අපි වැරදි නොකළා නම් IMF යන්න අවශ්‍ය වෙන්නෑ - ඉරාන්

Published in පුවත්
Monday, 29 August 2022 15:21

විදේශ ආයෝජනයකින් සිදුවන්නේ මෙරට සම්පත් වෙනත් රටකට විකිණීම බවට මිනිසුන් බිල්ලෙක් මවාගෙන සිටින බවත් එම බිල්ලාගෙන් අප කෙසේ හෝ ගැලවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද (29) පාර්ලිමේන්තුවේදී සභාව අමතමින් පවසා සිටියේය.

තව ද නිසි ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට රටක් වශයෙන් අප කටයුතු කළහොත් IMF සහය ලබා ගැනීමේ දී කිසිදු අවශ්‍යතාවක් ඇති නොවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ ය.

"අපි මේ ප්‍රතිසංස්කරණ හරි ඒවාවලට සහයෝගය දෙන්න ලෑස්තියි. හැබැයි අපි මතක් කරන්න ඕන මේක අර සයිටම් එක වගේ හරි නෙවිල් ප්‍රනාන්දු රෝහල වගේ නම්, කර ගන්න එපා. මොකද මට මතකයි එදා එස්.බී දිසානායක මැතිතුමා ඒක ඉදිරිපත් කරනකොට අපි සහයෝගය දුන්නා. අන්තිමට අපට වෙච්ච වැඩේ. මොකද සමහර වේලාවට ආණ්ඩු මාරු වෙනකොට මේ පැත්තෙන් ඒ පැත්තට යන කොට සමහර වෙලාවට අපට අමතක වෙනවා මොකට ද අපි සහයෝගය දුන්නේ නුදුන්නේ කියන එක.

අනිත් එක අපි ආයෝජකයට විරුද්ධ නැහැ. ඒක මම පැහැදිලිව කියන්න ඕන ආයෝජනයට විරුද්ධ නැහැ. දේශීය හෝ විදේශීය ආයෝජනයට විරුද්ධ නැහැ. රට ඉස්සරහට ගන්නනම් ආයෝජනය අත්‍යාවශ්‍යයි. අපේ ඉතිරිය මදි. ඉතිරිය මදිනම් ආයෝජනය කරන්න මදි. ඒක නිසා විදේශ ආයෝජනවලටත් අපි එකඟ වෙන්න ඕන. මම හිතන්නේ මේ බිල්ලා, මේ බිල්ලෙක් මවා ගෙන ඉන්නවා විදේශ ආයෝජනයක් නම් කොහොමහරි මේ රට විකුණනවා කියලා බිල්ලෙක් මවලා තියෙන්නේ ඕකෙන් අපි ගැලවෙන්න ඕන.

අපි ආර්ථික ප්‍රතිපත්තිවලට ආවාම IMF එකට නැවෙන්නේ නැහැ. IMF එක එක්ක හෝ IMF එක නැතුව වුණත් අපි හරි ආර්ථික ප්‍රතිපත්තිවලට යා යුතුයි. ඒකේ දෙකක් නැහැ. IMF එක එක්ක හෝ නැතුව. හැමදාම කලින් කලට මේ IMF එක බිල්ලෙක් කරගෙන එක එක විදිහට පෙන්න පෙන්න යනවා. අපි රට හරියට ගෙනයනවනම්, ආර්ථික ප්‍රතිපත්ති හරියට යනවනම් IMF එකක් ඕන නැහැනේ. IMF එකක් ඕන නැහැ. උන් මෙහේ පැනලා එන්නේ නැහැ.

මේ මොකක් ද බිල්ලෙක් මවා ගෙන රටට බොරු කිය කිය හැම තිස්සෙම, වැරදුන නිසානේ එතනට යන්නේ. රටේ තියන ශ්‍රේණි ගත කිරීම් පහලට ගිය නිසානේ එතනට යන්නේ. නැත්තන් යන්න ඕන නැහැනේ. දැන් මේ ශ්‍රේණිගත කිරීම කිරීම රටේ ශ්‍රේණිගත කිරීම කොහොමද ඉහළට ගන්නේ, කොහොම ද අපි නැවතත් ණය වෙළඳපොලට යන්නේ, නොහොම ද අපි විදේශ ආයෝජන ආකාර්ෂණය කර ගන්නේ."

biz.adaderana

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us