subash

subash

අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ අවසන් කතාව කළේ විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි සිය කතාව නිමා කළේ මංගල සමරවීර ගැන විපක්ෂය නොකියන කතාවක් කියමිනි.
තමන් විටෙක එකඟ නොවුනත් ඔහු කී කතා මොනතරම් ප්‍රායෝගික වී දැයි දක්වමින් අලි සබ්‍රි කී කතාව මෙසේය.

රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කළ ප්‍රථම අය වැය යෝජනාවම පාරජය කිරීමට විපක්ෂයේ පක්ෂ තීරණය කර ඇත. ඒ අනුව සමගි ජන බලවේගය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, විමල් වීරවංශ කණ්ඩායම, ඩලස් - ජී එල් කණ්ඩායම, අනුර යාපා ඇතුළු ස්වාධීන කණ්ඩායම මේ වන විට අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කර ඇත. ඔවුන්ගේ ගනන් හැදීම අනුව අයවැය පරාජය කිරීමට අවශ්‍ය බහුතර ඡන්ද ප්‍රමාණය ඔවුන්ට ලැබීමට නියමිතය.

සක්‍රීයව නොමැති නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක සඳහන් කරයි.

ඩෝහා -කාටර් හී පැවැත්වෙන මෙවර ලෝක ශූරතා පාපන්දු තරගාවලියට (FIFA) සමගාමීව මෙරට සංචාරක ආකර්ෂණය වැඩි කරගැනීම වෙනුවෙන් දියත් කළ වැඩපිළිවෙලද සාර්ථක වන ලකුණු පහළ වී ඇත. ඊයේ දින ආරම්බ වූ කටාර් - ඉක්වදෝර් පළමු තරගයෙන් පසුව පාපන්දු ලෝලින් ගනනාවක් මෙරට සිය අතරමැදි නවාතැන ලෙස යොදා ගැනීම සිදුව තිබේ. ඉදිරි දින කිහිපයේදී මෙම ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවීමට නියමිත බව මේ වන විට ලැබී තිබෙන තොරතුරු සනාත කරයි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා ප්‍රමුඛතම අවශ්‍යතාවය ලෙස හඳුනාගෙන ඇත්තේ රාජ්‍ය ආදායම් සහ වියදම් අතර පරතරය පියවා ගැනීමය. කවුරු, කවර දේශපාලන හෝ ආර්ථික මතවාදයක් දැරුවද මේ ගැටළුව විසඳා ගැනීම හැර මේ අර්බුදයෙන් ගැලවීමට වෙන උත්තර නැහැ. ඩොලර් බිලියන් ගනනින් ණය ලැබුණත් රාජ්‍ය ආදායම් වියදම් පරතරය පියවා ගැනීමට නොහැකි නම් ඒ ඩොලර් වලිනුත් වැඩක් වන්නේ නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද පෙන්වා දෙන්නේ ඒ ඇත්තය.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට තිබෙන ප්‍රශ්න මෙරට තුළම විසඳා ගැනීමට හැකියාව තිබෙන බවත්, ඒ සඳහා පිටස්තර කිසිවෙකු අතපෙවීමට නොපැමිණෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉදිරි දෙවසර සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත.

විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පැවැති බාධා ඉවත් කරන ලෙස ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් දී ඇත.

Connet With Us