අපේ කෑම, චීනයේ ආපනශාලා 27,000කට !

Published in පුවත්
Tuesday, 06 December 2022 11:10


සේවා ස්ථාන 27,000කට අධික සංඛ්‍යාවක් සහිත දැවැන්ත චීන තෙල් සමාගමක් වන සිනොපෙක් (Sinopec) සමාගම, ශ්‍රී ලංකාවේ ආහාරපාන නිෂ්පාදන එරටට ආනයනය කිරීම සහ එම නිෂ්පාදන සිය වෙළඳසැල්වල අලෙවි කිරීම සඳහා වන සූදානමින් පසුවන බව පවසයි.

ඒ සඳහා වන එකඟතාවක පිවිසීමක් පසුගියදා ෂැංහයි හිදී පැවති CIIE ප්‍රදර්ශනය අතරතුරදී සිදුව තිබේ. ඒ අනුව සිනොපෙක් සමාගම සහ සීමාසහිත බීජිං ශ්‍රී රෝඩ් කනෙක්ෂන් (Beijing Sri Road Connection) වෙළඳ සමාගම අතර මෙම ගිවිසුමට එළැඹ තිබේ.

සීමාසහිත බීජිං ශ්‍රී රෝඩ් කනෙක්ෂන් වෙළඳ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චිරංජය උඩුමුල්ලගේ මහතා සහ සිනොපෙක් සමාගමේ ජාත්‍යන්තර විකුණුම් කටයුතු පිළිබඳ නියෝජ්‍ය කළමනාකරු වන වන්ග් චියැන් මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූ හ.

මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 0.8ක් ඉක්මවන බව බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

5 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) 2022 නොවැම්බර් 5 සිට 10 යන දිනවල ෂැංහයි හිදී පැවැත්විණි. ආහාරපාන අංශය සහ මැණික් හා ස්වර්ණාභරණ අංශය ආදී වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටි දෙකක් මෙහි ඉදි කොට තිබුණි.

ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය සංවිධානය කිරීමේ කටයුතු, චීන – ශ්‍රී ලංකා වෙළෙඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය විසින් ස්වේච්ඡාවෙන් භාරගන්නා ලදී. මේ සඳහා තානාපති කාර්යාලයේ මෙන්ම එම සංගමයේ සාමාජික සමාගම්වල සහ අනෙකුත් අයගේ සහය ලබාගන්නා ලදී.

ශ්‍රී ලංකාව මෙම අවස්ථාවට සහභාගී වූ 5 වැනි අවස්ථාව මෙය විය. CIIE ප්‍රදර්ශනය සඳහා සහභාගී වූ සමාගම්, RMB 500,000 කට අධික දෛනික අලෙවි කටයුතු සහ 160 කට අධික වෙළඳ විමසීම් ප්‍රමාණයක් හිමි කරගනිමින් කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත් වූ බැවින්, මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වීම ඉතා සුවිශේෂී කර්තව්‍යයක් බව හඳුනාගත හැකි ය.

සිනොපෙක් සමාගම සහ බීජිං ශ්‍රී රෝඩ් සමාගම අතර අත්සන් තබන ලද ගිවිසුම මගින්, ශ්‍රී ලංකාවේ ආහාරපාන නිෂ්පාදන ලාභ උපයාගැනීමේ හැකියාව සහිත චීන වෙළඳපොළ තුළ තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා පහසුකම් සැලසෙනු ඇතැයි සඳහන් වෙයි.

ගෝලීය සමාගම්වලට ලෝකයේ විශාලතම පාරිභෝගික වෙළඳපොළ වන චීන වෙළෙඳපොළට ප්‍රවේශ වීම සඳහා අවස්ථාව සලසන චීනයේ විශාලතම වෙළඳ ප්‍රදර්ශනය වන්නේ CIIE ප්‍රදර්ශනය යි.

මෙම වසර ශ්‍රී ලංකාව සහ චීනය යන දෙරටටම ඉතා සුවිශේෂී සන්ධිස්ථානයක් වන බැවින්, සිනොපෙක් සමාගම සමඟ පවත්නා මෙම සබඳතාව සැබවින්ම සුවිශේෂී වේ. දෙරට අතර ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 65 ක් සපිරීමේ සංවත්සරය සහ රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය මෙම වසරේ දී සමරනු ලැබේ.

Leave a comment

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us