ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්  

Published in Gossip
Sunday, 11 September 2022 15:31

ජනාධිපති රනිල් වික්‍රසිංහට රාජපක්ෂවරුන්ගෙන් සහ පොහොට්ටු කණ්ඩායමෙන් එල්ල වන බලපෑම් අවම කිරීම වෙනුවෙන් ජාතික සභාව ශක්තිමත්ව ගොඩනැංවිය යුතු බව එජාපයේ ජ්‍යේෂ්ට සමාජිකයන් මෙන්ම මේ වෙනුවෙන් පෙනී සිටින විද්වතුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

ජාතික සභාව සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු පක්ෂ සියල්ලෙන්ම සුබදායක ප්‍රතිචාර ලැබී තිබෙන පසුබිමක මෙය කඩිනමින් සක්‍රීය කරගැනිමේ හැකියාවක්ද තිබේ. මෙම සභාව ආණ්ඩු සහ විපක්ෂ සියළු පක්ෂ නියෝජනය කරන්නක් වන අතර රජය ගන්නා සෑම සියළු පියවරයක්ම මෙහි සාකච්ඡාවට බඳුන් වී පැමිණෙන එකඟත්වයන් මත රජය ක්‍රියා කිරීම මෙහි ඇති විශේෂත්වයයි. මෙහිදී මන්ත්‍රී වරුන්ට අමතරව ඒ ඒ ක්ෂේත්‍රවල විද්වතුන් ද මෙම ජාතින සභාව නියෝජනය කරයි. එමඟින් පාක්ෂික වුවමණාවන් යටපත් වී රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු වඩාත්ම යහපත් තීන්දු තීරණ වෙත එළැඹීමට හැකි වෙනු ඇත.

සර්ව පාක්ෂික පාලනයක් බිහිකර ගැනීමට ජනාධිපතිවරයා දිගින් දිගටම විපක්ෂ පක්ෂ වලින් ඉල්ලා සිටි නමුදු ඒ අවස්ථාව රට වෙනුවෙන් යොදා ගැනීමට විපක්ෂය උනන්දු වූයේ නැත. තමන්ගේ ප‍ටු දේශපාලන වුවමණාවන් රටට වඩා ඉදිරියෙන් තැබීම එයට හේතු විය. මේ නිසා ජනාධිපතිවරයාට රටේ දේශපාලන ස්ථාවරත්වය් පවත්වාගෙන යෑමට වෙන වෙනමත් මන්ත්‍රීවරුන් එකතුකරගත් බහු පාර්ශ්වීය ආණ්ඩුවක් බිහි කරගැනීමට සිදු විය. මේ නිසා 37 දෙනෙකුගෙන් යුතු විශාල රාජ්‍ය ඇමැති කණ්ඩායමක් පත් කිරීමට සිදු වූ අතර ඉදිරියේදී තවත් කැබිනට් ඇමැතිවරු කිහිප දෙනෙක්ද අලුතෙන් දිවුරුම් දීම වෙනු ඇති බව පැවසේ.

විශාල ඇමැතිවරු ප්‍රමාණයක් පත් කිරීම ගැන සමාජයෙන් විරෝධය එලල් වෙමින්ද තිබේ. විශේෂයෙන්ම ඇමැතිවරු නඩත්තු කිරීම වෙනුවෙන් රජයේට අතිරේක වැය බරක් දැරීමට සිදු වෙනු ඇත. එහෙත් මේ සම්බන්ධයෙන් වන වියද අවම කර ගැනීම වෙනුවෙන් ඇමැති වරප්‍රසාදය කප්පාදු කරන තීරණය රජය සිටියත් ඒ ප්‍රායෝගිකව පාලනය කරගැම අසීරු වෙනු ඇත.

පක්ෂ මට්ටමින් සියලුම පක්ෂ ඒකරාශී වී සර්වපාක්ෂික වැඩ පිළිවෙලකට එකඟ වූයේ නම් පක්ෂ නියෝජනයට සීමා වන කුඩා ඇමැති මණ්ඩලයක් පත් කර ගැනීමේ හැයාව වුවමණාවටත් වඩා තිබිණි. එහෙත් එම අවස්ථාව විපක්ෂය විසින් කඩාකප්පල් කරන ලදී. ඒ තමන්ගේ ඇති නොහැකියාවන් හෙළිදරව් වීම වලක්වා ගැනීම සහ ජනතාවගෙන් යම් විරෝධයක් ආණ්ඩුව කෙරෙහි වේ නම් එය ඔවුන්ගේ වාසියට යොදා ගැනීමේ වුවමණාවය. මේ විපක්ෂය බලා හිදින්නේ එළැඹෙන මහ මැතිවරණයකදී තමන්ගේ කණ්ඩායමට වැඩි ආසන ප්‍රමාණයක් ලැබා ගැනීමට හැකි වෙනු ඇතැයි සිහිනයකය.

මේ තත්වයන් මත විශාල ඇමැති මණ්ඩලයක් පත් කිරීම ගැන පක්ෂය එල්ල කරන චෝදනා ල කිසිදු සාධාරණ පදනමක් නැත. එම පියවර ගැනීමට ජනාධිපතිවරයාට සිදුවන්නේම විපක්ෂයේ ප‍ටු අවස්ථාවාදී පිළිවෙත හේතුවෙනි.

කෙසේ නමුත් ජාතික සභාව පිහි‍ටු වීම තුළ විපක්ෂය විසින් ජනතාව හමුවේ කරන ආණ්ඩු විරෝධී ප්‍රකාශයන් තවදුරටත් වලංගු නොවනු ඇත. මන්ද පාර්ලිමේන්තු පක්ෂ යල්ල එකමතිකව ගන්නා පියවරයන්ට චෝදනා ගොනු කළ නොහැකි විනි.

ආණ්ඩුකරණය සම්බන්ධයෙන් මෑත ඉත්හාසයේ දිරිපත් වූ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලීම යෝජනාව වන්නේ මෙම ජාතික සභාව යන්න අවිවාදිතය. එයට එරෙහිව විපක්ෂයට කටයුතු කළ නොහැක. එය පැහැදිලිවම ජනතා අපේක්ෂවන්ට එදිරිව යාමක් වෙනු ඇත.

රට මුහුණ දෙන බරපතල අර්බුදයයන් සමනය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා ගත හැකි සෑම පියවරක්ම ගෙන ඒ වෙනුවෙන් වන ප්‍රයෝගික මෙන්ම විශිෂ්ට යෝජනා කිහිපයක්ම සිදු කර තිබේ. ඒ සම්බන්ධයෙන් සියළු පාර්ශ්ව වල සහය අත්‍යවශ්‍යව තිබුණත් අවස්තාවා දී යල් පැන ගිය ජරා ජීර්ණ දේශපාලනයක් තවමත් පවත්වාගෙන යන විපක්ෂ කණ්ඩායම් නිසා රට ඉදිරියට ගෙන යාම තව දුරටත් අසීරු වීම හැර වෙනකක්සිදු වීමට නියමිත නැති බවත් අද පැහැදිලි වෙමින් පවතින කරුණකි.

Leave a comment

ld add copy

Connet With Us