අරගල කරලා ආණ්ඩු පෙරළන්න ඉඩදෙන්නේ නෑ. ඩින්ඩියන් පාලනයකට ඉඩකුත් නෑ - ජනපති  

Published in පුවත්
Wednesday, 23 November 2022 13:43

ලංකාව තුළ ඩින්ඩියන් පන්නයේ පාලනයක් සඳහා තමන් කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

නැවත අරගල කරන්න ආවොත් හදිසි නීතිය සහ හමුදාව යොදවා එය කරන්නට ඉඩ දෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා අවධාරණය .

බලපත්‍රයක් අරගෙන පාර අවහිර වන්නේ නැති පරිදි විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත් ඊට ඉඩ දෙන්නේ නැති බව කීය.

එසේම මැයි 09දා සිට ජූලි 09දා දක්වා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත්ම අනුමත නොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. හොඳ හෝ නරක වේවා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්ව ඇත්තේ ජනතා ඡන්දයෙන් බවත්, ඔවුන් ඉවත් කළ යුත්තේ ද ඒ ක්‍රමයටම බවත් ජනාධිපතිවරයා පැවසීය.

තවද, 17, 19, 21 වැනි ව්‍යවස්ථා සංශෝධන හඳුන්වා දුන් තමන්ව හිට්ලර් කියා හඳුන්වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us