මංගල ගැන විපක්ෂයේ කවුරුත් නොකී කතාව, අලි සබ්‍රි කියයි

Published in පුවත්
Wednesday, 23 November 2022 10:51

අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ අවසන් කතාව කළේ විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි සිය කතාව නිමා කළේ මංගල සමරවීර ගැන විපක්ෂය නොකියන කතාවක් කියමිනි.
තමන් විටෙක එකඟ නොවුනත් ඔහු කී කතා මොනතරම් ප්‍රායෝගික වී දැයි දක්වමින් අලි සබ්‍රි කී කතාව මෙසේය.

"මංගල සමරවීර මැතිතුමා අවස්ථා කීපයකදී කළ විවිධ ප්‍රකාශවලට සමහර විට අපි හිනා වුනා. එකඟ වුනේ නෑ. සමහර දේවල් අපි පිලිගත්තා. "

"එක දෙයක් එක්ක අපි දිගටම එතුමත් එක්ක එකඟවුනා. එතුමා කිව්වා මේ රටේ සිංහල දරුවටයි, මුස්ලිම් දරුවටයි, දෙමළ දරුවටයි මේ මගේ රට කියලා ඔහුගේ හිතට දැනෙන තුරු අපට සැබෑ සංහිඳියාවක් හොයා ගන්නට බෑ. සැබෑ සංහිඳියාවක් නැතිතාක් රට දියුණු කරන්න බෑ කියන එක. අපි ඒකට එකඟ වුනා."

"එතුමා ඒ කාලේ ඉන්ධන මිල සූත්‍රයක් ගෙනාව. අපි ඒකට හිනා වුනා. නමුත් අපිට සිද්ධ වෙලා තියනවා ඒක අයෙ ගේන්න."

"ඒ හා සමානවම බදු ප්‍රතිපත්තිය වෙනස් කරනකොට එතුමා ට්විටර් එකකින් කිව්වා මේ බදු ප්‍රතිපත්තිය ඉතාම භායානකයි. ඉදිරියේදී ලංකාව වෙනිසියුලාව වගේ වෙන්න ඉඩ තියනවා කියලා. ඒකත් යම් ප්‍රමාණයකට සත්‍ය වෙලා තියනවා."

"හැබැයි තව එක දෙයක් කිව්වා ( විපක්ෂය දෙසට බලමින්) මේ ගොල්ලො කියන්නෙ නැති. මංගල මෙහෙම කිව්වා. 2020 වර්ෂයේ ඡන්දයෙන් පස්සෙ එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම අයින්වෙලා ගියා. දැනට ඉන්න ජනාධිපති තුමා (රනිල්) පැරදුනා. හැමෝම හිතුවා එතුමාගෙ දේශපාලන ජීවිතය ඉවරයි කියලා. "

“එතුමගෙන්( මංගලගෙන්) ඇහුවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන මොකක්ද කියන්න තියෙන්නෙ කියලා. මගංල නොකියා කිව්වා "ලංකාවෙ මිනිස්සු දැනගනී කවද හරි ලංකාවෙ සිටිය යුතුව තිබූ ජනාධිපති කෙනෙක් කවදාවත් ජනාධිපති නොවුණු" කියලා.

නමුත් දෛවයේ හාස්කමකින් හෝ කවදාවත් ජනාධිපති නොවෙයි කියලා හිතපු ඒ ජනාධිපති තුමා අද ජනාධිපති වෙලා තියනවා. මතක තියාගන්න ඒ වෙලා තියෙන්නේ එතුමාට මේ අවස්ථාවේ ඒ අභියෝගය භාරගන්න හැකි හින්දා. ඒ අභියෝගය තුළ මේ රටේ හැරවුම් ලක්ෂය තීරණය වෙනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us