ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්

Published in Gossip
Monday, 05 September 2022 13:58

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබා දී අගමැති තනතුරට පත් කරගැනීමේ උත්සහයක් පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමක් යෙදී සිටියද ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ සහ රාජපක්ෂ පවුල තුළ විරෝධයක් ඇති බව ද දැන ගැනීමට තිබේ.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය ඉදිරිපත් කර විශාල මහජන වරමකින් එය දිනා ගත්ත ද, පොදුජන පෙරමුණට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලැබුණද එම බලය නිසි ලෙස පවත්වගෙන් යමින් රටේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ල වන්නේ ගෝඨාභයය රාජපක්ෂ වෙතය.

ඔහු විසින් ජනාධිපතිවරයා ලෙස ගත් නොපැසුණු තීන්දු තීරණ අවසනායේ රට බංකොලොත් කර අතර තවත් වසර ගනනාවක් යන තෙක් බංකොලොත් භාවයෙන් මිදීමේ හැකියාවන්ද අහෝසි කිරීමට ඔහු දායක විය.

ගෝඨාභයට සහ එම ආණ්ඩුවට එරෙහිව පැන නැගුනු ජනතා අරගලයේ බලපෑමෙන් පොදු පෙරමුණු ආණ්ඩුව අවසන් වූ අතර ගෝඨාභයට තනතුරු අත් හැර මෙරටින් පළා යෑමටද සිදු විය.මේ අනුව යළි පොදු ජන පෙරමුණ ජනතාව හමුවේ ජනතා වරමක් ඉල්ලීමේ හැකියාව ද අහෝසි වී තිබේ.

මේ අනුව බරපතල ජනතා විරෝධයකට අපකීර්තියකට පත්ව සිටින්නෙකුගේ නායකත්වයෙන් යළි පොදුජන පෙරමුණ නගා සි‍ටුවීම විහිළුවක් බව පැහැදිලි කරුණකි.

කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිනියේ නැවත අමරිකාව වෙත යාම සඳහා විසා ඉල්ලුම් කිරීම වෙනුවෙන් බව වාර්ත වී ඇත. සංචාරක වීසා බලපත්‍ර මත වෙනත් රටක සිට අමරිකානු වීසා බලපත්‍ර ඉල්ලුම් කිරීමට නොහැකි වීම මත ඔහු මෙරටට පැමිණිය බව ද එම වාර්ත වල සඳහන්ය.

තනතුර අත් හැර පළා ගිය අයකු වූවද හිටපු ජනාධිපතිවරයකු ලෙස ඔහුට හිමි වරප්‍රසාද ලබා දීමට රජය එකඟව තිබේ.

මේ හේතුව නිසා ගෝඨභය රාජපක්ෂට අගමැති තනතුර හෝ රජයේ ඉහළ තනතුරක් ප්‍රදානය කිරීමේ සූදානමක් ඇති බවටත් තොරතුරු ප්‍රචාරය වෙමින් තිබේ.

එසේම ගෝඨාභය රාජපක්ෂ මෙරට තුළ වාසය කරන කාල සීමාවේ දී යළිත් ග්‍රාමීය ගැටළු ගැන අවදානය යොමු කර රජයේ සහයෙන් එම ගැටළු විසඳා දීමට උත්සුක වන බවටත් තොරතුරු ප්‍රචාරය වෙමින් තිබේ. ඒසේ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ වත්මන් ආණ්ඩුවේ මැදිහත් වීමකින් හෝ ගෝඨාභයට තනතුරක් ප්‍රදානයක සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ කර නොමැති බව ද වාර්තා වෙයි.

ඒ අතර ගෝඨාභය රාජපක්ෂ අගමැති තනතුරට පත් කරන්නේද යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡා කර නොමැති බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඊයේ (04) කොළඹදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමක දී පවසා ඇත. රාජපක්ෂ මහතාගේ අනාගත දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ හෝ කිසිදු මැදිහත්වීමක් නොමැති බව ද සහතික කර පවසා සිටී..

කෙසේ නමුත් රාජපක්ෂ පවුලේ ඇතැම් සාමාජිකයන් පවසන්නේ හිටපු ජනාධිපතිවරයා යළිත් ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ නොවිය යුතු බවයි.

Leave a comment

worky

worky1

ld add copy

Latest News

යාපනය සංවර්ධනය කරන්න රු. මි. 322ක්!

යාපනය සංවර්ධනය කරන්න රු. මි. 322ක්!

යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සඳහා රජය විසින් රුපියල් මිලියන 322ක මුදලක් වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්‍...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us