කැනඩාවේදී ලාංකික පවුලක් ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් Featured

Published in පුවත්
Friday, 07 November 2025 11:19

ඉකුත් 2024 වසරේ දී කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක් ඇතුළුව 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි මෙරට තරුණායට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ.

අදාළ නියෝගය ප්‍රකාශ කරමින් අධිකරණය දැනුම් දී සැකකරුට දඬුවම ලිහිල්කරගැනීමක් හෝ ලැබීමටත් වසර 25ක් අනිවාර්ය සිර දඬුවම් විදිය යුතුය බවය.

මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නම් තරුණයෙක්ටය.

කැනඩාවේ අධ්‍යාපනය ලබමින් සිටි ඔහු මෙම අපරාධය සිදුකරන විට 19 හැවිරිදි විය පසුවිය.

ඔහුට එරෙහිව පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා 4ක්, දෙවන මට්ටමේ මිනීමැරුම් චෝදනා 2ක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු අතර, ඒ සියල්ලට ඔහු වරද පිළිගෙන තිබේ.

මෙම ඝාතනයෙන් එකම පවුලේ මව වූ දර්ශනී බණ්ඩාරනායක (35), ඉනූක වික්‍රමසිංහ (07), අශ්විනී වික්‍රමසිංහ (04), රින්යානා වික්‍රමසිංහ (02), කෙලී වික්‍රමසිංහ (02) ඝාතනය විය.

ඊට අමතරව එම නිවසේ සිටි ගාමිණී අමරකෝන් (40) නම් අයෙක්ද ඝාතනය වූ අතර, දරුවන්ගේ පියා බරපතළ තුවාල ලැබීය.

තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ, මෙය නගර ඉතිහාසයේ දරුණුතම අපරාධවලින් එකක් බවය.

එමෙන්ම ලස්සන පවුල් දෙකක් විනාශ කර ජනතාව භීතියට පත්කළ බවත් සැකකරුට පවසා ඇත.

මෙහිදී දිවි ගලවාත් මියගිය දරුවන්ගේ පියා අධිකරණයේ දී පවසා ඇත්තේ, සැකකරු හය වතාවක් පිහියෙන් ඇන්න බවය.

ඒ හේතුවෙන් තමන් දැඩි වේදනාවකින් පසුවන බවත්, ස්නායු හානි සිදු වි තමාගේ ඇඟිලි කිහිපයක් අහිමි වී ඇති බවත්ය.

දරාගත නොහැකි ඛේදවාචකයෙන් තම පවුල, නිවස සහ ජීවනෝපාය අහිමි වූ බව ඔහු අධිකරණයේදී පවසා ඇත.

"මම හැමදාම අවදි වෙන්නේ ඒ අයගේ මුහුණු මගේ හදවතේ තියාගෙන" ඔහු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us