175 ක බහුතර ආණ්ඩුවක් ? Featured

Published in පුවත්
Tuesday, 06 September 2022 11:26

ඉදිරි දින කිහිපය තුලදී පාර්ලිමේන්තු මන්ත්‍රී 175 දෙනෙකුගේ පමණ බහුතර බලයක් සහිත බහු පක්ෂ ආණ්ඩුවක් බිහිවෙන ලකුණු පහළව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ වන විටත් විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් මෙන්ම තවත් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීන් වෙන වෙනමත් ආණ්ඩුවට එක්වී අකටයුතු කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සර්ථතව තිබෙන බවත් දැන ගැනීමට තිබේ.

විපක්ෂය් පක්ෂ නියෝජනය කරන පක්ෂ නියෝජිතයන් රැසක් ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙලට ප්‍රසිද්ධියේම සහය පළ කරමින් සිටින අතරම ප්‍රසිද්ධියේ විවේචන ගොඩනගමින් සිටින ඇතැම් මන්ත්‍රීවරු ‍රැසක්ද අප්‍රසිද්ධියේ ජනාධිපතිවරයා මුණ ගැසී ආණ්ඩුවට එක්වීම හෝ තීරණාත්මක මොහොතකදී ජනාධිපතිවරයාට සහය දීමේ පිළිවෙතකට එකඟ ව සිටින බවත් ජනාධිපතිවරයාට සමීප තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

මේ අතර පසුගිදා එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ජනාධිපතිවරයාට් මන්ත්‍රීන් 175 කගේ පමණ සහයෝගයක් අවශ්‍ය බවය. එවැනි ස්ථාවර ශක්තිමත් ආණ්ඩුවක් පැවැතීම වර්ථමාන ආර්ථික සහ සමාජීය අර්බුදයන් ජය ගැනීම වෙනුවෙන් වන තීරණාත්මක අවශ්‍යතාවයකි.

මෙම මාධ්‍ය හමුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ගොඩගැනීම සඳහා සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍ය බව දිගින් දිගටම ප්‍රකාශ කර ඇති බවත් වජිර අබේවර්ධන මහතා පවසා තිබිණි.

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතියේ භාරකාරත්වය භාර අරගෙන තිබෙනවා. එහෙනම් ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය එතුමා දිගින් දිගටම ඉල්ලනවා. මේ රට වැටුණු තැනින් ගොඩගන්න නම් අඩුම ගාණේ පාර්ලිමේන්තුවේ 175 දෙනෙකුගේවත් සහයෝගය අවශ්‍ය බව එතුමා දිගින් දිගටම ප්‍රකාශ කරලා තිබෙනවා. ගැලපෙන – නොගැලපෙන සියලුම දේශපාලන පක්ෂ එකතු කරගැනීම සඳහා ජාතික වැඩසටහනකට එකමුතු කරගැනීම තමයි කරගෙන යන්නෙ. එවැනි දෙයක් උදේ බලලා හැන්දෑවෙ පටන් ගන්න බෑ”

මෙම ගනන් හිලව් ගැන විශ්වාසයක් තැබිය නොහැකි නමුත් එය ප්‍රකාශයට පත් කරන වජිර අබේවර්ධන යනු මේවා ටක්කෙටම පවසන අයෙකි. පාර්ලිමේන්තුව මඟින් ජනාධිපති තෝරා පත් කරගත් රහසිගත ඡන්ද විමසුමෙන් රනිල් වික්‍රමසිංහ මහතාට 135 ක බහුතරයක් ලැබෙන බව ඔහු පවසා සිටියේ එම ඡන්දයට දින දෙකකට කලින්ය.මේ නිසා ඔහු මේ පවසන 175 ක ඉලක්කම පහසුවෙන් බැහැර කළ නොහැක.

කෙසේ නමුත් සර්ව පාක්ෂික පාලනයක් පිහි‍ටුවා වත්මන් අර්බුදය විසඳා ගැනීමට සාමුහික උත්සාහයක් ගමු ය කියන ජනාධිපතිවරයාගේ ඉල්ලීමට මේ වන විට බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් එකඟව සිටීම රටේත් ජනතාවගේත් ජයග්‍රහණයක් වෙනු ඇත.

අනාගත මහ මැතිවරණයක දී තමන්ට ආවාසියක් වේ යැයි සිතන ප‍ටු කුහක දේශපාලන නායකයන් මේ අර්බුද මොහොතෙත් කටයුතු කරමින් සිටින්නේ රට ගොඩ නගන වැඩ පිළිවෙල කඩාකප්පල් කර තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමේ නිර්ලජ්ජිත දේශපාලනයකය.

තමන්ගේ මන්ත්‍රීවරු මුදලට වරප්‍රසාද වලට මිලදී ගැනීමේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බවට ඇතැම් පක්ෂ නායකයන් මැසිවිලි නගමින් සිටින්නේ තමගේ පක්ෂයේ බහුතරයක් මේ වන විටත් ජනාධිපතිවරයාගේ රට ගොඩ නගන උත්සාහය සමඟ එකතුවීම සිදුව ඇති නිසාය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us