subash

subash


සේවා ස්ථාන 27,000කට අධික සංඛ්‍යාවක් සහිත දැවැන්ත චීන තෙල් සමාගමක් වන සිනොපෙක් (Sinopec) සමාගම, ශ්‍රී ලංකාවේ ආහාරපාන නිෂ්පාදන එරටට ආනයනය කිරීම සහ එම නිෂ්පාදන සිය වෙළඳසැල්වල අලෙවි කිරීම සඳහා වන සූදානමින් පසුවන බව පවසයි.

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධන කටයුතු ජපානය වෙත භාරදීමට යෝජනා කෙරී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

සටන් බිමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතින්නේ යුද පසුබිම තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් සහ සාර්ථකත්වය හඹා යාමට තරම් නිර්භීත නායකයා මත බව ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න පැවසීය.

දෙදහසකට වැඩි මගීන් සංඛ්‍යාවක් සහ 900 ක කාර්ය මණ්ඩලයක් සමඟින් ‘Mein Schiff 5’ අධිසුඛෝපභෝගී මගී නෞකාව අද (29) පෙරවරුවේ දී කොළඹ වරායට සේන්දු වී තිබේ.

Mein Schiff 5 යනු ජර්මනියේ TUI cruises සමාගමට අයත් මගී නෞකාවකි.

ඇත්ත යටගොස් ගොමරිටි තටු ලබන මේ කාලයේ ඇත්ත හංගලා බොරුවට තටු දෙන එක මහලොකු දෙයක් නෙවෙයි. මේ කතාව මතක් වුනේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාෆි නගර ග්‍රාමසේවා වසමේ වැලි කැනීමක් ගැන මාධ්‍ය වාර්තා කිහිපයක් ගැන අවධානය යොමුවුණා නිසා.

2023 යනු ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සර වසරයි. වන ලබන වසර තුළ දෙමළ නායකයන් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ දේශපාලන ධාරාව තරමක සැකයකින් යුතුව ප්‍රතිචාර දක්වා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශයට පිලිතුරක් ලෙස සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කර තිබේ. මේ නිවේදනයෙන් පැහැදිලි කරන්න යත්නදරන්නේ කුමක්ද යන්න එතරම් පැහැදිලි නැත.

ලංකාව තුළ ඩින්ඩියන් පන්නයේ පාලනයක් සඳහා තමන් කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

සියලු දේශපාලන පක්ෂ එකඟව බලය බෙදීමට එකඟතාවයකට පැමිණීම සදහා වන සාකච්ඡාවක් පැවැත්වීම සදහා දින නියම විය. මෙම සාකච්ඡාව එළඹෙන දෙසැම්බර් මාසයේ 08 - 09 -10 දින හැර පසු දිනයන්හි සිදුකිරීමට කාලය වෙන් කිරීම සදහා පක්ෂ නියෝජිතයින් අද පාර්ලිමේන්තුවේදී එකඟතාවයකට පැමිණියේය. දෙමළ ජාතික සන්ධානයේ එන්. සුමන්තිරන් දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු ගැන මතු කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා බලය බෙදීම සඳහා වන සිය කැමැත්ත ප්‍රකාශ කළේය.

වර්තමානයේ රට තුළ බරපතල ආර්ථික ප්‍රශ්නයක් ඇති බවත් එය විසඳන තුරු පාර්ලිමේන්තුව විසුරුවීමට තමන් කටයුතු නොකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ අදහස් පැවසුවේ අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමිනි.

Connet With Us