subash

subash

බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දූත පිරිස සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සමාජ මාධ්‍ය විවිධ සාවද්‍ය තොරතුරු හුවා දක්වමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කරන බව නිරීක්ෂණය වෙයි.

විදූලි බිල් වැඩි වීම ගැන භික්ෂු විරෝධය අනුව තේරුම් යන්නේ නිවන උදා කරගන්න නම් පත්තු වුණු බල්බ තිබිය යුතු බව වත්මන් බුද්ධාගමේ භික්ෂු පරපුර තේරුම් ගෙන තිබෙන බවය. එහි පුදුමයක් නැත. අද භික්ෂු සාසනයේ සාතිශය බහුතර භික්ෂුන් කටයුතු කරන්නේ බුද්ධ දේශනාව අනුව නොවන බව පැහැදිලි කාරණයකි. අද බුද්ධ බලය, විදුලි බලයට යටත් කර තිබේ. බල්බ පත්තු නොකර නිවන් යන්න බැරි යැයි සිතන්නේ ඒ් නිසාය.

මෙම වසරේ (2022) මුල් මාස 08 තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයින් ගණන 496,430 ක් වන අතර එය පසුගිය වසරට වඩා දෙගුණයකට වැඩි ප්‍රමාණයක. වර්ධනයත් බව වාර්ථා වේ.

ශ්‍රි ලංකාවේ ජනමාධ්‍ය කටයුතුකරන වගකීම් විරහිත භාවය නැවැත වරක් පෙන්නුම් කරමින්, විස සහිත හාල් ලංකාවට ගෙනා බවට ඉරිදා මව්බිම හා ඉරිදා අරුණ පුවත්පත පළකර ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මේ වසරේ ජනවාරි සිට මේ දක්වා පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බවත්, පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ, වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, ලසන්ත රත්නවීර මහතා පෙන්වා දෙයි.

රටේ 'ජනමතය' දේශපාලකයෝ නිතර තොරොම්බල කරන වචනයකි. ජනමතය මේ යයි කියමින් ඡන්ද පන්දාහක්වත් ජනමතයක් නැති දේශපාලන පක්ෂද කතා කරන්නේ ඔවුන්ගේ මතය රටේම මතය යැයි සිතාගෙනය. මෙය නොදන්නාකම, අනවබෝධය මත හෝ තක්කඩි කමට කරනවා ඇතැයි කියා සාධාරණව සිතුවත් බොහෝ විට මේ අය ඇත්තටම හිතන්නේ රටේ ජනමතය තමන්ගේ මතය බවය.

ශ්‍රී ලංකාවේ තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා යුරෝපා සංගමය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.83 ක් හා යූරෝ මිලියන 18.75 ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති බව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය රෙනේ වෑන් බර්කල් (Dr. Rane Van Berkel) මහතා පවසයි.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ඇමරිකන් ඩොලර් මිලියන 27ක් පාසල්වල ප්‍රාථමික අංශවල ‌පාසල් දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීමේ වැඩපිළිවෙළකට ලබාදීමට එකඟතාවය පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතාව තහවුර කිරීමට ජාතික සැලැස්මක් ඔස්සේ කටයුතු කළයුතු බව ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපනය කිරීමේ සමාරම්භක වැඩසටහන අමතමින් ඊයේ ප්‍රකාශ කර තිබිණි.

මෙම වැඩසටහන ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය උපදේශකයින් වන ලැසාර්ඩ් ආයතනය චීනය, ජපානය සහ ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

2022 ජූලි මාසයට අදාළව නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙය ප්‍රකාශයට පත් කරනු ලබයි.

Connet With Us