්‍රියාත්මක වූ බවය. එම නිසා ඩීසල් හිඟය නිසා ගව ශුක්‍ර සහ නයිට්‍රජන් ලබාදීමට නොහැකි බව පැවැසීම පිළිගත හැකි කරුණක් නොවේ.
කෙසේ නමුත් පසුගියදා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර හමු වූ ගොවි සංවිධාන මෙම ගැටලුව ගැන දන්වා ඇත. ගොවි සංවිධාන විසින් මෙම ගැටළුව ඇමැතිවරයා වෙත දැනුම් දෙන තුරු කිසිදු කෘෂි බලධාරියකු මේ පිළිබඳව ඇමැතිවරයාට දැනුම් දීමක් හෝ අමාත්‍යංශ / දෙපාර්ථමේන්තු නිලධාරී මට්ටමින්වත් සාකච්ඡාවක් සිදුව නොමැත.
එහිදී ඇමැතිවරයා අදාල බලධාරීන්ගෙන් කළ විමසුමේදී පවසා තිබුණේ එලෙස කිසිදු හිඟයක් හෝ එම වැඩ පිළිවෙලවල් අඩාල වීමක් සිදු නොවුණු බවත් සියල්ල හොඳින් සිදු කෙරෙන බවත්ය.
පසුව ඇමැතිවරයා සාක්ෂි සහිතව කරුණු පෙන්වා දීමේදී මෙම ඩීසල් හිඟ ගැන පවසා තිබිණි.
ඊට පෙර එවැනි ගැටළුවක් තිබෙන බව හෝ ගොවීන් දැනුවත් කිරීමක්ද රජයේ නිලධාරීන් ගෙන් සිදුව නොතිබුණ බවත් මෙම ගොවි සංවිධාන පෙන්වා දෙයි.
මෙම ගව ශුක්‍ර පමණක් නොව ගව ශුක්‍ර බහා තැබීමේදී නියමිත තාපාංකයේ තැන්පත් කර තබාගැනීම සඳහා යොදා ගන්නා ද්‍රව නයිට්‍රජන් රසායනයේ හිඟ තාවක්ද තිබෙන බව සහ ඒ තැන්පත් කරන ටැංකි වල හීඟතාවය ගැනද ගොවි සංවිධාන පෙන්වා දෙයි. නයිට්‍රජන් තැන්පත් කරන ටැංකි හිස්ව තැබීම නිසා එම ටැංකි විනාශ වීම ඉක්මනින් සිදුවේ.
නයිට්‍රජන් දියරයෙහි බහා තබන ගව ශුක්‍ර දින 21 ක උපරීම කාලයකට පමණක් සීමවන නිසා දින 21 කට සැරයක් මේවා අදාල ඉල්ලුම් කරුවන්ට කුන්ඩසාලයේ සිට අදාල ප්‍රදේශ වලට බෙදා හැරීම පළාත් බලධාරීන් විසින් සිදු කළ යුතුය.
ඩීසල් හිඟය නිසා මෙය සිදු කළ නොහැකි බව පවසන වගතිව යුත්තන් ඊට විකල්ප ලෙස පිරිමි ගවයන් යොදා අභිජනන කටයුතු සිදු කර ගන්නා ලෙසද උපදෙස් ලබා දීමත් සිදු කරමින් තිබේ. පිරිමි ගවයන් යොදා ගැනීම ප්‍රායෝගික නොවන බව කිරි ගොවිතැන දන්නා ඕනෑම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරුණකි.
කෙසේ නමුත් මේ සියලු තත්වයන් මත මේ වන විට කෘතිම සිංචන කටයුතු රට පුරාම අඩාල වී ඇත.
වසරකට එක පැටවකු බිහි කර ගත් යුතු වීම සංකල්පයක් ලෙස රජය විශාල මුදලක් කාලයක් වැය කර ප්‍රවර්ධය කරන නමුත් ඒ සංකල්පය ක්‍රියාවට නැගීමේ අවස්ථාවන් මෙම රජයේ පළාත් නිලධාරීන් විසින් අඩපණ කර තිබීම කවර විහිළුවක්ද යැයි ගොවීන් ප්‍රශ්න කරති.
මේවන විටත් දිවයින පුරා දියර කිරි නිශ්පාදනය අඩු වී ඇති බව ගොවීන් පෙන්වා දෙයි.
ඒහෙත් දේශිය කිරි නිශ්පාදනය ඉහළ තලයක් තිබෙන බවට සත්‍ය නොවන තොරතුරු මෙම ප්‍රාදේශිය බලධාරීන් විසින් අමැතිවරයා ඇතුළු ඉහළ බලධාරීන්ට ලබා දී තිබෙන බවත් මේ ගොවි සංවිධාන චෝදනා කරයි. නිදසුනක් ලෙස මාතර දිස්ත්‍රික්කයේ දෛනික කිරි නිශ්පාදනය ලීටර් 18600 ක බවට ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කර තිබු නමුත් සත්‍ය තත්වය ලීටර් 2000 කට අඩුව තිබූ බව හෙළිව තිබිණි.
කොහොම නමුත් දේශීය කිරි ගොවීන් මේ වන විට මුහුණ පා සිටින් ඛේදනීය තත්වයන් මුදවා ලීමට රජය මැදිහත් විය යුතුව තිබේ. කිරි නිශ්පාදනය අඛණ්ඩව කරගෙන යෑමට නොහැකි වුවහොත් මේ කිරි ගෝවීන් ආර්ථික වශයෙන් බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන අතරම මෙරට දියර කිරි අවශ්‍යතාව දැනට සපුරණ ප්‍රමාණයවත් ලබා දීමට නොහැකි වේ. ඒ අතර යළිත් පිටිකිරි භාවිතයට කිරි පාරිභෝගිකයන් යොමු වීම සිදු විය හැකි අතර ඒ වෙනුවෙන් විදේශ විනිමය අහිමි කරගැනීමටද රජයට සිදුවෙයි.
පවතින අර්ථිකක අර්බුද අවස්ථාවේ දේශීය පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීමට තිබෙන දේශීය කෘෂි සහ පශු කර්මාන්ත විනාශ වීමට ඉඩ හැරීම නොවිය යුත්තක් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
-SJ