subash
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපන් ජනතාවගේ ප්‍රදානයක් ලෙසින් මෙට්‍රික් ටොන් 2000ක වටිනාකමින් යුතු ආහාර තොගයක් ශ්‍රී ලාංකීය ජපාන තානාපති මිසුකොෂි හිදේකි මහතා විසින් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත ඊයේ ( 29) භාර දෙන ලදී.
මෙම වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත නැතිනම් අතුරු අය වැය යෝජනාවලියක් අද දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.
විදේශ ආයෝජනයකින් සිදුවන්නේ මෙරට සම්පත් වෙනත් රටකට විකිණීම බවට මිනිසුන් බිල්ලෙක් මවාගෙන සිටින බවත් එම බිල්ලාගෙන් අප කෙසේ හෝ ගැලවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද (29) පාර්ලිමේන්තුවේදී සභාව අමතමින් පවසා සිටියේය.
විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයේ දී විදුලි බල මණ්ඩලය දිගින් දිගට ම පාඩු ලැබීමට හේතුවක් ලෙස විදුලි බල මණ්ඩලයේ අධික සේවා නියුක්තිය ගෙන හැර දැක් වූ කබීර් හෂීම් මන්ත්‍රීවරයා විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඒ සඳහා චෝදනා කර තිබිණි.
පොහොට්ටු ආණ්ඩුව සහ සර්ව පාක්ෂික ආණ්ඩුවේ වෙනස නොතේරීම
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවා පවතින අර්බුදයයන් විසඳා ගැනීමට යෝජනා කළ ද මෙතෙක් ඒ සඳහා විපක්ෂ පක්ෂ වලින් සාධනීය ප්‍රතිචාරයක් නැත.
අරගලයෙන් බැරිනම් සරුංගලයෙන් හරි පිටරට පැනීම තමයි වැඩේ.
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන ආර්ථික ආදී අර්බුද දඩමීමා කරගෙන විදේශීය රට වල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ උද්ඝෝෂණ දැන් එතරම් අමුතු දේ නොවේ. පසුගිය අරගල සමයේදී මෙන්ම මෑත වසර තිහක පමණ කාලයක් බැලුවහොත් මෙවැනි උද්ඝෝෂණ නිරන්තරයෙන් සිදුව තිබේ.
ඊයේ රන්ජන් රාමනායක බන්ධනාගරයේ පිටතට එන විට ඔහුව රැගෙන ආවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. එසේම එතැන් සිට මහා මාර්ගයටත්, වාහනයටත්, විපක්ෂ නායක කාර්යාලයටත් රන්ජන්ව පරිස්සම් කරගෙන ඔහුගේ අවශ්‍යතාවයන් ඉටු කරමින් රැගෙන ආවෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය.
ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය මුලින්ම “ජාතිය“, පසුව “පංතිය“, නැවතත් “ජාතිය“, ඉන්පසුව “ජනතාව“, යනුවෙන් ෆේස්බුක් සටහනක් පසුගීයදා ආචාර්ය නිර්මාල දේවසිරි දමා තිබිණි.
ඒ ගැන ඔහු වැඩි මනත් විග්‍රහයක් කර නොතිබුණත් ලංකාවේ නිදහසෙන් පසු දේශපාලනය තුළ ජාතිය සහ පන්තිය ගැටුම්කාරී දේශපාලන භාවිතවක නිරත වූ බව ඇත්තකි. එසේම ජනතාව මේවායේ අනර්ථකාරී ගොදුරු බවට පත්වීමත් පිළිගත යුතුය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (අගෝ. 26) අත්සන් තබා තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් අද (25) සමාව අයැද සිටී.
