ජාතික ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා නව ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්තියක්

Published in පුවත්
Monday, 05 December 2022 20:58

සටන් බිමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතින්නේ යුද පසුබිම තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් සහ සාර්ථකත්වය හඹා යාමට තරම් නිර්භීත නායකයා මත බව ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න පැවසීය.

නිළධාරියෙකුට වෘත්තීයභාවය හා බද්ධ වූ බුද්ධිය සහ දැනුම ප්‍රමුඛස්ථානයක් ලෙස සලකනු ලබන්නේ එය සටනක අවසාන තත්වය තීරණය කරන බැවින් අපගේ හමුදාවන් අනාගතයේදී මුහුණ දෙන අභියෝගවලදී ඔවුන් මෙහෙය වීමට ඉහළ සුදුසුකම් ලත් දක්ෂ හා වෘත්තීය නිලධාරීන්ගේ දැඩි අවශ්‍යතාවයක් ඇති බව ජෙනරල් ගුණරත්න සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 16 ශිෂ්‍ය නිලධාරීන් ආමන්ත්‍රණය කිරීම සඳහා අණ හා මාණ්ඩලික විද්‍යාල ශ්‍රවණාගාරයේදී ආරාධිත දේශකයා ලෙස අද (දෙසැම්බර් 05) සහභාගී වූ අවස්ථාවේදී ය.

ලෝව පුරා පිහිටි හමුදා විද්‍යාලවල නායකත්ව සහ කළමනාකරණ පාඨමාලා අතර අණ හා මාණ්ඩලික පාඨමාලාවට ඉහල පිළිගැනීමක් ඇති බව ද ඔහු පැවසීය.

හමුදාවට අදාල සෑම ක්‍ෂේත්‍රයකම කාර්යයන් ඉටු කිරීමට හමුදා නායකයින් බැඳී සිටින බව සඳහන් කළ ආරක්‍ෂක ලේකම්වරයා, මිනිසා විසින් ඇතිකරන හෝ ස්වාභාවික තර්ජනයකින් රටේ ජනතාව ආරක්‍ෂා කිරීමට නිලධාරියෙකු නායකත්වය දෙනු ඇතැයි රජය අපේක්‍ෂා කරන බව ද පැවසීය.

රට සඳහා ශක්තිමත් ආරක්‍ෂක යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිළිබඳව වැඩිදුරටත් සඳහන් කළ ඔහු, වසර දෙකකට පෙර කෙටුම්පත් කරන ලද දැනට පවතින ‘ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය’ සමාලෝචනය කිරීමට රජය අවශ්‍ය පියවර ගෙන ඇති බව අනාවරණය කළේය. සංශෝධිත ‘ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති සහ උපායමාර්ග’ ශ්‍රී ලංකාවට බලපාන පුළුල් ආරක්‍ෂක ගැටලුවලට විසඳුම් ලබා දෙමින් අනාගතවාදී සහ විස්තීර්ණ ආකාරයෙන් ජාතික ආරක්‍ෂක යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට නව ජවයක් ලබා දෙන බව ද ඔහු සඳහන් කළේය.

තර්ජන අවම කිරීමට සහ සුරක්ෂිත සහ සමෘද්ධිමත් රටක් සහතික කිරීමට ක්‍රියාශීලී ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ආරක්‍ෂක යාන්ත්‍රණයට පැහැදිලි සහ සංක්‍ෂිප්ත රාමුවක් එමඟින් සපයනු ඇති බව ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

පාඨමාලා විෂය මාලාව පවත්වාගෙන යන අතරම ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කීර්තිය සහ සාරධර්ම ආරක්‍ෂා කිරීමට දරන ලද නොසැලෙන උත්සාහය පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ඇතුළු කාර්ය මණ්ඩලය ද ඇගයීමට ලක් කළේය.
දේශනය අවසානයේදී සියලුම ශිෂ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ඔහු සුබ පැතුම් එක් කළේය.

ආරාධිත දේශකයා ගේ සංචාරය සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම් සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ලසන්ත රුද්‍රිගු අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. ආරක්‍ෂක ලේකම් විසින් රචිත “රණමඟ ඔස්සේ නන්දිකඩාල්” ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනයක් ජෙනරල් ගුණරත්න විසින් මෙම සැසියේදී විද්‍යාලය වෙත පිළිගැන්වීය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, ත්‍රිවිධ හමුදා අංශවල ප්‍රධාන උපදේශකවරුන්, පීඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශීය හමුදා සිසුන් ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

armyarmy1army2kamal

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us