අපේ ප්‍රශ්න විසඳගන්න අපිට පුළුවන්

Published in පුවත්
Thursday, 10 November 2022 15:01

මෙරට තිබෙන ප්‍රශ්න මෙරට තුළම විසඳා ගැනීමට හැකියාව තිබෙන බවත්, ඒ සඳහා පිටස්තර කිසිවෙකු අතපෙවීමට නොපැමිණෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අද (10දා) විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මම සඳුදත්, අඟහරුවාදාත් පරිසර ඇමතිතුමා සමග කයිරෝ අගනුවර සම්මන්ත්‍රණයට සහභාගී වුණා. මේක වැදගත් රැස්වීමක්. 2015 රැස්වීමේදී විශේෂයෙන්ම අපි සහභාගී වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රශංසා කරන්න ඕනී 2015දී ඒ ගිවිසුමට එකඟ වුණා. ඒ වගේම විදුලි බලාගාර සීමා කරන්න එතුමා තීරණය කළා. අපි කොප් 27 සමුළුවට ගියාම අපි ප්‍රගතියක් අත්කරගෙන තිබුණේ නෑ. අපිට දිගටම මේ විදියට කටයුතු කරන්න බැහැ. බරපතල ගැටලු තිබෙනවා ලෝකය මුහුණ දෙන. එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා කළ කතාවට සවන් දුන්නොත් අවුරුදු 20-30ත් ඇතුලත මේ තත්ත්වය බරපතල වෙනවා. හිමාලය දිය වීම පාකිස්තානයට බලපානවා, ඉන්දියාවට බලපානවා, ඒ වගේම බංග්ලාදේශයටත් බලපානවා.

අපි මුහුණ දෙන්නේ මේ තර්ජනයකට. නමුත් මේකට ප්‍රතිචාරයක් අපි දකින්නේ නැහැ ප්‍රධාන රටවල් වලින්. අපි අභ්‍යන්තර සාකච්ඡා කළා මේකෙන් බේරෙන්න පුළුවන් ක්‍රම ගැන. ඉදිරියේදී අපි ජී 20 රටවල් සමග මේ පිළිබඳව බරපතලව සාකච්ඡා කරනවා. ඇතැම් අවස්ථාවන් වල අපිට නායකත්වය ගන්නත් වෙයි මේ සම්බන්ධයෙන්. ඊළග එක තමයි ආහාර සුරක්ෂිත භාවය. අපිට ලබන අවුරුද්දේ ඒ තරම් බරපතල තත්ත්වයක් එන්නේ නැතිවෙයි. ජීවත්වීම මූලිකම අයිතිවාසිකමක්.

උතුරේ ඉන්න ජනතාවගේ ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කරගෙන යනවා. දැනටම අත්අඩංගුවට ගෙන සිරගතව සිටි කිහිප දෙනෙක් අපි නිදහස් කරලා තිබෙනවා. තවත් අය ඉන්නවා නිදහස් කරන්න. ලේඛකයෙක් ඉන්නවා. ඒ ලේඛකයාගේ නඩුව දාලා, නඩුව අවසානයේ වැරදිකරුවෙක් වුනොත් එතුමාට සහය දෙන්න කටයුතු කරනවා. අපිට ඕනී මේ ප්‍රශ්නය විසඳන්න. ඊලගට අපි අතුරුදන් වූවන් ගැනත් අපි කතා කරමු. අපි හිතනවා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මේ ප්‍රශ්න විසඳන්න අපි සමග එකතු වෙයි කියලා. අපි බලන්න ඕනී අපේ 75වැනි සංවත්සරය එනකොට මේ ප්‍රශ්නය විසඳන්න. කාටවත් අවශ්‍ය නෑ මේ රටට ඇගිලි ගහන්න. අපිට පුලුවන් අපේ ප්‍රශ්න ටික විසඳගෙන ඉදිරියට යන්න. ඒක කරන්න තමයි අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ.

17වැනි සංශෝධනය සම්මත කර ගත්තේ ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම එකතුවෙලා. 19වැනි සංශෝධනයත් එහෙමයි. දැන් 21දී කරලා තියෙන්නෙත් ඒක. විශේෂයෙන්ම ව්‍යවස්ථා දායක සභාව ඇති කරන්න. පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්තටම ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අර සිවිල් සංවිධානයේ තුන්දෙනා පත් කරන්නේ විපක්ෂනායකතුමයි අගමැතිතුමයි එකතුවෙලා. ඒක සහතික කරන්නේ කථානායකතුමා. කොහොමද පාර්ලිමේන්තුවේ ඒක ප්‍රතික්ෂේප කරන්නේ? එහෙම කරනවා නම් අගමැතිතුමාට ආණ්ඩු පක්ෂයේ සහයෝගය නෑ, විපක්ෂනායකතුමාට විපක්ෂයේ සහයෝගය නෑ, කථානායකතුමාට දෙපැත්තේම නෑ. තුන්දෙනාම ඉල්ලා අස්වෙන්න තියෙනවා' යනුවෙන් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us