subash
ඉදිරි දින කිහිපය තුලදී පාර්ලිමේන්තු මන්ත්‍රී 175 දෙනෙකුගේ පමණ බහුතර බලයක් සහිත බහු පක්ෂ ආණ්ඩුවක් බිහිවෙන ලකුණු පහළව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබා දී අගමැති තනතුරට පත් කරගැනීමේ උත්සහයක් පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමක් යෙදී සිටියද ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ සහ රාජපක්ෂ පවුල තුළ විරෝධයක් ඇති බව ද දැන ගැනීමට තිබේ.
බදු වැඩි කළා කිව්වට තවම යහපාලන කාලේ ගහපු ගැහිල්ල ගහලා නෑ.
පවතින ආර්ථික අර්බුදය, ලොකු කුඩා සැමටත් දුප්පත් හා පොහොසත් අයටත් පොදුවේ සහ වෙන වෙනමත් අහිතකර ප්‍රතිවිපාක ගෙන එන්නකි. බොහෝ කාලයක් පැවති, සාර්ව ආර්ථික දර්ශකවල අහිතකර ඇඟවීම් නිවැරැදිව කියවා නොගැනීමත්, එදා වේල බේරා ගැනීම මිස, ස්ථිරසාර කල්පවත්නා ජාතික ප්‍රතිපත්ති කිසිවක් නො වීමත් ආර්ථිකයේ පවතින උපන්ගෙයි දෝසයෝ ය.
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත් 200ත් අතර අගයකින් පහත හෙලීමට නියමිතය.
රාජ්‍ය අමාත්‍යවරු පත්කළද ඔවුනට අදාළ විෂය පථයන් ගැසට් කිරීමක් මෙවර සිදු නොකිරීමට තීරණය කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා තම කැබිනට් අමාත්‍යවරයාට අයත් අමාත්‍යාංශය යටතේ කටයුතු කළයුතු බවත් සඳහන් වෙයි.
ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට පැරිස් සමාජය සූදානම්
ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව පැරිස් සමාජ සාමාජිකයෝ (Paris Club Members ) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය.
ආර්ථික අර්බුදයේ අපහසුතාවයන් ඇති - නැති පාර්ශ්ව දෙකමට දරාගන්න වෙනවා - මහ බැංකු අධිපති
ආර්ථික අර්බුදයකදී ප්‍රථමයෙන්ම ආරක්ෂා කරගත යුතු වන්නේ අඩු ආදායම් ලාබීන් බවත් එම නිසා ඔවුන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතු බවත් මහබැංකු අධිපති (ආචාර්ය) නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙයි.
ජනතාවට දෙන්න ඕන අවශ්‍ය දේ මිස ජනප්‍රිය දේ නෙවෙයි - රවී
අපි දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා සිනි කකා කියනවා නම්, දියවැඩියාව තියෙනවා කියලා දොස්තර කියාවි, ඔබතුමාට මැරෙන්න ඕන නම් ඔහොමම ගත කරන්න. නමුත් ජීවත් වෙන්න ඕනේ නම් ඇඟිල්ලක්, අතක්, කකුලක් කපන්න වෙයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව ඔහුගේ ප්‍රමුඛ කටයුත්ත වූයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමය. අද එය සාර්ථක කර ගැනීමට ඔහු ඇතුළු නිලධාරීන්ට හැකිව තිබේ.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබා දීමට එකඟ බව අද දින නිල වශයෙන් ප්‍රකාශ කෙරිණි.
