ජනපති බලය බෙදන්න කළ ඇරයුමට පාර්ලිමේන්තුව එකඟවෙයි.

Published in පුවත්
Wednesday, 23 November 2022 13:23

සියලු දේශපාලන පක්ෂ එකඟව බලය බෙදීමට එකඟතාවයකට පැමිණීම සදහා වන සාකච්ඡාවක් පැවැත්වීම සදහා දින නියම විය. මෙම සාකච්ඡාව එළඹෙන දෙසැම්බර් මාසයේ 08 - 09 -10 දින හැර පසු දිනයන්හි සිදුකිරීමට කාලය වෙන් කිරීම සදහා පක්ෂ නියෝජිතයින් අද පාර්ලිමේන්තුවේදී එකඟතාවයකට පැමිණියේය. දෙමළ ජාතික සන්ධානයේ එන්. සුමන්තිරන් දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු ගැන මතු කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා බලය බෙදීම සඳහා වන සිය කැමැත්ත ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා සිය පාර්ලිමේන්තු කථාව අතර තුරදී බලය බෙදීම සදහා යෝජනාවන් පිළිබද පාර්ලිමේන්තුවේ සියලු පක්ෂයන් සෘජුව නායකයන් අමතමින් කළ විමසීමකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , දෙමළ ජාතික සන්ධානයේ එන්. සුමන්තිරන්, සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මනෝ ගනේෂන් එකඟතාවයකට පැමිණි අතර මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයින්‌ගේ එකමුතුවෙන් බලය බෙදීම සදහා පොදු සම්මතයකට පැමිණිම විසින් පවතින දේශපාලනික අර්බුදයන්ට විසදුම් ගෙන ඒමට හැකි බවද ජනාධිපතිවරයා විසින් මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

මෙහිදී සජබයේ ලක්මන් කිරීඇල්ල මන්ත්‍රීවරයා සිය කැමැත්ත සෘජුව පැවැසූ අතර ඔහුද අනෙක් පක්ෂ නායකයන්ගෙන් බලය බෙදීම සඳහා ඇති කැමැත්ත විමසීම. විශේෂයෙන්ම 13 ප්ලස් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම ගැන ඔහු අවධාරණය කළේය.

මේ මොහොතේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු තිදෙනා සභාවේ සිටියේ නැත.

Last modified on Wednesday, 23 November 2022 13:27

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us