subash

subash

පොදුජන පෙරමුණ මේ වන විට කොටස් කීපයකට කැඩී වෙන්වී ඇති බවත් තමන් සමඟ එකතුවිය හැකි සුළු පිරිසක් සමඟ හෝ පක්ෂය නැවත ගොඩනගන බවත් එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය හම්බන්තොට ඉදිකිරීමට අදාළ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ලබන මාසයේ අමෙරිකාවට බලා පිටත් වීමට නියමිතය.

ජනාධිපතිවරයාට මසං ගෙඩි පෙන්වා ඒ කොළ ඇපල් කියා රවටා ඇති බවට කතන්දරයක් සමාජ මාධ්‍යයේ හිට් වී තිබේ. නමුත් මේක ඔවුනොවුන් විසින්ම නිර්මාණය කර ගත් කතාවක් මිසක් ඇත්තක් නොවේ..

මහ ලේවායේ මිදුණු ලුණුත්, ගෙපැලක් ගෙපැලක් පාසා මිදුණු මීකිරිත්, නිසා "රුහුණ” යනු මෙරට ජනයාගේ මිහිරි මතකයේ කොටසකි. ඉකුත් වු අතීතයටත්, ශේෂවු වර්තමානයටත්, ඒ මිහිරි මතකය ගලවා දැමීමට නොහැකිය. රජමැදුරත් ගැමි ගෙදරත් මුල්තැන් ගෙයත් කෑම මේසයත් යාකල කිරි සහ ලුණු යනු රස දෙකක් නොව රුහුණේ පාරම්පරික මහා කර්මාන්ත දෙකකි.

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශපාලන කඳවුර අතහැරීමට රාජපක්ෂ කඳවුරේ තවත් ප්‍රබලයන් පිරිසක් සුදානම් වන බව දැනගැනීමට ඇත. ඔවුන් මේ වන විටත් තමන්ගේ සමීපතමයන් සහ ප්‍රධාන ආධාරකරුවන්ගේ මත විමසුම් කරමින් සිටින බව වාර්ථා වෙයි.

දෙමළ ජාතින සන්ධානය 22 ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ එම පක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙකුම ද්විත්ව පුරවැසියන් වීම පදනම් කරගෙන බව දැන ගැනීමට ඇත.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති තාවකාලික ආර්ථික පසුබෑම ඉතා ඉක්මනින් පහව යනු ඇති බව ඉන්දියානු සහකාර මහ කොමසාරිස් විශේෂඥ වෛද්‍ය අතීරා සරසන් මෙනෙවිය පවසයි.

ඉදිරි මැතිවරණයට එක්ව තරග කිරීමට රනිල් - බැසිල් එකඟතාවයක් යනුවෙන් පළවන පුවත් සාවද්‍ය බව විශ්වාසදායක කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (SLPP) ස්වාධීනව  මන්ත්‍රීවරු 40 පමණ නව දේශපාලන සන්ධානයක් පිහිටුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙම මන්ත්‍රීවරුන් අතරට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වැනි කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද ඇතුළත් බව ඩේලි මිරර් පුවත් පත පවසයි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පසුගියදා තමන් චීන මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Connet With Us