රාජ්‍ය සේවය අඩපණ වීමට හේතුව ජනපති පවසයි

Published in පුවත්
Friday, 07 November 2025 17:45

වසර ගණනාවක සිට රාජ්‍ය සේවයට විධිමත් ආකාරයකින් පුරප්පාඩු සඳහා බඳවා නොගැනීමෙන් රාජ්‍ය සේවා යාන්ත්‍රණය මුළුමනින්ම පාහේ අඩපණ වී ඇතැයි ජනාධිපතිවරයා පවසයි.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මේ නිසාවෙන් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද, රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම හා සේවක සංඛ්‍යාව කළමනාකරණය කිරීම සඳහා වන කමිටුව හරහා සිදුකළ විධිමත් අධ්‍යයනයකින් පසුව 75,000කට ආසන්න පිරිසක් නිසි ක්‍රමවේදයක් යටතේ බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාව පවත්වාගැනීම සඳහා සිටිය යුතු තාක්ෂණික නිලධාරීන්, නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන්, ආදායම් නිලධාරීන් වැනි තනතුරු මීට ඇතුළත් වේ.

එසේම, මින් ඉදිරියට රාජ්‍ය අංශයේ සියලු බඳවා ගැනීම්, උසස් කිරීම් ඇතුළු කාර්යයන් දේශපාලන මැදිහත්වීම්වලින් පරිබාහිරව නියමිත විභාග සහ සේවා ව්‍යවස්ථා අනුව පමණක් සිදුකිරීම මඟින් තරුණ තරුණියන්ට සමාන අවස්ථා ලබාදෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us