කොළඹ වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය, ජපානයට Featured

Published in පුවත්
Tuesday, 06 December 2022 10:35

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධන කටයුතු ජපානය වෙත භාරදීමට යෝජනා කෙරී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

ඊයේ සන්ධ්‍යාවේදී ආරම්භ වුණු ලංකා වාණිජමණ්ඩලය මගින් සංවිධානය කරන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව (Sri Lanka Economic Summit) අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ජනපතිවරයා මේ බව පවසා තිබේ.

මීට පෙර යහපාලන යුගයේදී ද මෙම නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතු ජපාන, ඉන්දියානු සහ ශ්‍රී ලංකා ත්‍රෛපාර්ශ්වික හවුල් ගිවිසුමක් හරහා සිදු කිරීමට යෝජනා වී තිබුණි. එම යෝජනාව ගෝඨාභය පාලන සමයේදී ක්‍රියාත්මක කිරීමට යෑමේදී වරායවෘත්තීය සමිති සහ ජවිපෙ වැනි දේශපාලන පක්ෂ මගින් එල්ලවූ විරෝධයට බියවී ගෝඨාභය ජනාධිපතිවරයා එය අවලංගු කර එම පර්යන්තයේ ඉදිකිරිම් වරාය අධිකාරිය වෙත ලබාදීම සිදුවිය. එහෙත් වරාය අධිකාරියට හෝ රජයට ඩොලර් මිලියන 600 ක පමණ එම මහාපරිමාණ සංවර්ධන කටයුත්ත කිරීම වෙනුවෙන් පිරිවැය දැරීමේ හැකියාවක් නොතිබිණි.

“අපිට මේ පර්යන්තය සංවර්ධනය කරන්න අවශ්‍ය නම් එය ජපානයට ලබා දිය යුතු වෙනවා. එතැනදී පළමු යෝජනාව ඉදිරිපත් වන්නේ ජපානයටයි. ඔවුන් ඊටකැමැත්තක් නොදැක්වුවහොත් වෙනත් රටක් වෙත යොමුවෙනවා.” යනුවෙන්ද ජනපතිවරයා මෙහිදී පවසා තිබේ.

මේ අතර කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් මේවනවිට ආරම්භ කෙරී ඇති අතර, ඉන්දියාවේ අදානි සමාගම, ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර ඇති කරගත් එකඟතාව යටතේ පිහිටුවාගත් සමාගමක් මගින් එම කටයුතු සිදු වෙයි.

පසුගියදා පැවැති ලලිත් ඇතුලත්මුදලි සමරු දේශනයේදී ජනාධිපතිවරයා නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා විදේශ අයෝජකයන් කැඳවන බව මුල් වරට ප්‍රකාශකර තිබිණි. එසේම එහිදී තවත් කරුණක් ආනාවරණය කරමින් පවසා සිටියේ උතුරු පර්යන්තය සංවර්ධනයද විදේශ ආයෝජකයන් වෙත ලබා දී ඒ ජා ඇල ප්‍රදේශය දක්වා පුළුල් කරන බවය. ඒ අනුව මෙම ආසියනු කලාපයේ පවතින විශාලම වරාය කොළඹ වරාය බවට පත් වන අතර කලාපයේ ප්‍රධානම ප්‍රතිඅපනයන වරාය කේන්ද්‍රස්ථානය කොළඹ වරාය බවටද පත් වෙනු ඇත.

ලෝකයේ පවතින ගැඹුරුම වරායන් කිහිපය අතරින් එකක් වන කොළඹ වරායට දැනට ලෝකයේ පවතිව විශාලතම නෞකාවට වුව ඇතුළු වීමේ හැකියාව පවතින නිසාත් ලෝකයේ කාර්ය බහුලම මුහුදු මාර්ගයෙහි පිහිටා තිබීමක් මත කොළඹ වරාය ප්‍රති අපනයන කටයුතුවල දී විශාල පහසුවක් වාසියක් කලාපයේ අනෙකුත් රාජ්‍යයන් වලට අත්පත්කර දෙන ස්ථානයකි. මේ හරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත පිම්මක් පැනීම නිතැතින්ම සිදු වෙනු ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us